රෝගීන් 10,000 පැන්නා.. කොරෝනාවෙන් ලංකාව අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා..- සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක

November 1, 2020 at 3:00 pm | lanka C news
රෝගීන් 10,000 පැන්නා.. කොරෝනාවෙන් ලංකාව අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා..- සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ නිසා ජනතාවට ඉහළ වගකීමක් ඇති බවත් ජනතාව උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ බවත් ඔහු පවසයි.

දැනට අක‍්‍රිය වී ඇති මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය හෙට දිනයේ සිට නැවත ක‍්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.

52,251 views

5 Comments to “රෝගීන් 10,000 පැන්නා.. කොරෝනාවෙන් ලංකාව අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා..- සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක”

  1. S.Vitharana says:

    හා. හාා! පවිත්‍රා නෝනෙට ඇහුනොත් ඉවරයි Doctor,

  2. Please get Help from Traditional Local Medicine system and request to all the Sri Lankans to do Steaming with Natural Lemon / Pawatta Leaves for the next two weeks at once.

    Save us and this is your duty and the responsibility, since you learned from people’s tax money. Do not wait until WHO telling you to do so.

  3. ත්‍රීවීල් says:

    ඩොක්ටර් කියන්න කලිං චීනෙ අපිට කිව්වා ඔය ගැන

  4. fe says:

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකගේ කාර්යභාරය නැවත සමාලෝචනය කල යුතුය. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වසංගත රෝග විද්‍යායතනය, කොරෝනා පැතිරීම වැලැත්වීම සදහා පිහිටුවා ඇති ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එකාබද්ධව සාමුහිකව ප්‍රකාශ නිකුත් කිරීම මගින් වගවීම සුදුසුය.

  5. කඩවත වීරමුණි says:

    10000 පනිනකම් ඉඳලා දැන් බයිලා ගහනවා. තාම සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා තමා පවිත්‍රා නෝනා කියන්නේ. හැබැයි විස්ස සම්මත කරා විතරයි කොරෝනා වැඩි උනා එක පාරට ම. මම හිතන්නේ මේක ජවිපෙ සැලසුම් සහගත ලෙස රජය අපහසු තවයට පත් කරන්න ගත් උත්සාහයක්. සියලුම කොරෝනා ආසාධිත රෝගින්ගේ දේශපාලනමය මතය තහවුරු කරගන්න ඕන.