රෝහල් තුලටම ගොස් රෝහල් කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණයි..

March 29, 2020 at 5:30 pm | lanka C news
රෝහල් තුලටම ගොස් රෝහල් කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණයි..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණඩලයට සහනදායි මිලට රෝහල තුලදිම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිමේ වැඩපිලිවෙලක් සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය මගින් අද ආරම්භ කර ඇත.

වතුකරයේ ප්‍රධාන රෝහලක් වශයෙන් සැලකෙන දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 500 කට ආසන්න පිරිසක් සේවය කරණ අතර, එම රෝහලේ වෛද්‍යවරුනට සහ කාර්ය මණ්ඩලයට පවතින ඇදිරි නිතිය ලිහිල් කරන අවස්ථාවේ ඔවුන්ගේ රාජකාරි ස්වාභාවය අනුව ඔවුන් සියලු දෙනාට  එක්වර නගරයට පැමිණීමට නොහැකි නිසා නුවරඑළිය දිස්ත්‍රීක් ලේඛම් රෝහණ පුෂ්පකුමාර මහතා සිමා සහිත හැටන් දික්ඔය සමුපකාර සමිතියේ සභාපති සරත් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද  ඉල්ලිමක් මත සිමා මෙම වැඩපිලිවෙල සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා  සමුපකාර සමිතිය විසින් ක්‍රියාවට නංවා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

97 views

4 Comments to “රෝහල් තුලටම ගොස් රෝහල් කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණයි..”

  1. Retta says:

    කරාපිටිය හොස්පිට්ල් එකෙත් වික්කා ගිනි ගනන් වලට

    • sena says:

      ඒමොහොතෙම පරිභෝගික අංශයට කථාකරන්න

  2. senanayake says:

    badu wikunanna ena lori wala ena aya nisath huwamaruwana mudal nottu nisath loku anathurak thiyanawa gewalkeepayaka aya ethanata lanwenawa dura seemawa gana amathakai

  3. රවන අසපුව says:

    මේ සියලු කටයුතු සාර්තකව කරගන්න අපේ සුභපැහුම්.නේ කරුනාකර මේ කටයුතුවලදී අවශ්‍ය ආත්මාරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.දෙපාර්ශවයම.
    ජේසුපිහිටයි
    බුදුසරනයි
    අල්ලා දෙවියන්ගේ පිහිටයි
    ශිවදෙවියන්ගේ පිහිටයි

Main News