රෝහල්වල රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවට දෙයි..

February 25, 2018 at 5:30 pm | lanka C news
රෝහල්වල රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවට දෙයි..

බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සදහා සහ රෝගීන් භාවිත කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සදහා ඉන්දීය සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කරන ලදි.

ඉන්දියාවේ සුග්‍රාම් හොස්පිටල් සොලුෂන් පෞද්ගලික සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අත්සන් කළ ගිවිසුමේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක් වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා සහ සමාගමේ සභාපතිනී මුනීෂා බාලෙන් මහත්මිය අතර මෙම ගිවිසුම අත්සන් කරන ලදි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“පිරිසිදු භාවයෙන් යුත් රෝහලක් නිර්මාණය කිරිම මගේ අරමුණයි. සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර තිබෙනවා. මෙතෙක් මුදල් අය කර සිදු කළ ප්‍රතිකාර සේවා සියල්ලම නිදහස් කර තිබෙනවා. නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවාව කිසිදු වෙනසකට භාජනය කරන්නේ නැහැ. නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවාවන් සිදු කිරිම අපගේ අරමුණයි. පිරිසිදු රෝහල් සංකල්පය යටතේ විෂබීජ විනාශ කිරිම ඉතාම වැදගත්. පිරිසිදු සේවාවන් ලබාදීමට සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පියවර ගන්නවා. මෙම ව්‍යාපෘතියේ සංකල්පයත් පිරිසිදු රෝහලක් යන්නයි. ඇතැම් රෝහල්වල සුදුපාට ඇතිරිලි දුඹුරු පාට වී තිබෙනවා. විෂබීජ විනාශ වෙන්නේ නැහැ. මොකද මෙම ඇද ඇතිරිලි සෝදන්නේ බේරේ වැවේ ජලයෙන්. මෙම ව්‍යාපෘතිය යටතේ විෂබීජ විනාශ කළ හොද ඇතිරිලි ලැබෙනවා. රෝග නිවාරණය වීමට පිරිසිදුකමත් ඉතාම වැදගත්.

තවත් අතකින් වීනීතව කථා කිරීමත් ඉතා වැදගත්. රාජ්‍ය සේවය හදන එක ඉතාම අපහසුයි. අපේ රටේ මාධ්‍ය කාථා කරන්නේ විවේචන පමණයි. නමුත් වෙනත් රටවල සංවර්ධනය පිළිබදවත් අවධානය යොමු කරනවා. මෙම ව්‍යාපෘතියට අමතරව සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරියේ දී ආරම්භ කරනවා. ඒ ඔස්ට්‍රේලියානු සමාගමක් සමගයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ නිරෝගී දරු උපත් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නවා. එය ඇමරිකා එක්සත් ජනපදයේ සංඛ්‍යා ලේඛණ වලට සමානයි. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයක්.

රට දියුණූ කිරීම සදහා ආයෝජන අවශ්‍යයයි. ලක් රජයට පමණක් තනියෙන් සිදු කරන්න බැහැ. පසුගිය රජය සමයේ ලබාගත් ණය වල විශාලතම ණය මුදල් ගෙවිමට ඇත්තේ 2019 සහ 2020 යන වසර වලදී යි. මෙම ව්‍යාපෘතිය පිළිබදවත් විවේචන එල්ල වී තිබෙනවා. නමුත් මම කියන්න කැමැතියි වර්තමානයේ රෙදි පවිත්‍ර කිරීම සදහා රෝහල් වලින් වැය කරන මුදලට වඩා අඩු මුදලක් තමයි නව ව්‍යාපෘතිය යටතේ වැය වන්නේ. වසර 03 ක කාලයක් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව එකම මුදලකට අනුව සිදු කරනවා. නමුත් ව්‍යාපෘතිය අනුමත කිරීමට වසර 2 ක කාලයක් අපට ගත වුනා. බස්නාහිර පළාතෙන් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් පළාත් වල ද ක්‍රියාත්මක කිරීමට සුදානම් වනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

16 views

37 Comments to “රෝහල්වල රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවට දෙයි..”

  1. Love nature says:

    India census: Half of homes have phones but no toilets

  2. Saradiel says:

    India, the world’s second-largest country by population, has the highest number of people (732 million) without access to toilets, according to a new report.

  3. Love nature says:

    Each year, 60,700 children under five years die from diarrhoeal diseases, the WaterAid report said.

    Diarrhoea remains the second leading cause of death in Indian children under five years, killing an estimated 321 children every day in 2015, as IndiaSpend reported on July 29, 2017, based on a World Health Organization factsheet.

  4. SUNIMAL says:

    An Indian woman has been granted permission to divorce her husband because he would not build a toilet

  5. daminda says:

    redi nathuwa karana wadakk?

  6. බබා උක්කුන් says:

    අපේ එවුන් රෙදි හේදුවේ බේරේ වැවේ වතුරින් නම් එකේ වැරැද්ද කාගේද? තොපිට, තොපේ ගෝලයින්ට මහජන මුදලින් පඩි ගෙවල තියාගෙන ඉන්නේ ඒවා බලල හරියට කරගන්න. දැන් ඔය ඉන්දියන් කාරයෝ අපේ රෙදි හෝදන්න ගංගානම් ගඟේ වතුර ගේනවා ඇති නේද. නැත්නම් රෙදි ටික ඉන්දියාවට ගෙනියල අනවතත්ත විලෙන් හෝදලා ගේනවා ඇති නේද.
    ඔයිට හොදයි උන් අර පාරේ කරන වැඩේට උඹ කට අල්ලපන්.

  7. FREE says:

    යකෝ ඕක දීපියව් චතුරයට,ඌ වක්කඩ වගේ තියන උගෙ කටේ දාල රෙදි ටික හෝදල දෙයි සුදේ සුදට?

  8. Samantaha Malanayake says:

    Minister of Health Rajith is good for wash that dirty linen by joint venture with Indian is very partner of Rajitha? He will sell our country to Indian near future?

  9. Horaa says:

    මේ රෙදි සෝදන කොන්ත්‍රාත්තුවෙන් ගහන ගැහිල්ලෙන්
    ෂුවර් එකටම ප්‍රාජිත තව නැව් 7ක්, 8ක්ම ගන්නවා.

Main News