රෝසිට වාහනයක් කුලියට ගන්න මාසිකව ලක්‍ෂ පහක්.. යෝජනාව සම්මතයි…

December 30, 2021 at 9:20 am | lanka C news
රෝසිට වාහනයක් කුලියට ගන්න මාසිකව ලක්‍ෂ පහක්.. යෝජනාව සම්මතයි…

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට වාහනයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව වෙන්කිරීමට නගර සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඇය මෙතෙක් භාවිතා කළ නිල රථය අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති නිසා මෙලෙස වෙනත් වාහනයක් කුලියට ගැනීම සිදුවන බවට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් නගරාධිපතිනිය සඳහන් කළාය.

ඊට විරෝධය පල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වියදම් අවම කිරීමේ අවශ්‍යතාවයක් ඇති අවස්ථාවක මෙවන් අධික මිල ගණන් වලට වාහන කුලියට ගැනීම අනුමත කළ නොහැකි බවයි.

තමන්ද එම විරෝධය පිළි ගන්නා බවත් අකමැත්තෙන් වුවද විකල්පයක් නොමැති නිසා එසේ කරන්නට සිදුවී ඇති බවද රෝසි සේනානායක මහත්මිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.

53,176 views

34 Comments to “රෝසිට වාහනයක් කුලියට ගන්න මාසිකව ලක්‍ෂ පහක්.. යෝජනාව සම්මතයි…”

  1. Saradiel says:

    මුන් මැරෙනකොට පනුවෝ ගහලා මැරෙන්නේ මේ රටට කරන අපරාද වලට.

  2. mali says:

    if she does not have a vehicle she can stay at home do every function using zoom meeting . She does not need to come to the council meeting even she comes what fruitful decisions she had been taken for last years. We do not need these ministers or members we can run the institution with normal staff who do an excellent service to the country. These people try to thrive on those workers blood and sweat.

  3. Ranjith says:

    ඕවා මොනවද අර සරත් ෆොන්සේකා කෝටි 3 නේ කාර් එක මදි කිව්වා, පිටරට මිනිස්සු හිතයි කිව්වා මේ රටේ ඉන්නේ හිඟන්නෝ ඒක නිසා තමයි ෆීල්ඩ් මාර්ෂල් ට සවුත්තු වාහනයක් දීල තියෙන්නේ කියලා කෝටි 4 මාරක බෙන්ස් එකක් ගෙනාවේ. සිරිසේනය කෝටි 14ක්‌ කාර් 3කට. රන්ජන් ඩියුටි ෆ්‍රී වාහනේ විකුණලා කෝටි 3ක්‌ බදු සාක්කුවේ දාගත්ත. චමල්, ගම්මන්පිල, මහින්ද මේ ඔක්කොම ඒක කෙරුවා. අනුර කුමාරයා ශ්‍රී Lankan එකේ පලවෙනි පන්තියේ යන්නේ.ළමයි පිට රට ඉගෙන ගන්නේ. විජිත, ලාල් ඔක්කොම ජනතාවට ඇරියා.ළමයි පිට රට. ඒවාට විදේශ විනිමය ජනතාවගේ කර පිටින්.

    • aniwa says:

      “රන්ජන් ඩියුටි ෆ්‍රී වාහනේ විකුණලා කෝටි 3ක්‌ ‘බදු සාක්කුවේ’ දාගත්ත”
      පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මේ කාරණාව ?

  4. David Milli-banda says:

    Why can’t Municipal Council vote to purchase a vehicle??
    It is far worth the purchase as the Instalment can be paid in 8-10 months and the MC will own the vehicle thereafter.

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    උදේට කුණු ටැට්ටරේ ගිහින් රෝසිව පටවන් වරෙල්ලා,හවසට ඒකෙම ගිහින් බාපල්ලා.වැඩේ කම්මුතුයි.

  6. ගම්පහ මොළ බයියෙක් says:

Main News