රෝහල් ගත වු මවගේ අත් දෙකම කළු පැහැ වී වාරු නැතිවෙයි.. වෛද්‍යවරුන්ට බෙහෙතක් වැරදී යයි චෝදනා..

February 28, 2020 at 8:40 am | lanka C news
රෝහල් ගත වු මවගේ අත් දෙකම කළු පැහැ වී වාරු නැතිවෙයි.. වෛද්‍යවරුන්ට බෙහෙතක් වැරදී යයි චෝදනා..

උණ සහ උදරයේ අමාරුවට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු තිදරු මවකගේ අත් දෙකහිම මැණික් කටුව පහලින් පිලිස්සුනු අයුරුට කළු පැහැ ගැන්වි වම් අතෙහි මහපට ඇගිල්ල පමණක් ක්‍රියා කරන බව තිදරු මවගේ දරුවන් චෝදනා කරයි.

ඇය නාවලපිටිය සොලන්කන්දේ පදිංචි පි.ධනලෙච්චමි නැමති 62 හැවිරිදි තිදරු මවකි.

ධනලෙච්චමි මහත්මිය කියා සිටින්නේ තමන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවල සහයිකාවක් වශයෙන් කාලයක් සේවය කල බවත්, 2020.01.15 දින තමන්ට හදිසියේ උණ සහ උදරයේ අමාරුවක් ඇති විම හේතුවෙන් තම වැඩිමහල් පුතාගේ කටුනායක ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු විසින් මුලින්ම තමන්ව සිදුව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බවයි .

එදිනම තමන්ව සීදුව ප්‍රාදේශිය රෝහලෙන් තමන්ව රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දින 17 ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවත්, දින තුනකට පසු තමන්ය සිහිය පැමිණි විට තමන්ගේ අත් දෙක මැණික්කටුවෙන් පහලට දැඩි ලෙස කළු පැහැ ගැන්වි අත් දෙකම මැණික්කටුවෙන් පහලට ක්‍රියා නොකල බවයි.

යලිත් තමන්ට දින 17 කට පසුව සිහිය පැමිණිමෙන් පසුව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් එම රෝහලේ 12 වාට්ටුවට ඇතුලත් කර 2020.02.02 දින දක්වා ප්‍රතිකාර ලබමින් සිටියදි තම පුතා විසින් රාගම රෝහලේ වෛද්‍යවරුන්ගෙන් කරන ලද ඉල්ලිමක් මත තමන්ව පේරොදෙණිය ශික්ෂන රෝහල වෙත මාරු කර එවු බවයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි තමන්ව වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ පරික්ෂා කල බවත්, එහිදි වෛද්‍යවරුන් විසින් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දිමේදි බෙහෙතක් මාරු විමට නිසා තමන්ගේ අත් දෙකට මෙවැනි තත්ත්වය උදා වි ඇති බව වෛද්‍යවරුන් විසින් කතා කරමින් සිටින බව තමන්ට ඇසුණු බවයි ධනලෙච්චමි මහත්මිය කියා සිටින්නේ.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයයේ ජිවත් වන තමන්ට සිදු වු ආසාධරණයට සාධාරණයත් ඉටු කරදෙන ලෙසත්, තමන්ගේ අත්දෙක සනිප කර දිමට අවශ්‍යය කටයුතු කරන ලෙසට සියළු දෙනාගෙන් ධන ලෙච්චමි මහත්මිය ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

122 views

3 Comments to “රෝහල් ගත වු මවගේ අත් දෙකම කළු පැහැ වී වාරු නැතිවෙයි.. වෛද්‍යවරුන්ට බෙහෙතක් වැරදී යයි චෝදනා..”

  1. සමන් says:

    අතිශයින්ම කණගාටුයි!!! මේ අහිංසක අම්මට වෙච්ච මේ හානියට වග කියන්නේ කවුද? මේක මේ වගේ දෙයක් වෙච්ච පලවෙනි අවස්ථාව නෙවෙයි! දැන් ඉතිං මේ මනුස්සය ජීවත් වෙන්නේ කොහොමද?

  2. Saradiel says:

    ඇයට ඉක්මන් සුවය පතමු මාලු හොරා රාජිතට ජනාදිපති මුදලින් සිංගප්පුර් යවන්න පුලුවන් නම් ඇයි මේ මව යවන්න බැරි රජය වහාම ක්‍රියා කල යුතුය.