රෝහල් ඉඩ නැති වූ කොරෝනා ආසාදිතයෙක් විදින අපා දුක කියයි..

August 15, 2021 at 6:20 am | lanka C news
රෝහල් ඉඩ නැති වූ කොරෝනා ආසාදිතයෙක් විදින අපා දුක කියයි..

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති ආසාදිතයෙකු තමන්ව මෙතෙක් නිරෝධායන අතරමැදි ප්‍රතිකාර මද්‍යස්ථානයකට රැගෙන යාමට හෝ වෛද්‍යය උපදෙස් ලබා  දිමට කිසිදු සෞඛ්‍ය අංශ නිලධාරියෙකු කටයුතු නොකල බව එම රාජ්‍යය නිලධාරියා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසිය.

ඉකුත් (07) දින සිට තමන් අසාදිතයෙකු වි ඇති බවත් ,එදින සිට තම නිවසේ සමාජිකයන්ගෙන් වෙන්ව නිවසේ අඩු පහසුකම් සහිත කාමරයක රැදි සිටින බවත් , තමන්ගේ රෝග තත්වය මේ වන විට උත්සන්න වි ඇති බවයි අසාදිත රාජ්‍යය නිලධාරියා කියා සිටියේ.

වෛරසය ආසාදනය වු තමන් මෙන් මෙවැනි අසාදිතයන් විශාල පිරිසක් හැටන් ප්‍රදේශයේ සිටිය හැකි බවත් , එම අසාදිතයින් නිරෝදායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවිමට කටයුතු කරන ලෙසයි එම නිලධාරියා සෞඛ්‍යය අංශ නිලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ.

තම රෝගි තත්වය පිලිබදව දැනුවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත්තද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා එම දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බවද ආසාදිත රාජ්‍යය නිලධාරියා පැවසිය.

තමන් මෙම සිද්දිය මාධ්‍යයට පවසන්නේ රජය හෝ සෞඛ්‍යය අංශ නිලධාරින් අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් නොවන බවත් , මෙම රෝගයෙන් වෙනත් අයෙකුට ආසාදනය විම වැලැක්වා ගැනිමේ අරමුණින් බවත් ,ආසාදිත තමන්ව කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රොහල් ගතකර ගැනිමේ අරමුණින් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

55,347 views

20 Comments to “රෝහල් ඉඩ නැති වූ කොරෝනා ආසාදිතයෙක් විදින අපා දුක කියයි..”

  1. Roshan says:

    ඔය හැටන්, මස්කෙලි පැත්තේ ඉන්න දෙමල්ලු පිස්සු කෙලලා කෙලලා කොරෝනා හදාගෙන තොපෙ අදොනාවල් කිය කිය රජයට බනින්න එපා යකෝ තොපිට මගුල් ගෙවලුයි මල්වර පාර්ටියි දාලා කොරෝනා හදගෙන ඊට පස්සේ ලතෝනි දෙනවා

    • Thushera says:

      Amanussayek widiha ta hesirenna epaa. Ada wenakota Hatton witharak nemei Lankaawe hema thena ma thathwaya oakai. Api thamai honda ta ma karalaa thiyenne nisaa thamai me thathwaya ethi welaa thiyenne.

    • fass says:

      සහතික ඇත්ත කතාව. මුන් දැඟලුවේ කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව. දැන් මගුලක් කියනවා. දැන් එයි අනිත් වීරයෝ ටිකත් මුන්ට සපෝට් එකට.

      • cobra says:

        සෞඛ්‍ය නීති ගැන නොතකා කදුකරේ සැණකෙළි පැවැත්වීමේ ප්‍රතිපල… කළු සුද්දෝ රේස් බලපු එකේ විපාක …මෙයට වගකිව යුත්තේ පොහොට්ටුවේ පවුලේ උදවිය බව අමතකද ?අපේ රටේ මිනිසුන්ට ඉක්මනින් අමතක වෙනවාලු .ඒ නිසයි රටේ දියුණුවක් නැත්තේ ,දේශපාලකයෝ රජවරු ලෙස හැසිරෙන්නේ

  2. sira says:

    බුරු පුතත් කිව්වනේ අපි තමයි හොඳම කලේ කියල.

  3. Jagath says:

    කොහොම උනත් දේශප්‍රේමීයෝ නේ අපි. 😧

    • පූස් says:

      උඹ වගේ දේශද්‍රෝහියො දන්නෙ දේශප්‍රේමීන්ට කොචොක් කරන්න විතරයි. ඒ වගේ එකෙක් නන්දිකඩාල් කලපුවෙදි අමුඩෙ පිටින් සෙත්තපෝච්චි උනා.

      • Jagath says:

        සරත් ෆොන්සේකා මහත්තය නොහිටින්න ප්‍රබාකරන් මැරෙන්නේ කොරෝනා හැදිලා. යුද්දේ තාම යනවා. දේශප්‍රේමී ලොක්කන්ට කියපන් අමුඩේ ටිකක් තදට ගහගන්න කියලා.වැක්කෙරෙනවා දැන් හොදටම

        • පූස් says:

          රාජපක්ෂ ආණ්ඩුව එන්න කලින් සරත් පොන්සේකා මහත්තයා හමුදාවෙ හිටියෙ නැද්ද? එයාට ඇයි බැරි උනේ යුද්දෙ ඉවර කරන්න? පොන්සේකා මහත්තයාටත් වැඩක් කරන්න ඉඩක් ලැබෙන නායකත්වයක් ලැබුනේ ඒ ආණ්ඩුවෙන් නිසා.
          උබලට විචාර බුද්ධිය නෑ බන්. උඹලගෙ පක්ෂෙන් කියල දෙන දේ ගිරවා වගේ කියවනවා විතරයි. දේශප්‍රේමයත් දේශපාලනීකරණය කරගෙන පිල් බෙදලා තමන්ට ඕන පිලේ එකාට විතරක් ලකුණු දාගන්න කුහක කමනෙ බන් උඹගෙ තියෙන්නෙ.
          කොරෝනා පාලනය කරන එකත් එච්චරයි. අනුරයයි සජිතුයි බැක්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් එක්කො මිනිස්සු පාරට බස්සන්න හදනවා, නැත්තන් අපේ රටට පාඩු වෙන ස්ටේට්මන්ට් දිදී ලෝකෙටම ලංකාව චාටර් කරනවා. ඕවත් මනුස්ස වැඩද බන්. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.

  4. Karunarathna says:

    ඔයාට ඕක අමාරු උනාට ඒක හැමෝටම වෙනවා වගෙ කියන්න එපා.. ලෙඩේ අමාරු වෙන්නෙ 1% ට විතරයි. රට වහලා ආර්තිකේට කෙල උනාට පස්සේ ඊට වඩා මිනිස්සු මැරෙනවා දීර්ඝ කාලීනව.. ලෙබනනේ වෙනිසුවෙලාව බලන්න.. දොස්තරලගෙ ඇතුලු 10% රජයෙ සේවකයන්ගෙ පඩි ගෙවනවා සල්ලි අච්චු ගහලා හරි .. ඉතුරු 90% පඩි ගෙවන්නෙ බිස්නස් අයිතිකාරයො අහවල් එකක් විකුණලද? වැහුවාම නිකන් පඩි හම්බෙන හැම එකාම කියන්නෙ වහන්න කියලා.. ඔන්න ඕකයි නිකන් ඉන්න අයගෙයි හම්බකරන් කන මිනිස්සුන්ගෙයි වෙනස..

    • රට වහන්න කියන ටොයියා says:

      රට වහලා නිකන් කන්න දීපියව්
      අපට බොන්න 5000 දීපියව්

    • පූස් says:

      රට වහන්නත් ඕනෙලු
      බෙහෙත් රටින් ගේනෙන්නත් ඕනෙලු
      මිනිස්සුන්ට කන්න දෙන්නත් ඕනෙලු
      බොන්න 5000 ගානෙ දෙන්නත් ඕනෙලු
      ආර්ථිකය පරෙස්සම් කරන්න ඕනේ නැතිලු
      පඩි වැඩි කරන්නලු
      සහන දෙන්නලු
      බඩුමිල අඩු කරන්නලු
      රටේ සම්පත් විකුණන්නත් එපාලු

      හැබැයි රට වැහුවා කියලා
      මිනිස්සුන්ගෙ පරෙස්සම වෙනස් වෙලා නෑ
      කොරෝනා අඩු වෙලත් නෑ

      කියන දෙයක් අහන්න බැරි නිසා රටටම කෙලවන උඹලත් මිනිස්සුද කියලා රටේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන්නේ.

  5. සමයං says:

    සෞඛ්‍ය නීති පිලිපැද තමන් ආරක්ෂා වූයේනම් මෙවැනි දුකක් ගැන කීමට සිදු වන්නේ නැත. ලෝක වසංගත ගැන මීට වඩා අවබෝදධයෙන් ජීවත් වන්න.

  6. MM says:

    කතා දෙකක් නෑ මෙිවට බුරැපුතා සහ ගෝලයෝ ටිකයි බලු ජෙප්පොයි වගකියන්ඩ ඔිනේ ගෙදර නෝනට මාසේ මාරැ වෙන එකටත් උද්ගෝසන කරලා මිනිස්සු ගොනාට අන්දලා පාරට බැස්සුව එකේ ප්‍රතිපලතමා මෙි. මෙිවට වැරදිකාරයෝ දේසපාලුවෝ නෙමෙි උන්ට ගොමිපස් අල්ලන ගොබිබ ජනතාව

  7. Sasi says:

    @Roshan etakota Colombo inna sinhala minisunta hetun netha? Moda katha kiyanda epa…hema deyakatama jathiwatha adinda epa ..

  8. මෙර්වින් says:

    සජියෝ, ලපයෝ, අන්තරේ කාලකන්නි, පිරිමි නර්ස්, ස්ටර්ලින් ගොනෝ කුරුටුගාන බුරුවො තව මදි උත්ගොෂණ වරෙව් පෙළපාලි යන්න ඉතුරු ටිකත් මරාගන්න.

  9. lakmal says:

    මමත් දවස් 10ක් නිරෝධායන මද්‍යස්ථානයක ඉදලා ඊයේ තමයි ගෙදර ආවේ. PHI ලගේ ක්‍රියා කලාපේ අන්තිම නින්දිතයි. මගේ PCR රිපෝර්ට් එක පොසිටිව් කියල රෝහලෙන් දැනුම් දීල තිබුනේ PHI බූරුවට. එකා ගෙදර පැත්ත පළාතේ අවේ නෑ .දවස් දෙකකට පස්සේ මට කෝල් කරලා කියනවා මගේ රෙපොර්ට් පොසිටිව් , නිරෝධායන මධ්‍යස්තානයකට යන්න ලැස්තිවෙන්න කියල. මට ලොකු අමාරුවක් නැති හඬ මම කීව මම ගෙදර ඉදන් ප්‍රතිකාර ගන්නම් කියල, මේක ඒ කිසි දෙයක් හොයන්නේ නැතිව යන්න ලෑස්ති වෙන්න කීවා.මම එකටත් හා කියල ලැස්ති වෙලා හිටිය ගෙදර. මේ මීහරක කෝල් කරලා කියනවා හවස 3ට විතර ගෙදර ලගට එන්න බෑ , 1/2km තැනක් කියල එතෙන්ඩ එන්නලු.කොරෝනා ලෙඩෙකුට මේ හරක මෙහෙම කියන්නේ. එකත් හා කියල ගිය. කීව නිරෝධායන මධ්‍යස්ථානය නෙවෙයි වෙන එකකට ගිහින් බැස්සුවා. එකත් හා කියල දවස් 10ක් හිටිය. එන්න තියෙන දවසේ මම ඩොක්ටර් ට කතා කෙරුවාම කියපි PHI , PCR කරපු දිනේ ලියලා තියෙන්නේ වෙන දවසක් ඒ දවසේ ඉදන් දින 10ක් ඉන්න වෙනවා කියලා, ආය PCR එකේ රිසිට් එක ගෙන්න ගෙන පෙන්නලා තමි එන්න පුළුවන් උනේ. ඒ ගෙදර ආවමත් මේ බල්ලා අඩුම තරමේ ගෙදර ගේට්ටුවේ කොලයක් අලවල නෑ ගෙදෙට්ට කාටවත් එන්න එපා කියල. ගෙදර ය ඇතුලෙන් ලොක් කරගෙන ඉදල තියෙන්නේ. ඔන්න ඔහොමයි මෙහෙ PHI බල්ලාගේ වැඩ.