රෝහල් පහසුකම් නෑ.. කොරෝනා රෝගියෙකු නිවසේදීම මිය යයි…

April 30, 2021 at 9:20 am | lanka C news
රෝහල් පහසුකම් නෑ.. කොරෝනා රෝගියෙකු නිවසේදීම මිය යයි…

රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගලයෙකු නිවසේ දී මියගොස් තිබේ.

ඔහුට රෝහලට ඇතුළත් කිරීම සඳහා ඒ මොහොතේ පහසුකම් නොතිබූ බව වෛද්‍යවරයකු වූ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි සඳහා සඳහන් කර ඇත.

එම සටහන මෙසේය.

ඉදිරිය එතරම් හොඳ නෑ….

අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්…
හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල දුරකතන ඇමතුමක් ආවා… එතකොටත් ambulance සොයන්න පටන් අරන්..

1990 ගන්න කියල එයාලටත් කිව්වා… අපිට ලෙඩෙක් ඉන්නව කියල ambulance යවනව කියන ලේසි වැඩක් නොවෙයි…
1990ත් නෑ… 1990 ට එන්න බැරිවෙලා..

ප්‍රතිඵල ඇවිත් විනාඩී 45ක් තුල රෝගියා ගෙදරම මියගියා.. ගෙදර මිනිස්සු විලාප,දෙනවා කෑ ගසනවා කවුරුත් උදව්වට නෑ…

උදව් කල හැක්කේ සීමා සහිතව… අපි පිටත් උනා.. මහ රෑ කෝමද මේ වැඩ ටික කරන්නෙ…. යනගමන් සහෝදර වෛද්‍ය වරුන්ගෙන් උපදෙස් පැතුවා…

මටත් පලමු අත් දැකීම… පවුලේ ලඟම නෑදෑයෝ වෛද්‍යවරයකු ඇතුලු සෞඛ්‍ය කාර්‍යමංඩලය ඉන්නවා මට කතා කරල ඇයි අපි මිනිස්සුන්ට උදව් කරල මෙහෙම,වෙන්නෙ අහනවා.. PHI මහත්වරු බටපොල පොලිසිය හා කොර්නෙල් මහතා සම්බන්ධ කරගන්නා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන් ඇමතුවා.. මම,ඉල්ලා සිටියා මහ රෑම මේ කටයුත්ත කරගන්න උදව් කරන්න කියලා.. පුදුම උදව්වක් ලැබුණේ .

අපි කණ්ඩායම එක්ක නින්දානෙ ගෙදරට ගියා.. ඒ අසරන කමක තරම… ගෙදර අයත් එයාලගෙ දුකත් එක්ක කාටත් කෑ ගඩනවා.. දැන් ආවට වැඩක් නෑ කියනව… අපි කල හැකි එකමදේ අවසන් කටයුතු මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක කිරීම…

බටපොල රෝහලට මේ අතර කතා කලා වෙන කවුරුත් මේ body එක ගෙනියන්න වාහන දෙන්නෙ නැ කියල දන්න නිසා.. එම කාර්‍යමංඩලය පුදුම කැපවීමක් කලා… ගෙදර අයගෙන් අහුවා මොනවද ඔයාලා තම ආදරණීය ස්වාමිපුරුශයා පියා වෙනුවෙන් කරන්න ඕනි කියලා..

පෙට්ටියක තබන්න කියන ඉල්ලිමත්… පාංශකූලය දීමත් තමයි අසරණ ඉල්ලීම් උනේ… තිසර මල්ශාලාවට කතා කලා .. පෙට්ටියක් ඉල්ලුවා කාතාව කියල පස්සෙ මුදල් දෙන්නම් කියල. ඒ වෙලවෙම ඔවුන් ඒ උදව්ව කලා.. පවුලේ අය හාමුදුරුවෝ සම්බන්ධ කලා අදාහනාගාරයට … ඉතින් තම ස්වාමිපුරුශයා ගේ මල ගමට යන්න ඉල්ලුවා.. ඒක අපිට කරන්න දෙන්න බැරි උනා… ගෙදර අය කෑගසද්දි අපි මෙලෙස අරන් ආවා… රාතී එකට කිට්ටුයි…පාංශකූලය දුන්නා. නීරෝධායනය නොවන එක් පවුලේ නෑදෑකෙනෙක් පමනක් සහභාගී උනා…

මේ මරණය ඉක්මන් වීමට කොවිඩ් හේතු උනා කිව්වොත් නිවැරදියි… ඔවුන් අවුරුදුකාලේ පොදු ප්‍රවාහනයෙන් ත්‍රිකුණාමලය හා බුත්තල ගිහින් තියෙනවා…

ආවට පස්සෙ වෛද්‍ය රුවන් මහතා තමයි pcr සඳහා යොමු කලේ… නමුත් ප්‍රතිඵල එනකොටම… කිසිම උදව්වක් කරගන්න බැරිව හුස්ම ගැනීමේ අපහසුවෙන්ම ඔහු මිය ගියා…

අපි හැමෝම කොච්චර අසරණ ද කියන්නයි කොවිඩ් එක්ක මේ කතාව ලිව්වේ..

කොර්නෙල් මහතා ඉතා ඉක්මනින් සියලු රාජකාරි කරල දුන්නා. JMO මැඩම් අවශ්‍ය උපදෙස් දුන්නා.. මහ,රෑ අදාහනාගාරයේ මෙවැනි කටයුත්තක් කලේ පලමුව ඊයෙ.. ඔවුන් කල කැපවීම ප්‍රශංසනීයයි. බටපොල පොලිසියේ නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රාජකාරි කටයුතු ඉක්මනින්ම කරලදුන්නා..සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාමණ්ඩලය ලොකු උදව්වක් දුන්නා..

මහ රැ උදව් කල සියලුම දෙනාට තුති.
තවත් මෙවැනි කතා ලියන්න නොලැබේවා..

කවුරුත් පුලුහැමවිටම නිවසට වෙලා ඉන්න බලන්න

වෛද්‍ය නලින් විජේසේකර FB

82,713 views

14 Comments to “රෝහල් පහසුකම් නෑ.. කොරෝනා රෝගියෙකු නිවසේදීම මිය යයි…”

  1. කුඹුක්කණ් says:

    ලොක් ඩවුන් ඇර වෙන විකල්ප නෑ කියන බූරු කතාව නං කියන්න එපා, වෙන විකල්ප තියෙනවා දේශීය හා ආයුර්වේද වෙදකමේ
    ඔවුනට බෙහෙත් කරන්න දෙන්නෙ නෑ, බලහත්කාරයෙන් බෙහෙතක් නැති බටහිර ඇලොපති ක්‍රමයෙම යවලා මිනිස්සු මැරන්න අරිනවා

    ඊට පස්සෙ කියනවා රට වහන්නලු , රට හරක් බටහිර ගැති උගතුන් මේ රට කනවා අවුරුදු 72 පුරාවට

    • වරකයා says:

      අනේ බං, උඹලා ඉන්න රටේම ජිවත් වෙන්න වාසනාව තිබුණනේ… !!!!

      • Saman says:

        ඔය කුඹුක්කන් කියල කමෙන්ට්ස් දාන්නෙ ජෙප්පෙක්. ආන්ඩුවට කින්ඩියට.

    • Nalin says:

      Helu osu gahapiya thoge ammage pupe

  2. Anuradha says:

    අවුරුදු කාපු එවුන්,නුවරඑළියේ රේස් කරපු එවුන්,දැන් තෝපිළා ව්දෝපල්ලා.අනෙක් එවුන්වත් අමාරුවේ දාමින් මීළඟ එක තැන තැන්වල මළමිනී ගොඩගසා ගිනි තැබිම.අන්න එදාට කියපන් අවුරුදු කාපු එකේ රේස් කරපු එකේ සැප .

    • Anuradha says:

      අර නුවරඑළියේ කසිප්පු කාලයි,බත් පැකට් එකයි දීපු පොහොට්ටුවේ පර වෙසිගේපුතාව අල්ලා කුදලාගේනවිත් දාන්න ඇතුළට මුන්ට දෙන්න ඕනේ හොඳවයින් දඩුවම් මේ කරපු අසික්කිත වැඩයට .

  3. PEOPLE OF COUNTRY says:

    වෛද්‍ය නලින් විජේසේකර…Obata Teruwan Saranai!
    People of the country!

  4. මී-හර says:

    “ඔවුන් අවුරුදුකාලේ පොදු ප්‍රවාහනයෙන් ත්‍රිකුණාමලය හා බුත්තල ගිහින් තියෙනවා…”

    >>>

    ඉන්දියාව කුම්බ මේලා සැමරුම් සහ දේශපාලන රැස්වීම් තියලා ඉල්ලන් කෑව වගේ, අපේ අයත් අළුත් අවුරුදු සමරන්න ගිහින් ඉල්ලන් කෑව. කොහෙවත් නොගිහින් පරිස්සම් වුණ අයටත්, සංවරයක් නැති මෝඩ මිනිස්සුත් මොළයක් නැති දේසපාළුවොත් බහුතරය නිසා කරදරයක්. ඔය අතරේ, ප්‍රසන්න වගේ මී හරක් සංචාරක බුබුළු ගැන දොඩවනවා. මුලින්ම ඉතාලි සිද්ධියෙන් ඉගෙන ගත්තේ නැහැ. ඊට පස්සේ බ්‍රැන්ඩික්ස් බුබුළ. එංගලන්ත ප්‍රභේදය ගෙන්න ගත්තා වගේ, මුන් අප්‍රිකානු ප්‍රභේදයත් ගෙන්නගෙන රට කාලම දැම්මත් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා…

    • Lalith says:

      රජයේ වැරැද්ද තීරණවල
      මහජනයා ගිය වැරැද්ද සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම දෙගොල්ලොම පනහට පනහ වැරදි

    • GU-VP SAKKILI API-NGO-PVT LIMITED says:

      මී-හර Malliye….
      Meeeeeeee Ubane Uba kiyogena, Kiyogena, Kyogena yana widiyen teruna Kiyawand hapanek kiyala.
      Balngiyama Meeeeeee Ape GU-VP SAKKILI API-NGO-PVT LIMITED buwekne..ammapa

      KIYAWANDA PANAK UPAN HAPAN BALXLIGE PUTALA

  5. Dil says:

    Masks daala pravesam wuna nam merenne nehene. Be disciplined. Adhere to the health guidelines. Careless people’s destiny is the death. Dont get antagonized for speaking like this. I see in most places people gather without masks.

  6. Pradeep says:

    No country can afford medical facilties to all citizens. This is why people advised to follow health procedures. Prevention is the only cure for this nature of disease. People should do their part.

Main News