රෝහල්හි ලේ හිගයට යුද හමුදාවෙන් ලේ දන් දෙයි…

June 22, 2020 at 2:06 am | lanka C news
රෝහල්හි ලේ හිගයට යුද හමුදාවෙන් ලේ දන් දෙයි…

මන්නාරම මහ අනුරාධපුර රෝහල්හි පවතින ලේ හිගයට විසඳුමක් වශයෙන් මන්නාරම 54 සේනාංකයේ යුද හමුදා සෙබලුන් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් මන්නාරමේදී සංවිධානය කොට තිබුණි.

මන්නාරම 54 සේනංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර මහතාගේ උපදේස මත 54 සේනාංක මූලස්ථානයේ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයේදී ලේ දන්දීමේ වැඩසටහන් දෙකක් සංවිධානය කොට තිබුණි.

අනුරාධපුර හා මන්නාරම රෝහල්හි දැඩි ලේ හිගයක් පවතින බවට රෝහල් බලධාරීන් විසින් යුද හමුදා සේනාංකයන් වෙතට කරන ලද දැනුම් දීමකින් පසුව මෙම ලේ දන්දීම සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා අනුරාධපුර හා මන්නාරම රෝහල්හි වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයද සහය ලබා දී තිබුණි.

මේ අනුව 54 සේනාංකයට අයත් යුද හමුදා සෙබලුන් 200 කට ආසන්න පිරිසක් ලේ දන්දීම සඳහා දායකත්වය ලබා දී තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,104 Viewers
Main News