රෝහල්වල සිසේරියන් සැත්කමක්වත් මහන්න නූල් පොටක් නෑ…

May 22, 2022 at 3:50 pm | lanka C news
රෝහල්වල සිසේරියන් සැත්කමක්වත් මහන්න නූල් පොටක් නෑ…

අද වන විට මෙරට රෝහල්වල වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිගයක් පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඇතැම් රෝහල්වල සිසේරියන් සැත්කම් කිරීමේ දී අවශ්‍ය වන මැහුම් ද්‍රව්‍ය පවා හිග තාවයක් ඇතිවී තිබෙන බවයි.

එම බොහෝ ද්‍රව්‍ය රෝගීන්ට වෙළඳපළින් සොයාගෙන එන්නැයි රෝහල් විසින් දැනුම් දෙන බවද ඔහු පැවසීය.

අද වන විට රටේ බොහෝ රෝහල් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන්නේ රෝගීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

27,064 views

14 Comments to “රෝහල්වල සිසේරියන් සැත්කමක්වත් මහන්න නූල් පොටක් නෑ…”

  1. ඡන්ද ප්‍රතිඵල says:

    (ජනතාව ඛේදාන්තයකට පත්කරවා කිහිප දෙනෙකුගේ පෞද්ගලික උවමණාවට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිගත හැකිද?)

    1972 පුර්ණ ව්‍යවස්ථාදායකයක් ලෙස “ජාතික රාජ්‍ය සභාව” පිහිටුවා තිබූ අතර එහිදී නාමික ජනාධිපතිවරයෙක් සිටීම ගැටලුවක් නොවීය.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි සංශෝධන මගින් අර්ධ ව්‍යවස්ථාදායකයක් ලෙස පාර්ලිමේන්තුව මේ වන විට පත්කර ඇත. අර්ධ ව්‍යවස්ථාදායකයක් පවතිද්දී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම බෙදුම්වාදයට පහසුවෙන් සිය අරමුණුවලට යාමට අවස්ථාව ලබා දීමකි.

    2022 මැයි 09 කලු ප්‍රහාරයෙන් පසු අවස්ථාව ලැබූ 09 දෙනා…!

    http://neethiyalk.blogspot.com/2022/05/2022-09-09.html?m=1

  2. Araliya says:

    Thawath SANGAMAYAK. Hadagena menna meya aayeth media sandarshana thiyenawa, Ministry eke inda Gena KADE Yana kale oowa mathak une nethida? Den thamanta veradunama pissu kiyawanne nethiwa innawa,
    KEPENA penena pissuwa thawama adu una nethida?

  3. බයිසන් says:

    තුවාලයක් මහන්න නූලක් හදාගන්න බැරි රටක් දියුණු කරන්නෙ කොහොමද?.

  4. SK says:

    Control the fuel consumption.give limited amount of petrol through coupon system to every number plates Quickly improve public transport system

    Bringing the medical essentials by reducing dollars spending on fuel

  5. රනිල් says:

    මේ හාදය තමයි බොරුවට චර්ම රෝග විශේෂඥ හොරෙක් හැටියට පෙනී සිටිමින් මිනිස්සුන්ව රවට්ටන්නෙ. කාලයක්හි ශිරන්ති රාජපක්ෂගේ butician විදිහටත් වැඩ කලා

  6. Kamal says:

    මේ අර පුප්පඩි ජෙප්පා නේද ????
    තවත් සමාජ රෝගියෙක්…..ඇත්ත කිවුවත් ජෙපි ගතිය නිසා බොරැ කියනව වගේ…අනික තමුසෙ ගෑනුන්ට සිසේරියන් කරන පොරක් නෙමෙයි නේද ??

  7. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    මෙහෙම හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා යුද්දෙ දීන්න හින්දා.
    දැන් බෙහෙත් නැත්තේ අරගලකාරයො හින්දා. අරගලෙට කලින් බැසිල්,කබ්රාල් මේ රට හරි මාර්ගයේ ගෙනිච්චා.

    • නිමල් says:

      මෝඩයා වෙන්න එපා යකෝ. මහින්ද රට කෑවා. බේරාගත්ත හොද දේට වඩා කෑව එක විශාලයි.තවමත් තෝ ගොනෙක් ද

  8. නලින්ද සිල්වා says:

    මෙයාටත් මොකක් හරි අටමගලක් අටවගන්නේ නැතිව බෑ වගේ.

  9. Doctor says:

    Jayaruwan is a useless fellow
    He doesn’t know either administration or medicine
    Just trying to show off by making mountains out of molehills

  10. Name says:

    මේ වෙලාවෙ මිනිස්සුත් තේරුම් ගන්න ඔ්නෙ ළමයි හදන්න හොඳ ‌වෙලාවක් නෙමේ කියල. උපත් පාලනය ගැන අවබෝධයක් නැති මෝඩ මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ. ඒත් නාගරික පවුල් සැලසුම් කරනය ගැන අවබෝධයක් තියෙන අය පවා ළමයි හදනව. ඔය කරන්නෙ විඳවන්න අපායට තව මිනිසෙක් ජාතක කිරීමක් නේද කියල තේරුම් අරගෙන කරුණාකර ගැබ් ගැනීම් නවත්වන්න

Main News