රෝසිගේ නිල නිවස අලුත්වැඩියාවට මසකට ලක්‍ෂ තුනක්… නිල කාර්යාලයේ ඉපැරණි කිරිගරුඩ පිලිමය අතුරුදන්..

August 25, 2018 at 1:20 pm | lanka C news
රෝසිගේ නිල නිවස අලුත්වැඩියාවට මසකට ලක්‍ෂ තුනක්… නිල කාර්යාලයේ ඉපැරණි කිරිගරුඩ පිලිමය අතුරුදන්..

කොළඹ නගර සභාවේ නගරාධිපති ගිහින් රෝසි සේනානායක මහත්මියගේ නිළනිවසේ පවිත‍්‍රතා කටයුතු වෙනුවෙන් මසකට ලක්ෂ තුනක පිරිවැයක් අනුමත කිරීමට නගර සභාව ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ශ්‍යාමලි ගෝණවල මහත්මිය පවසයි.

ඊයේ දිනයේ කොළඹ නගර සභාව රැස්වූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්යයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

එමෙන්ම ජනාධිපතිනියගේ නිල කාමරයේ තිබුණේ ඉපැරණි කිරිගරුඩ පිළිමය ද අතුරුදන් වී ඇතැයි කී ඇය මේ වන තෙක් එය සොයාගැනීමට නොහැකි වී ඇතැයිද කියා සිටියාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මහින්ද කහදගම මහතා කියා සිටියේ රෝසි සේනානායක මහත්මිය ආ සැනින්ලක්ෂ 57 ක් වැය කරමින් තම වැසිකිලිය අලුත්වැඩියා කර ගැනීම බවත් එසේ වුවද නගර සභාවේ ආරක්ෂක අංශය තවදුරටත් මුත්‍රා කරන්නේ නගර සභා ගොඩනැගිල්ලට බවත්ය.

132 views
Main News