රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

November 10, 2019 at 8:02 am | lanka C news
රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

රාජගිරිය රෝයල් පාක් මනුෂ්‍ය ඝාතන සිද්ධියේ ජීවිතාන්තය දක්වා සිරදඞුවම් ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී හට ජනාධිපති සමාව හිමිව ඇත.

මීට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමා වෙත යොමුකර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔහු රදවා සිටින කුරුවිට බන්ධනාගාර නිලධාරින් වෙත දැනුම් දී ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

2005 වසරේ ජුනි මස 30 වැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව මෙම විත්තිකරු එම වසරේදීම අත්අඩංගුවට ගත්තේය.

කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වසරේ දී ජුඩ් ශ්‍රමන්ත ඇන්තනීට වසර 12ක සිරදඬුවමක් නියම කෙරුණි.

කෙසේවෙතත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනාධිකරණයෙන් පසුව එම වසරේදීම ඔහුට මරණ දඬුවම හිමි වු අතර ඊට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදි නැවත වරක් විත්තිකරුට මරණ දඬුවම ස්ථිර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද 2014 තීනිදුවක් ලබාදෙනු ලැබුවේය.

මේ අතර පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ජුඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ හට ජනාධිපති සමාව ලබාදීම පිළිබද සලකා බලන බවයි.

කෙසේවෙතත් එම ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ ප්‍රබල දැඩි කතහබක් ද ඇති වුණි.

– adaderana

331 views

18 Comments to “රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..”

  1. මඩයා says:

    ඔය හිටපු ගමන් දැනෙන මහා කරුණාව ඉතාමත්ම සැක සහිතයි. උං විශාල ධනවතුන්. මොකක්ද දීල තියෙන පිළිගත හැකි හේතුව. එහෙමනම් තවත් ඔය වගේ නිදහස් කරන්න අයඕන තරම් ඇතිනෙ.? මෙයාට විතරක් මහා කරුණාවක්? ගෙදර යන ගමන්…………

  2. saman says:

    නොදකින්

  3. Sunil J Dahanayake says:

    This bastard is a double standard Paraya. He released this cruel murderer.

    They might have given him a huge bribe.

  4. සරා says:

    යහපාලනය ‌ෙගෙන එනබව පවසමින් ලක්ෂ 62ක් ඡන්ද දිලා පත්කර ගත්ත පුද්ගලයා ‌ෙකොහොමද?2015දි රටෙි පරිවර්තනයක් කරන බවට වහසිබස් ‌ෙදෙඩවු උගත්තු අද ‌ෙමොකද කියන්නේ.සිරිසේන තාම පාලනය කරන්නේ ලක්ෂ 62 ජනවරමින් තමයි.‌ෙමෙි උගත්තු නැවත ජනතාව ‌ෙගොනාට ඇන්දවීමට ‌ෙමෙි ‌ෙමොහොතෙත් ‌ෙබොරු කියමින් තමයි ඉන්නේ.

  5. Gune says:

    This is a very low grade act. Think about the mental agony of the victims family.

    Sirisena s brother Dudly s son is married to this accused father”s second marriage wife’s brothers daughter.This third grade deal is a result of this relationship.

    This cunning uneducated President is behaving as he has just arrived from the heaven but see the work of this man.

  6. වෙබ් බුවා says:

    මේක පිටිපස්සෙ මොකක් හරි සින්දගී එකක් තියෙනව වගේ

Main News