රෝහල් ඉඩ නෑ… කොරෝනා රොගීන් නිවසේම රදවන්න සාකච්චා.. අසාධ්‍ය වුනොත් රෝහලට..

May 1, 2021 at 10:40 am | lanka C news
රෝහල් ඉඩ නෑ… කොරෝනා රොගීන් නිවසේම රදවන්න සාකච්චා.. අසාධ්‍ය වුනොත් රෝහලට..

කොරෝනා වෛරසය ආසාදන වුවද අසාධ්‍ය නොවන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙලක් අරඹන්නැයි සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආසාදිතයන් දිගින් දිගටම වැඩි වීම හේතුවෙන්ම රෝහල්වල තදබදය අඩු කිරීමට රෝගීන්ගේ තත්ත්වය හා පරිසරය සලකා බලා බරපතළ නොවන රෝගීන්ට මෙම ක‍්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

දැනටමත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිත ඇයි හඳුනාගත්ත ද රෝහල් ගත කිරීමට දින තුන හතරක් ගත වන බවත් රෝගියා අවදානම් සහගත නැතිනම් නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැකි ක්‍රම වේදයක් සකස් කරන්නැයි මෙහිදී යෝජනා වී ඇත.

ඉදිරි පෙළ සෞඛ්‍යය සේවා ප‍්‍රධානීන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අතර පැවති සාකච්ඡාවේදී මෙම යෝජනා ඉදිරිපත් වී තිබේ.

24,785 views

16 Comments to “රෝහල් ඉඩ නෑ… කොරෝනා රොගීන් නිවසේම රදවන්න සාකච්චා.. අසාධ්‍ය වුනොත් රෝහලට..”

  1. සිසිල් සුදේශ් says:

    ආණ්ඩුව ෆේල්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      හෆෝ……. වහපාලුවො හිටිය නම් පලමු රැල්ලෙන්ම රට හාන්සියි.

    • Sedona says:

      මතකද, ඒ දවස්වල ඉංගලන්තෙ ඉන්න ලංකාවේ මනුස්සයෙක් ගෙදරදි මැරුණම “අඤී.. අපී නම් ඕම වෙන්නෙ නෑ, දියුණුයි කිව්වට උන් මිනිස්සුන්ට ගෙවල්වල මැරෙන්න අරිනවා” කියල වැලලෙන්න හැදුව අපේ උන්. එහෙම කියපු උන් තමයි පහූගිය කාලෙ මෙලෝ හසරක් නැතුව රට පුරා ඇවිද්දෙ “අඤී.. අපිනම් පට්ට ජාතියක්” කියල. දැන් කෙළවිලා ඉන්නවා.

  2. මෙත්තවිහාරී හිමි , ගම්පහ says:

    කුඩා ඉඩකඩ සහිත නිවාසවල මේ ක්‍රමය අමාරුයි. එම නිසා විහාරස්ථාන සහ පල්ලි වල ඇති ධර්මශාලාවල ඔවුන්ට නවාතැන් දෙන්න . එය මේ අවස්ථාවේ ඉතාම වටින දෙයක්. අසරණ වූ මිනිසුන්ට උදව් කිරීම සියළු ආගමික ශාස්තෲවරයාණන් වහන්සේලා දේශනා කර තිබෙනවා

  3. Yuniko says:

    එහෙම වෙන්නේ කොහොමද මම තමයි හොදටම කලේ, කව්රුත් කතා කරන්නේ නෑ මම කරපු විදිහ හහ් හා හහ් හා හහ් හා…

    දැන් වැඩේ අනා ගත්තට පස්සේ පම්පෝරි ඉවරයි දෝෂාරෝපේ ජනතාවට. අනේ මෙහෙමත් නායකයෙක්…

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඇදන් ගැන කතා කරණ උන් දන්නෙ නෑ පහුගිය අවුරුදු 4 1/2 හිටියේ සුව පති කියලා.

      • Senarath says:

        සුවපති නරක නිසානෙ ඉතින් සුව දේවිට දුන්නෙ. දේවි ඇඳන් වැඩි කළේ නැතෙයි පහුගිය අවුරුදු දෙකේ?? මුට්ටි නම් දැම්මා! උම්මත් දුන්නා!!

  4. Jagath says:

    දැන් නම් 69 ලක්ෂේට වෙනස හොදටම සැප ඇති.

    • Assassin says:

      Mewelawe sajith janadipathi nm ubla ekekge wath kata na.eketh deshapalane ublata

      • Jagath says:

        ඉතිං ස හොදට කරනවා කියලා නේ 69ලක්ෂෙ ඇන්දුවේ.

        • Assassin says:

          Mechchara kaleyk deshpaluwo kare apiwa andanaeka thama bn.mahinda hoda na kiyla sirisena genawa.u innakota maha bankuwath kolla kala,pasku prahareth wela natara une.itapasse gobbasena genawa.uu okkotama wada na gannawa.ilaga para sajith ei.pora ktha karekenma terenwa muth na ganwa kiyla.

  5. මකබාවා says:

    මෙවැනි තත්වයකදී හරි හෝ වැරදි වේවා ගතයුතු තීරණය රජය විසින් මේ මොහොතේ ගත යුතුයි.තවත් බලා සිටිය යුතු තත්වයක් නොවේ.ජීවිතහානි විශාල සංඛ්‍යාවක් වුවද සිදුවිය හැක. එයට මුහුණ දිය යුතුය. ඔක්සිජන් නැත ඇඳන් නැත යයි රජයට දොස් නැගිය යුතු නැත. ජහමනයාටද මේ පිලිබඳ විශාල වග කීමක් තිබේ. එය ඉටුනොකට සෞඛ්‍ය වත් පිලිවෙත් තුට්ටුවකට මායිම් නොකොට ලෙඩේ හැදෙන හැදෙන සැරේට නොමිලේ කකා බිබී නීරෝධායනයෙහි ලැග ඉන්නට සැරසෙන වුනට පාඩමක් ඉගෙනගන්නට ඉඩ හැරිය යුතුය.මෙය බෙහෙත් නොමැති මරණීය වසංගත රෝගයක් බව වටහා ගැනීමට දැං උවමනාවටත් වඩා කල් ඇතිය. නමුත් අවබෝධ කරගන්නා පාටක් නොපෙනේ. දෙවතාවක් මහත් ආයාසයෙන් රජය විසින් වසංගතය හොඳින් පාලනය කලාට කෘතඤ විය යුතුය. නිතර දෙවේලේ ලොක්ඩවුන් කරමින් ජතාවට නොමිලේ කන්ඩ බොන්ඩ දුන් රජයක් ලොව කොහේවත් නැත. විනය හොඳින් ක්‍රියාත්මක වන රටවල රෝගය දැනටමත් තුරන් වී ඇත. අර උත්සව, මේ උත්සව, සැණකෙලි සමරා අවසානයේ අහිංසක මිනිසුන්ද නිරපරාදේ ගොදුරු කරගෙන පැක් වී දැවී යන වුන් ගැන කුමන නම් අනුකම්පාවක්ද?

    • Sirimanna says:

      පොඩ්ඩක් browse කරල බලන්න, එහෙම රටවල් ඕන තරම් තියෙනවා. උඹල වගේ ළිං මැඩියො නිසා තමයි මේ රට දවසෙන් දවස වල පල්ලට යන්නේ

  6. Ravana parapura says:

    ජනතාව මරණයෙන් බේරගන්න නම් දැන්වත් කොරෝනාවට හෙළ ඔසු ලබාදීමට ඉඩ සලසන්න.

    • රාවණ මනස්ගාත පෙරමුණ says:

      රාමායණය , කියන්නෙ නව කථාවක්….

Main News