රෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්..

September 4, 2021 at 12:40 pm | lanka C news
රෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්..

දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය.

ඇතැම් හදුනා නොගත් මළ සිරුරු විවිධ අධිකරණ තීන්දු හේතුවෙන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අධිකරණ තීන්දු හේතුවෙන් එසේ ඉවත් කිරීමට නොහැකිවී ඇති හඳුනා නොගත් මළසිරුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඇමැතිවරයා උපදෙස්දී ඇත.

හඳුනා නොගත් මළ සිරුරු හේතුවෙන් බොහෝ රෝහල් මෘත ශරීරාගාරවල විශාල තදබදයක් මතුව ඇතැයි රෝහල් ප්‍රධානීහු පවසති.

මේ අතර රෝහල්වල අබලන් වී පවතින මෘත ශරීරාගාර වහාම පිළිසකර කිරීමට පියවර ගන්නැයිද රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

– lankadeepa

20,110 views

5 Comments to “රෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්..”

  1. Karunarathna says:

    ගොඩක් වෙද්දු පිස්සො කියලා දැන ගත්තෙ කොරෝනා ආවට පස්සෙ තමා.. මුන් ලෝකෙ හැමදේම දකින්නෙ උන්ගෙ කෝණයෙන්.. මාසෙ බදු මුදල් පඩියයි, ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකටයි අවුලක් නැති හින්දා මුන්ට අවුරුද්දක් වහල තිබ්බත් කමක් නැතුව ඇති.. කොණ්ඩෙ කපන මිනිහා, නාට්ටාමි, පදික වෙලෙන්දා, බිස්නස්කාරයො වගේ රටට ආදායම් උපදවන මිනිස්සු කන බොන හැටි ගැන උන්ට අදාලම නෑ..

  2. shanika says:

    අධිකරණ තීන්දු ඉක්මවා කටයුතු කරන්ඩ නිලධාරීන්ට හැකිද? ඇමතිවරයාට හැකිද?

  3. LalithM says:

    පින්තූර සහ ඩීඑන්ඒ සාම්පල අරන් ඕව ඉවත්කරන්න බැරිද.

  4. Power says:

    එන්නත් විදලා ලෝකයෙන්ම අංක 1 ලු නේද..🤣 එහෙනං ඇයි මේ රෝහල් වල මල සිරුරු ගොඩ ගැහිලා තියෙන්නෙ. එන්නත විද්දම නොමැරී ඉන්න පුළුවන් කියලා කියනවා නේද 🤣🤣 මෙතන එන්නත් විදපු මල සිරුරු එහෙම නැතුව ඇති නේද. 😂 (රටේ බූරූ පාලකයන්ගෙ අසාර්ථකකම නිසා මෙසේ මිය ගොස් සිටින සියළුම මිනිසුන්ට සුබ ගමන්)

  5. rata perata says:

    this guy is preairng for the death of people rather preventing it. very good planning Mr. definitely this the Capacity of your brain and thinking.