රෝහල් පද්ධතිය උතුරා යයි.. කොරෝනා රෝගීන් නිවසේම රදවාගන්න මාර්ගෝපදේශ එයි..

May 11, 2021 at 3:22 am | lanka C news
රෝහල් පද්ධතිය උතුරා යයි.. කොරෝනා රෝගීන් නිවසේම රදවාගන්න මාර්ගෝපදේශ එයි..

කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස් වලම රඳවා ප්‍රතිකාර කිරීමේ විශේෂ ක්‍රමයක් ගැන රජය කටයුතු කරමින් සිටී.

ඒ සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශන මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව ද කොරෝනා පාලන රාජ්‍ය අමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

ආසාදිතයා නිවස තුළම රඳවා ප්‍රතිකාර කිරීමේදී එම නිවසේ අනෙක් අයට කිසිදු ආකාරයට ආසාදනය නොවන ආකාරයට නිවසේ කොටසක හුදෙකලා කිරීමට මෙහිදී උපදෙස් ලබා දෙන බව ඇමතිවරිය පැවසුවාය.

කොරෝනා රෝගීන් වේගයෙන් ඉහල යාම හේතුවෙන් රෝහල් වල ධාරිතාව අවසන් වන නිසා මෙම පියවර ගත් බව ද ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් රෝහල්ගත කිරීමට ප්‍රමුඛතාව දෙන බවද ඇය පැවසුවාය.

27,220 views

5 Comments to “රෝහල් පද්ධතිය උතුරා යයි.. කොරෝනා රෝගීන් නිවසේම රදවාගන්න මාර්ගෝපදේශ එයි..”

  1. දැන් ෂැපද බයියා. says:

    තාම සමාජ ගත වෙලා නැහැ .

  2. නීති පැටලවීම says:

    කෝවිඩ් වසංගතය මැඩීමට 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමණාකරණ පනතේ 25 (ඔ) වගන්තිය අනුව ක්‍රියා නොකර සුද්දාගෙ 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනත ක්‍රියාත්මක කිරීමෙන් වැඩේ අවුල් කරගෙන ඇත.

  3. ඇයි ජනතාවට බැරි ඉස්සර සරම්ප,පැපොල් හැදුනහම කලා වගෙ ගෙදරම ඉඳගෙන වෙන්වෙලා බේත් කරගන්න බැරි?

    • MD says:

      අඩුම වශයෙන් සති 2 තමන් උපන් රට ජාතිය වෙනුවෙන්වත් බැරිද ගෙදරට වෙලා ඉන්න.ඉපදුනේ කන්නම නෙවෙයිනේ

  4. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු ලබාදීමට අවස්ථාව තිබියදී බටහිර මිත්තියාවට ඉඩදීමේ විපාක.

Main News