රෝහලකදී ඔ්නෑම පුද්ගලයෙකුට අකටයුතුකමක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිකයන්ට හැකි බව මහජන මතයක් ගොඩ නැගිලා..

June 2, 2019 at 8:02 am | lanka C news
රෝහලකදී ඔ්නෑම පුද්ගලයෙකුට අකටයුතුකමක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිකයන්ට හැකි බව මහජන මතයක් ගොඩ නැගිලා..

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය විසින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීමය භාවිතය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදු කරනු ලැබූ සිසේරියන් සැත්කම් වලදී බරපතල වෘත්තීමය අවභාවිතාවන් සිදුකර ඇති බවට රටතුල විශාල විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙන නමුත් ඒ පිළිබඳව නිවැරදි වෘත්තීමය තහවුරුවක් ලබා දීමේ නිශ්චිත ක්‍රියාදාමයකට මෙතෙක් කිසිවෙකු හෝ අවතීර්ණ වී නොමැත.

උක්ත වෛද්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු වන බැවිනුත් මෙවැනි ගැටළුවක් වෘත්තීමය තත්වයන් තුල විසඳාගැනීම සඳහා නිශ්චිත නිර්ණායකයන් සපයා නොතිබීමත් හේතුවෙන් මෙය ජාතික ගැටළුවක් ලෙස වැඩිදියුණු වෙමින් පවතී.

එසේ වුවද මෙම ගැටළුවෙහි යතා ස්වරූපය සැළකිල්ලට ගැනීමේදී සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීමය භාවිතය පිළිබඳව බරපතල ප්‍රශ්ණාර්ථයක් මහජනතාව තුල නිර්මාණය කරන අතර රෝහලක් තුලදී ශල්‍ය කර්මයකට හෝ වෙනත් ප්‍රතිකාරයකට ලක්වන පුද්ගලයෙකු සඳහා ඕනෑම ආකාරයක අකටයුතුකමක් සිදුකිරීමේ හැකියාව සෞඛ්‍ය වෘත්තිකයෙකු සතුව ඇති බවට මහජන අවිශ්වාසයක් ගොඩනැඟීම බරපතල තත්වයකි.

කෙසේ නමුත් සියළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීමය භාවිතය හා සදාචාරාත්මක භාවිතය පිළිබඳව නිවැරදි නිර්ණානකයන් සැපයීම, කලින් කලට ඒවා පරීක්ෂාවට ලක් කිරීම, වැරදි භාවිතාවන් සඳහා දඩුවම් පැමිණවීම වැනි වෘත්තීමය පාලනයට අදාල කටයුතු සිදු කිරීමේ ස්වාධීන හැකියාව සහ වගකීම සහිත ආයතනය වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙවන් කටයුතු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකල යුතු බවත් විවිධාකාරයෙන් විමර්ෂණ සිදුකරන ආයතන සඳහා නිවැරදි නිර්ණායක සහ ක්‍රමවේදයන් සපයා දියයුතු බවත් අප විශ්වාස කරමු.

එසේම එවන් නිශ්චිත ක්‍රමවේදයන් හෝ නිර්ණායකයන් සපයා නොතිබීම හේතුවෙන් විවිධ ආයතන, පුද්ගලයන් හා ජනමාධ්‍ය වැනි විවිධ පාර්ශවයන් සඳහා තම තමන්ට අනන්‍ය පරීක්ෂාවන් සිදු කර ගැනීමට අනියම් අනුබලයක් ලබා දී ඇති බැවින් රටේ ජන මනස තුල ඉතා වැරදි සහගත මතයක් ස්ථාපිත වීමට ඉතා විශාල ඉඩකඩක් නිර්මාණය වී ඇති බවද පෙන්වා දෙමු.

උක්ත තත්වයක් සැළකිල්ලට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි චෝදනා ලැබූ වෛද්‍යවරයා විසින් සිදු කර ඇතැයි සැළකෙන වෘත්තීමය අවභාවිතාව පිළිබඳ පරීක්ෂාවට ලක් කිරීමේ නිවැරදි නිර්ණායකයන්ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

එසේම කිසිඳු භේදයකින් තොරව සියළු සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා මෙලෙස බරපතල වෘත්තීමය අවභාවිතාවක නියැලීමට හැකි පරිසරයක් සෞඛ්‍ය සේවාව තුල නොමැති බව තහවුරු කිරීම සඳහා කලින් කලට සිදු කෙරෙන විමර්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කරන ලෙසත්, තවද අදාල වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව පිළිබඳවද, එම චෝදනාව යම් ආකාරයකට තහවුරු වන්නේ නම් වසර ගණනාවක් තිස්සේ එම වරද නැවත නැවත සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දුන් පරිපාලන වගකිවයුත්තන් පිළිබඳවද රටට හෙලිදරව් කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට
විශ්වාසී
රවී කුමුදේශ්

12,011 Viewers

One Comment to “රෝහලකදී ඔ්නෑම පුද්ගලයෙකුට අකටයුතුකමක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිකයන්ට හැකි බව මහජන මතයක් ගොඩ නැගිලා..”

  1. සිංහලයා. says:

    රටේ ජනතාව කන බත් අටෙන් පවා බදු ගන්න මේ නපුන්සක ආණ්ඩුව විසින් සියලු රටේ මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍ය තාවයන් හරියාකාරව සම්පුර්ණ කරන තෙක් සහ කුනේගල දොස්තරය කල හෙන ගහන අපරාදයට ජනතාවට පිළිගත හැකි පිළිතුරක් ලැබෙන තුරු මුළු රටේම සිටින මුස්ලිම් වෛද්‍යවරු සහ මුස්ලිම් වෛද්‍ය පරියේෂණ ආයතන සියල්ල වර්ජනය කරමු.

Main News