රෝහල් කාර්ය මණ්ඩල අතර කොරෝනා පැතිරෙනවා.. සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය ඉතාම අසීරු අඩියක…

May 1, 2021 at 4:40 pm | lanka C news
රෝහල් කාර්ය මණ්ඩල අතර කොරෝනා පැතිරෙනවා.. සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය ඉතාම අසීරු අඩියක…

කොරෝනා ආසාදිත වූවන්ගෙන් මෙරට රෝහල් පද්ධතිය පිරී ඉතිරී යමින් ඇති නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරි කටයුතු කරගෙන යන්නේ ඉතාම අසීරුවෙන් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලවල තත්ත්වය ඉතාම අසාධ්‍ය බවයි.

අද වන විට රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට කොරෝනා ආසාදනය වන තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු පැවසීය.

රට පුරා රෝහල් ගණනාවක් දැනටමත් පිරී ඉතිරී රෝගීන්ගේ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම අසීරු අඩියකට වැටී ඇතැයි ඔහු කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

27,232 views

19 Comments to “රෝහල් කාර්ය මණ්ඩල අතර කොරෝනා පැතිරෙනවා.. සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය ඉතාම අසීරු අඩියක…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ගොහින් මැයි පෙලපාලියක් තියපන් ජෙප්පො

  2. siri says:

    Umbath attendant, hospital gihin help karahanko.

  3. අලි සබ්රිගේ බුරියානි කෑ බයියා says:

    යූඑන්පී එකේ නර්ස් ලට විතරයි කොරෝනා හැදෙන්නේ. අනිත් අය චෝදනා කරන්නේ නැහැ. මූ තව දතක් ගලවගන්න තමා සද්දෙ දාන්නේ.

  4. Osmand says:

    බොරුවෙන් තම බඩ වඩාගත් NGO මෝඩයා නැතත් ඇවිත්. මූට මොකක්ද ඇති සුදුසුකම.යහපාලණය මූව ⁣පාර්ලිමේන්තුවටත් ගෙන ගොස් සුපිර් වාහනයකුත බදු රහිතව අරන් දුන්නා මතකද.

  5. chula super model says:

    nodakin kalakannita

  6. Imalk says:

    මෙන්න මූ ආයෙත් එළි බැහැල. මූට පට්ට සන්තෝෂ ඇති දැන් ලංකාවේ කොරෝනා පැතිරෙන එකට . NGO කුක්කා

  7. ANEK HAMA CORONA EKAKATAMA WADA ME ALUTH CORONA EKA HONADAI.
    ME CORONAVA ENGALANDWALA SUDDONGEN AAPU EKAK.
    SUDDO DENA HAMA EKAKMA HARIYATA WATINAWA.

Main News