රෝගීන් වෙනුවෙන් වන්නි යුද හමුදාවේ 300 ක් ලේ දන් දෙයි…

October 27, 2019 at 2:06 am | lanka C news
රෝගීන් වෙනුවෙන් වන්නි යුද හමුදාවේ 300 ක් ලේ දන් දෙයි…

වකුගඩු රෝගීන්ට සහ තැලසීමියා රෝගීන් වෙනුවෙන් හිගයක්ව පැවති ලේ වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය මගින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව, අනුරාධපුර, පොලොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රීක්කයන්හි රෝහල් මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි   21 වන සේනාංකයේ සංවිධානයෙන් ජාතික රුධිර පාරවිලයන ඒකකයන්හි වෛද්‍යවරුන්ගේ හා කාර්යා මණ්ඩලයේද සහභාගීත්වයෙන් අනුරාධපුර මහරෝහලේදී මෙම ලේදන් දීමේ වැඩසටහන පැවත්වුණි.

මෙම ලේ දන්දීමේ අවස්ථාවට යුද හමුදාවේ නිලධාරීන් ඇතුලු සෙබලුන් 300 කට ආසන්න පිරිසක් ලේ දන්දීම සිදු කල අතර එම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික බ්‍රිෙග්ඩියර්  හරේන්ද්‍ර රණසිංහ, කර්නල් ජයන්ත රන්දෙනිය යන නිලධාරීන්ද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44 views
Main News