රෝහල්වලට ඔක්සිජන් ටැංකි 21,000ක් ඉල්ලයි.. වහාම සිංගප්පූරුවෙන් ගෙන්වයි.. අවදානම තීව‍්‍රයි..

May 11, 2021 at 10:22 pm | lanka C news
රෝහල්වලට ඔක්සිජන් ටැංකි 21,000ක් ඉල්ලයි.. වහාම සිංගප්පූරුවෙන් ගෙන්වයි.. අවදානම තීව‍්‍රයි..

පවතින තත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔක්සිජන් සිලින්ඩර 21,000 ක් අමතරව අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකථනය කර ඇති අමතර ඔක්සිජන් සිලින්ඩර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි වේ.
I. ලීටර 4 කුඩා සිලින්ඩර 2,000
II. ලීටර 12 විශාල සිලින්ඩර 10,000
III. ලීටර 47 සිලින්ඩර 9,000

ඒ අනුව, අමතර සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොග වශයෙන් පවත්වාගන්නා ලෙස ගෑස් ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුදු අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා ඇති රජයේ පරිපාලිත සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත කාර්යසාධන බලකාය විසින් දැනුම් දී ඇත.

මේ වන විටත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම, සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත ය.

මීට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට සැපයීමට චීන රජයේ අවධානය යොමු වී ඇත.

‘හදිසි තත්ත්වයකදී කොවිඩ්- 19 රෝගීන්ට ලබාදීමට ඔක්සිජන් සිලින්ඩර සුරක්ෂිත තොගයක්, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු හෙවත් “වෙදකම” සෞඛ්‍ය අංශ විසින් සිදු කරන අතර, ඇඳන් පහසුකම්, ඔක්සිජන් සම්පාදනය වැනි “හෙදකම” ජනාධිපති කාර්යසාධන බලකායට’ පසුගියදා අරලියගහ මන්දිරයේදී කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සමඟ පැවැති රැස්වීමේදී කාර්යසාධන බලකායේ සභාපති, බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දැනට දිවයින තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සමාගම (Ceylon Oxygen Limited) හා ගෑස් වර්ල්ඩ් ලංකා ලිමිටඩ් සමාගම (Gas world Lanka Limited) විසින් අවශ්‍ය තරම් ඔක්සිජන් නිෂ්පාදනය ක‍රයි. දැනට සමහර රෝහල්වල මහා පරිමාණ ද්‍රව ඔක්සිජන් ටැංකි, ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර, ඇඳන් ආසන්නයේ වූ කුඩා පරිමාණ ඔක්සිජන් සාන්ද්‍රණාගාර ඇත. එහෙත්, විවිධ ප්‍රමාණයෙන් වූ වායු ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩිකිරීම යෝග්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

– midea unit

41,942 views

9 Comments to “රෝහල්වලට ඔක්සිජන් ටැංකි 21,000ක් ඉල්ලයි.. වහාම සිංගප්පූරුවෙන් ගෙන්වයි.. අවදානම තීව‍්‍රයි..”

  1. පුන්නක්කු කාපූනිසා ශාන්ත says:

    ඔක්සිජන් කන්න ද කියලා අහපු රටේ මෙච්චර් හදියක් වෙයි කියලා ලොකු ස හිතන්න නැතුව ඇති. තාම රිටාර්න් එක ආවේ සුළුවෙන්. ගස් කපාපු කැපිල්ල ට, අලි එළවපු මරපු මැරිල්ල ට , බොන්න වගා කරන්න තිබ්බ වතුර ටිකට කෙළපු කෙළවිල්ලට තාම සාපය ආවේ නැහැ. එනකොට තමයි උන් හිටි තැන් අමතක වෙලා තොල් වෙව්ලලා ඇඟ සීතල වෙන්නේ. එතකොට තටමලා කියන්නකෝ අපි තමා හොඳටම කරේ කියලා. විලි ලැජ්ජා වේ බැහැ මේකේ ඉන්නත් දැන්.

  2. raveendra says:

    Joke.. LPG Oxygen 2 different cases.. they should talk to ceylon gas or industrial gas…

  3. aniwa says:

    විනිවිද පෙනෙන ගනදෙනු නොවන බවට මෙන්න කැට
    රජ පවුලට සහ හිතවතුන්ට ඇති පදම් බදු මුදල් කොමිස් වශයෙන්
    ජය වේවා ස

  4. වෙල්ජෝන් says:

    ඔක්සිජන් මොනාටද කන්නද???

  5. ලාමාල් ඇල්ෆා says:

    එපා බාප්පේ අධිවේග ටික සහ ජිම් ටික හදලා ඉම්මු, ඒවායින් කොමිෂන් ජොලිනේ.

  6. කුඹුක්කණ් says:

    අපිට ඔක්සිජන් එපා හෙළ ඔසු ලබාදෙන්න. කොවිඩ් ජයගත හැක්කෙ හෙළ ඔසුවට පමණයි.

  7. janaka says:

    ක්ශණික මිලදී ගැනීම් තමා වටින්නෙ
    මේව ටෙන්ඩර් දාල කලින්ම ගෙනාවනම් පාඩුයි
    සර් දුර දිග බලල ගත් තීරනවලට ස්තුතියි

  8. kawinda says:

    China walin nomile oxygen ewanawa kiyala iiye ho pereda c news wala thibuna neda.? ehema nam ei thakahaniye singapore walin salli walata ganne.? deiyangenwath ahala balamu.

  9. Buruwa says:

    In a national emargency and a disaster many of our commentators go for jokes. Why do not your people take this problem seriously and make your suggestions. In the west it is called Brainstroming.

Main News