රෝහල්වල බෙහෙත් නෑ.. වාට්ටු පිරිලා.. රෝගීන් ඇදන් යටත් කොරිඩෝවේත්..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක

August 17, 2022 at 10:40 am | lanka C news
රෝහල්වල බෙහෙත් නෑ.. වාට්ටු පිරිලා.. රෝගීන් ඇදන් යටත් කොරිඩෝවේත්..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක

අද වන විට බොහෝ රෝහල් තුළ ඖෂධ වර්ග ඇත්තේ ම නැති තත්ත්වයට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි එහි.

සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ඌව පළාත් මහ රෝහල වන බදුල්ල මහ රෝහලේ ඖෂධ හිගය ඉතා දැඩිව බලපා ඇති බවයි.

මෙම තත්ත්වය මත රෝගීන්ට ඖෂධ නොමැතිවීමෙන් රෝහල් ගත වීම් ඉහල ගොස් ඇති බවත් රෝහල් වල ඉඩකඩ සීමා වී ඇති බවත් වාට්ටුවල ඇඳවල් පිරී ගොස් ඇඳවල් යට ද කොරිඩෝවේ ද රෝගීන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

අවශ්‍ය පරිදි ඖෂධ සැපයුම නොලැබුනහොත් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම නවත්වා ගැනීමට නොහැකි බවත් එසේ වූ විට සිදුවන්නේ කොරෝනා සමයටත් වඩා වැඩි අභාග්‍යසම්පන්න ඉරණමකට ලංකාවේ ජනතාවට පත්වීමට ඉඩකඩ වැඩි වීම බව හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල රෝහලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

15,365 views

7 Comments to “රෝහල්වල බෙහෙත් නෑ.. වාට්ටු පිරිලා.. රෝගීන් ඇදන් යටත් කොරිඩෝවේත්..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක”

  1. D P P Prasad says:

    We agree with the doctors explanation.It is obvious that certain medicinal drugs which are used to treat the children are not available in the pharmacies as well as the outlets of state pharmaceutical cooperation. Even some life saving drugs too are not available in the pharmacies. While we are expecting the better service even from the government managed hospitals the doctors and supportive staff members are reiterating that they are out of stock of certain essential drugs. Hence the medical staff members of the hospitals compel the relatives of the patients to find out the prescribed drugs from the pharmaceutical outlets. Subsequently either the patients or their relatives are going round the pharmacies in search of the required drugs.But in many occasions they are returning empty handed . We have eyewitnessed that some parents are weeping and lamenting beside the pharmacies without the required drugs Therefore this situation is very pathetic.We seek the relevant authorities to take prompt action so as to solve the medicinal drug issue

  2. Ranil kiyana deshapalana bankoloth pussawa Janadhipathi kale oya prashna siyallama visadanda puliwan jagatha uthamai kiyala. Dan balanakota Ranil maha banku horawa Aragala karayao genawe Demala Diaspora dubai/qatar idan ewapu salliwalinl. Ranil hora thadi pussa karanne, china spy nawuwalata Lankawe warayawal walata enda denawa Saha demala diasporata Lankawe balaya allanda para kapanawa, Ane Lankawata wechcha deyak?

  3. මහජන පරිත්‍යාගක් වන Cancer hospital එකට මුදල් දුන් Pet Scan එකෙනුත් හොරා කාපු, බාල බෙහෙත් වලින් කොමිස් කාපු, නැව් හොරා ඒ කාලේ ලෙඩුන්ව දිව්‍ය සම්පත් දුන්න සුවපති කුඹුල් කටා හොදටම කරන්න ඇති නේද මචං.

  4. සුවපති කිඹුලා ඉන්න කාලේ ඩෙංගු කොරෝනා වලට වඩා වෛරස් වුනා. මතක නැද්ද හාමු සර්. බල්ලෝ බලල්ලු වගේ ජීවිත රටට අහිමි වුණා. රෝහල් වල කෝරිඩෝ වල ඇවිදින්න බැරි ව ඒ ස්ථානය වලත් රෝගීන් හිටියා.

  5. Run Silva says:

    ඉතින් මාධ්‍ය හමු තියල ඇති ප්ලේ මොකද්ද, ලොක්කොත් එක්ක කතා කරල මොනව හරි කරනවකො. හපොයි තමුසෙල වගේ හරක්.

    • Niwan says:

      හරකෝ, මාධ්‍ය හමුව තියන්නේ මිනිස්සු දැනුවත් කරන්න.
      මේ ඩොක්ටර් හරිම හොද කෙනෙක් .
      මේ ඩොක්ටර්ට හරකා කිව්ව හරකා ශුවර් එකටම මහින්දගේ වහලෙක්

  6. SL says:

    සෞඛ්‍යට වෙන්කරන සල්ලිවලින් බාගයක් ගසා කන්නේ බෙහෙත් ගෙන්වන, උපකරණ ගෙන්වන සෞඛ්‍ය අංශයේම හොරු.

    හරියට , අරපිරිමැස්මෙන් වියදම් කරනවා නම සෞඛ්‍ය වියදම 50%කින් අඩු කරන්න පුළුවන්.

    හොයල බලන්න ගෙන්වන උපකරණයක හදන සමාගමෙන් දෙන වටිනාකම සහ මෙහෙ ඒජන්තයෝ රෝහල් වලට supply කරන වටිනාකම. බොහෝ විට දෙගුණයක්.

    ඒ තරම් මුන් හොරා කනවා.

Main News