රෝගාතුරව සිටි ගවයෙකුට ප්‍රතිකාර දීමට ආ හොර පශු වෛද්‍යවරයෙකු අත්අඩංගුවට…

June 14, 2021 at 7:18 pm | lanka C news
රෝගාතුරව සිටි ගවයෙකුට ප්‍රතිකාර දීමට ආ හොර පශු වෛද්‍යවරයෙකු අත්අඩංගුවට…

පනවා ඇති සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් රෝගාතුරව සිටි ගවයෙකුට ප්‍රතිකාර ලබා දිමට පැමිණි පශු වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත මැද කොටසේ රෝගාතුරව සිටි ගවයෙකුට එන්නතක් ලබාදිමට හැටන් කොටගල ප්‍රදේශයේ සිට පශු වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටින පුද්ගලයෙකු පැමිණ ඇති බවට බගවන්තලාව පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තේ වතු ආශ්‍රිත ගවයන් ඇති කරන ගොවියන් වෙත ගොස් ගවයන්ට ප්‍රතිකාර ලබා දි මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු බවත්, සැකකරු වෘත්තියෙන් පශු වෛද්‍යවරයෙකු නොවන බවද කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හැර ඇති අතර සැකකරුට එරෙහිව සංචරණ සිමා නිතිය උල්ලංඝන කිරිමේ චෝදනාව යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,367 views

4 Comments to “රෝගාතුරව සිටි ගවයෙකුට ප්‍රතිකාර දීමට ආ හොර පශු වෛද්‍යවරයෙකු අත්අඩංගුවට…”

  1. Silva says:

    මේවා තමා ප්‍රධාන ප්‍රවෘත්ති .

  2. sana says:

    Samahara wita a minissunta kiri tikak wikuna ganna inna gawaya wenna athi…mokaa hari awith behethak dunna ekada methana warada?miliyana gananak rata pura awidinawa…ewa penne na unta.

    • nimalsiri says:

      okanewei yako eththa siddhiya sana. pashu vaidhya vidihata wesvalaagena aawe hattonwala hotalayak pavath
      waagena yana muslim hambayekge puthaaya. horen harak marala ho panapitin mohu colombata mema harak
      dakkaagena gihin, * 5 hotelwalata mas vikunalaa hondata salli hambakorana ekek.

  3. සාධාරණ සමාජයක් උදෙසා! says:

    මහ ඒකා ගේ වැඩ අනුවයි පොඩි උන් කරන්නේ. මේකේ වැරැද්දක් නෑ. ඒ සතාට දෙන්න ඕන බෙහෙත ඒ මිනිහා දන්නවා ඇති.