රෝසි මුණගැහෙන්න එන නාගරික මන්ත‍්‍රිවරුන් පන්නා දමයි..

May 17, 2018 at 2:10 pm | lanka C news
රෝසි මුණගැහෙන්න එන නාගරික මන්ත‍්‍රිවරුන් පන්නා දමයි..

රෝසි සේනානායක කොළඹ නගරාධිපතිනිය මුණ ගැසීමට යන නාගරික මන්ත‍්‍රිවරුන් එලවා ගන්නා බවට සන්ධානයේ නාගරික මන්ත‍්‍රී සමන් අබේගුණරත්න මහතා චෝදනා කරයි.

මහජන ගැටළු සම්බන්ධයෙන් නගරාධිපතිනිය මුණ ගැසී සාකච්චා කිරීමට මහජන නියෝජිතයන්ට අවස්ථාවක් නැති බව ඔහු සදහන් කලේ කොළඹ නගර සභා සැසිය අමතමිනි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් රෝසි සේනානායක මහත්මිය කියා සිටියේ මන්ත‍්‍රීවරුන් 119 දෙනෙක් එකවර තමනට මුණ ගැසිය නොහැකි බවයි.

කලින් වෙලාවක් වෙන් කරවාගෙන මුණ ගැසෙන්න එන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

81 views

15 Comments to “රෝසි මුණගැහෙන්න එන නාගරික මන්ත‍්‍රිවරුන් පන්නා දමයි..”

  1. Saman says:

    මෙහෙම ගියොත් ග්‍රාමසේවක හම්බවෙන්නත් වෙලාවක් වෙන්කරගෙන තමයි යන්න වෙන්නේ. මම බස් රියදුරෙක් හැටියට ඇමෙරිකාවේ සේවය කරන්නේ. යකෝ මම නිව් යෝර්ක් වල නගරාධිපති හම්බවෙන්නවත් වෙලාවක් ගන්න වුනේ නැහැනේ. මෙහෙමත් සමාජ සේවිකාවන් ???? ගහලා පන්නන්න ඕනේ

  2. indunil says:

    57 lakshayae wesikili polimata wada manthiri polima digada.?

  3. රෝසිට පැනඩෝල් says:

    රෝසිට පැනඩෝල් නෙවෙයි බං රෝසිට පෙන මෝල් හය් කරපල්ලා.

Main News