රෝගීන්ට හොදින් කතා කිරීම දොස්තරලා අමතක කර තිබෙනවා..

September 22, 2016 at 8:02 am | lanka C news
රෝගීන්ට හොදින් කතා කිරීම දොස්තරලා අමතක කර තිබෙනවා..

සෞඛ්‍ය සේවාව තුල වෘත්තීය සමිති අරගල නතර කිරීමට තමන් කටයුතු කර තිබෙන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කියයි.

බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේ පැවැති සුව සේවා පත්වීම් ලිපි ප‍්‍රදානෝත්සවයකට පස්වරුෙවි එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී හෙද හෙදියන් 120 කට, අතුරු වෛද්‍ය සේවා 226 කට සහ උපාධිධාරී හෙද පුහුණුව සදහා බදවා ගත් 287 කට පත්වීම් ලිපි පිරිනමන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා

‘ලංකාෙවි නොයෙකුත් සේවාවන් තිබෙනවා. එම සේවාවන් අතුරෙන් සෞඛ්‍ය සේවාව සුවිශේෂයි. එය වෘත්තීයක් පමණක් නොවෙයි. රෝගීන් සහ රෝග තිබෙන තුරු සෞඛ්‍ය සේවකයින්ගේ රැකියාව රදා පවතිනවා. මොන බලෙවිගයකින් හෝ රෝග වැළදීම නතර වුවහොත් රැකියාවත් අවසන් වෙනවා. එම නිසා රෝගීන්ට උපරිම සේවාව සළසන්න. මුල්ම ප‍්‍රතිකාරය තමයි රෝගීන්ට හොදින් කථා කිරීම. අපේ ඇතැම් වෛද්‍යවරුන්ටත් එය අමතකව තිබෙනවා. සෞඛ්‍ය සේවාෙවි අවධානම වැඩියි. නමුත් දීමනා සහ වරප‍්‍රසාද රැසක් හිමිවෙනවා. ඊටත් වඩා පිං ලැබෙනවා. රෝගියෙකු සුවපත් වූ පසු ප‍්‍රාර්ථනාවන් සිදු කරනවා. දෙවියන් යැදලා වැඩක් නැහැ. රාජකාරිය දේව කාරියක් ලෙස සළකා කටයුතු කරන සේවයකයින් ස්වභාව ධර්මය පවා ආරක්ෂා කරනවා.

සෞඛ්‍ය සේවාව තුල වෘත්තීය සමිති රැසක් තිබෙනවා. සේවකයින්ට අවශ්‍ය පරිදි වෘත්තීය සමිතියක් තෝරාගත හැකියි. හැබැයි ස්ථාන මාරු ලබාගැනීමට දේශපාලනඥයින් පිටුපස ගොස් ලිපි රැගෙන මා හමුවෙන්න එන්න එපා. එවැනි ලිපි වලට ප‍්‍රතිචාර දක්වන්න මම සුදානම් නැහැ. වෘත්තීය සමිති නායකයින් මා සමග ඔබලාගේ ඉල්ලීම් වෙනුවෙන් කථා කරනවා. එම ඉල්ලීම් හැකි පමණින් මා ලබාදෙනවා. වර්තමානයේ සෞඛ්‍ය සේවාව තුල වෘත්තීය සමිති අරගල අඩුයි. පසුගිය කාල පරිචිඡේදය තුළ වෘත්තීය සමිති පුරුදු වෙලා හිටියේ බහිනවා කියන්නයි. සෞඛ්‍ය සේවාව බහිනවා කිවුවාම නොබහින්න මම වැඩ කළා. වෘත්තීය සමිති නායකයින් ලබාදුන් ඉල්ලීම් මම ඉටු කර තිබෙනවා. වෘත්තීය සමිති රැස්වීම් වලදී ලබාදුන් නියෝග නිලධාරීන් ඉටු කරනවා ද කියා සොයා බලනවා. 21 වන ශත වර්ෂයේ සාකචිඡ මාර්ගයෙන් අපි ප‍්‍රශ්න විසදා ගත යුතුයි. ගහ මරා ගත්තා ඇති. සෞඛ්‍ය සේවාව තුල සෑම වෘත්තියකටම සේවක හිඟයක් තිබෙනවා. එම හිඟය අවම කිරිමට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. හෙද පීඨයක් ස්ථාපිත කෙරෙන අතර, පළමු අදියරේ දී ඊට වැය කරන මුදල රුපියල් මිලියන 25,000 ක්. අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් පුහුණූ කිරීම සදහා වෙනම පීඨයක් ස්ථාපිත කිරීමට මම රුහුණූ විශ්ව විද්‍යාලය සමග සාකචිඡ පවත්වා තිබෙනවා’

– නිපුන් ඒකනායක

15 views

6 Comments to “රෝගීන්ට හොදින් කතා කිරීම දොස්තරලා අමතක කර තිබෙනවා..”

  1. අලුත් විපක්‍ෂ නායක says:

    Amathi thumage kathawa 100 ta 200 k aththa…

  2. nima says:

    ministers forget yahapalanaya ………

  3. nilantha says:

    දොස්තරලා කතා කරන විදිය ගැන ඒ ගොල්ලොයි එයාලගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුයි බලා ගනීවි. ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා උඹේ ඔය වාචාල කාණු කට හදා ගනින්.

  4. sam says:

    A person who knows how to speak talking … it is hilarious one remembers about the prawn head

  5. ගමරාළ says:

    හැබැයි දොස්තරලා නං අර සමහර දේශපාලඥයෝ වගේ උඹේ අම්මට………නැතුව මෙන්න මේ බේත් ටික බීපන් කියලා ලෙඩ්ඩුන්ට කියනවා අපි නං අහල නෑ…

Main News