රෝගින්‍යා සරණාගතයින් වැටලූ අය අත්අඩංගුවට..

September 28, 2017 at 8:40 am | lanka C news
රෝගින්‍යා සරණාගතයින් වැටලූ අය අත්අඩංගුවට..

මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් ගල්තිස්ස ප‍්‍රදේශයේ රදවා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන යටකේ බවත් එම ස්ථාවයට කඩා වැද පහරදුන් අය අත්අඩංගුවට ගත යුතු බවත් සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මිනිසුන් පිරිසකට මේ ආකාරයට පහර දීම බුද්ධ දර්ශණයේ කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවද සදහන් කල ඔහු මෙම පහර දීම බලා සිටි ‍පොලිස් නිලධාරීන් එරෙහිවද ක‍්‍රියාමාර්ග ගත යුතු බව කියා සිටියේය.

මේ අතර එම සිදුවීමට මැදිහත් වී කලහකාරීව හැසිරුනු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා පරීක්‍ෂණ අරඹා ඇති බව පොලීසිය සදහන් කරයි.

23 views