රෝසිට නගරාධිපති නිල නිවසේ වැසිකිලිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්‍ෂ 57ක්)…

May 16, 2018 at 10:15 pm | lanka C news
රෝසිට නගරාධිපති නිල නිවසේ වැසිකිලිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්‍ෂ 57ක්)…

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.

මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

– ada

69 views

30 Comments to “රෝසිට නගරාධිපති නිල නිවසේ වැසිකිලිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්‍ෂ 57ක්)…”

  1. daminda says:

    kunu kaya wenuwenn karana kunu wada…….

  2. chris says:

    මුන්ට පුලුවන්නෙ පිටකොටුවේ බස් නැවතුම් පලේ වැසිකිලිය පාවිච්චි කරන්න.

  3. nihal says:

    ඉසුඹු ලත් වෙසඟනක්

  4. අනාචාර්ය විජේසූරිය says:

    කෝ මේ දූෂණ විරෝධී නඩය?

  5. Hewage says:

    Her qualification not even A/L. See the way they robbed poor tax payers money. Ranil must responsible all these wastages.

  6. Tax Officer says:

    What a waste of poor taxpayers’ hard-earned money?

  7. ExUNPer says:

    Request from a poor villager:
    Poor villagers who come to Colombo far away often look for a toilet.
    Can you approve one extra million to create a few public toilets!

  8. dula says:

    මුන් එන්නේ ජනතාවට සේවය කරන්න කියලා ….. කොළඹ පැල්පත් වාසින් , දුප්පතුන් ගැන කතා කරන්නේ ඇස්වල කඳුළු පුරවාගෙන. චන්ද කාලේ මුඩුක්කු ගානේ දුවන්නේ බලයට ආවම දිව්‍යලෝක මවලා දෙන්න … එත් වැසිකිළියක් අලුත්වැඩියා කරන්න ලක්ෂා 51 වැයකරනවා … මුසාමිල් ගේ බෙට්ට වැටිච්ච වැසිකිළියේ ඉඳගෙන වැඩේ කරගන්න බැරි තරම් උද්දච්චකමක් තියාගෙන පිඩිත ජනතාවට සේවය කරන්න කතා කරනවා… ජාති, කුල. ආගම්, පංති බේදයෙන් තොරව සමස්ථ ජනතාවම මේ වගේ නාස්තිකාර වැඩ හෙලා දකින්න ඕනේ.

  9. ජනතා says:

    ජනතා මුදල් නාස්තිය නවතනු.

  10. Mama says says:

    Roshi has a Restaurant close to the previous Canadian embassy. There are many bathrooms and have beds in the bath room. One day I went to eat then I use her Bath room.

Main News