රෝහල්වල හිඟ බිල්පත් කඩිනමින් ගෙවන්නැයි උපදෙස්..
February 9, 2017 at 2:06 am | lanka C news
දිවයින පුරා රෝහල්වල ගොඩනැගිලි ඉදිකිරිම, උපකරණ මිලදී ගැනීම සහ දේශීයව ඖෂධ මිලදී ගැනීම සදහා වැයකර මෙතෙක් නොගෙවා තිබූ රුපියල් බිලියන 07 ක මුදල කඩිනමින් ගෙවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේපිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති රෝහල් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
එම අදාල මුදල මෙතෙක් නොලැබුන බවට රෝහල් අධ්යක්ෂවරුන් ඉදිරිපත් කළ පැමිණිලි සැළකිල්ලට ගත් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි එස්.ආර් රාජපක්ෂ මහතාට මෙම උපදෙස් ලබාදෙන ලදි. තවද අදාල මුදල් කඩිනමින් නිදහස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට දුරකථනයෙන් කථා කොට ඉල්ලා සිටියේය.
දිවයින පුරා සියළුම රෝහල්වල හෙද, වෛද්‍ය සහ අනෙකුත් තනතුරුවල පුරප්පාඩු පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබදව ද පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමෙි දී දැනට වසා දමා ඇති ග්‍රාමිීය රෝහල් 40 ක් යළි විවෘත කිරීම පිළිබදව ද අවධානය යොමු විය.
හෘද රෝගීන් සදහා ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමෙි වැඩපිළිවෙල රෝහල් මගින් ක්රීයාත්මක කරන ආකාරය පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි. වෛද්‍ය සැපයුම් අංශයෙන් එම උපකරණ ලැඛෙන තුරු නොසිට දේශීයව මිල දී ගෙන රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කරන මෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය