රෝහල් ඉඩ නෑ.. ආසාදිතයන් නිවෙස්වල ගොඩගැසේ..

May 7, 2021 at 11:20 am | lanka C news
රෝහල් ඉඩ නෑ.. ආසාදිතයන් නිවෙස්වල ගොඩගැසේ..

කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ආසාදිතයන් වැඩිවීම නිසා රෝහල් තුළ ධාරිතාව අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

නිවෙස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා ඇතැයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සනාථ කර ඇතැයිද ඔහු කියා සිටියේය.

ඇතිවී තිබෙන තත්ත්වය මත රෝහලට කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

ආසාදිත නමුත් රෝග ලක්‍ෂණ නොපෙන්වන රෝගීන් තම නිවෙස් තුලම රදවා දුරකතනය මගින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සදහන් කලේය.

29,523 views

11 Comments to “රෝහල් ඉඩ නෑ.. ආසාදිතයන් නිවෙස්වල ගොඩගැසේ..”

  1. Sanka says:

    ඒකනේ කියනනේ…අපි තමයි හොඳටම කලේ කියලා….කවුරැවත් කියන්නේ නෑ….අපි කරපු විදිය ගැන….

    • ගිරවා says:

      මිනිසුනේ හෙළ ඔසු බීපල්ලා ..COVID 19 වලින් මැරෙන්න ප්‍රථමයෙන්

  2. තවත් ටික දවසකින් රටේ තත්වය says:

    තව ටික දවසක් යනකොට කියයි, රෝග ලක්ෂණ තිබ්බා නැතා නිවෙස් වලටම වෙලා ඉන්න, ආයේ කෝල් කරලා වෛද්‍ය උපදෙස් ගන්නත් අවශ්‍ය නැහැ, මෙරුනොත් ළඟම කනත්තට ගිහින් දාන්න, ආණ්ඩුව ට කරදර කරන්න එපා කියලා. අපි පත් කරපු ආණ්ඩුව අපිට සලකන හැටි , කාටද ආඩම්බර.

  3. DENZIL says:

    Where is COVIDE commete

  4. Jayantha Udagedara says:

    If the Corona positive patients could be kept at home and take the doctor’s advise, Not sure as to why the persons come from abroad with negative report should be kept in institutional quarantine, and continue for seven days (Paid Hotel Quarantine) /ten days (Government Quarantine Centers) even after the negative PCR on arrival. Can this be taken to the authorities and consider changing the regulations and protocols. This will help for the people who works abroad to come home, and save their hard earned money.

  5. ඒකාකාරී says:

    රෝගීන්ට ප්‍රතිකාර කරන ඒකාකාරිත්වයක් නැද්ද?

  6. ක්‍රිමිනල් says:

    නිවෙස් වල ඉන්න උන්ට සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් පෙත්ත බැගින් යවන්න. එතකොට උන් ඒවා බීලා කොරෝනා හොද කර ගනී.

    එහෙම නොකලොත් උන් සායනික පරීක්ශණ අසමත් ඉගුරු, කොත්තමල්ල, සාදික්කා පැණිය බීලා, දුම් අල්ලලා මැරෙයි.

  7. බන්ඩා says:

    අවුරුද්දට ජෙපි නායකයා රෝන්දෙ ගියේ කොරෝනා රටේ නැති ගානටය්. ජනතාව එම වැරද්ද ආදර්ෂයට අරන් රෝදෙ ගියා. දැන් ජෙප්පො ආණ්ඩුවට බනිනවා.

  8. would suggest. 1 .let infected patients be quarantined in their own residences. 2. Use schools as quarantine centres which could be easily converted. All cetral colleges are equipped with basic sanitary facilities. It is few beds or mattress required. By doing this the government can save their extra costs such as the transportation from Colombo to jafna etc.etc.even patients would find comfortable (mentally and physically).

  9. Ravana parapura says:

    කරුණාකර මේ ලෙඩ්ඩු සියලුදෙනාටම සුවය ලබා දෙන්න නම් “ආයුර්​වේදයේ ඖෂධ ලබා දීමට ඉඩ සලසන්න.

Main News