රෝහල් පිරිලා.. මෝචරි පිරිලා.. අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි..- පුෂ්පා මිස් කියයි..

August 15, 2021 at 12:02 am | lanka C news
රෝහල් පිරිලා.. මෝචරි පිරිලා.. අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි..- පුෂ්පා මිස් කියයි..

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යාද සොයිසා කොරෝනා වසංගතයේ භයානකකම ගැන තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේ ය.

*******

කොවිඩ් හේතුවෙන් අද අපෙන් වෙන්වූවන්ගේ ගණන 160 කි.
හෙට එයටත් වඩා අපේම ආදරණීයයන් පිරිසක් අපෙන් වෙන්වීමට නියමිතය.
අද කොවිඩ් ආසාදිතයින් වූ ගණනද අධිකය .
මේ දිනවල දිනපතාම මගේ පුද්ගලික දුරකථනයට එන ඇමතුම් වලින් අසා සිටියේ එක දෙයකි. “පුෂ්පා අපේ පවුලටම කොවිඩ්. මොකද කරන්නෙ”.
ඒ අවස්ථා වලදී අපත් කොපමණ අසරණ වෙනවාද?.

රෝහල්ද පිරෙමින් ඇත.
මෝචරියද එසේමය.
අපේ වැඩිහිටි පරම්පරාව සීග්‍රයෙන් මරණයට පත්වෙමින් ඇත.

හදවත් රෝග ,දියවැඩියා, ආඝාතය, ශ්වසන ,පෙනහලු රෝගාබාධ අවදානම් ඇති අය දැඩි අවධානමකට ලක්ව ඇත.
අධික ස්ථුලතාවය, දුම්පානය කරන්නවුන්ද දැඩි අවධානම් තත්වයක බව අමතක නොකරන්න.

මෙය තීරනාත්මක අවදියයි.

ඔබ වෙනස් වන්නේනම් පමනක් එයින් මිදිය හැකිය .
*ඔබේ රෝග වලට නිසි ප්‍රතිකාර ගන්න.
*ගුනවත් ආහාර ගන්න.
*අවශ්‍ය පමන හොදින් වතුර පානය කරන්න.
*ක්‍රියාශීලීව ජීවත් වෙනන.
*හොදින් නිදාගන්න ,විවේකය ගන්න.
*ආතතියෙන් මිදෙන්න .
*දිනපතා ව්‍යායාම කරන්න.
*මත් පානය,දුම්පානය ,මත් කුඩු භාවිතයෙන් ඉවත් වන්න.
*සියලු යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

රට හදන්නට පෙර තමා ආරක්ශිත වෙන්න.
නැතිනම් මේ අප ගෙවන්නේ අපේ ජීවිතයේ අවසාන කාල පරිච්ජේදය විය හැකිය.

– Pushpa Zoysa

107,312 views

13 Comments to “රෝහල් පිරිලා.. මෝචරි පිරිලා.. අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි..- පුෂ්පා මිස් කියයි..”

  1. කැලණියේ නයා says:

    ඓතිහාසික කැලණි පුදබිම අවභාවිතා කරල ඩෝන් ගාල සද්දෙ ඇවිත් රටට සුබ කාලයක් එනව කියල මිනිස්සු ඇන්දුව එකේ ආදීනවද මේ දැන්වත් මෝඩ ජහමනයව අන්දන්නෙ නැතුව උන්ට ඇත්ත කියපල්ලා උන් හම්බු කරන තුට්ටු දෙකෙන් සුර සැප විදින එක නවත්තපල්ලා.ඒ මිනිස්සුන්ට බඩට බත් නැතත් ලෙඩට බේත් නැතත් අඩු ගානෙ ඇන්දෙන්නෙ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න දියල්ලා.

    • fass says:

      එහෙනම් බං ඔය දළඳා මාලිගාවට බෝම්බ ගහපු එවුන් හොඳට ඉන්නේ කැම්පස් කොල්ලොයි ගුරුවරුයි අන්දගෙන.

    • අනුර සහෝදරයා says:

      කැබිනට් ඇමතියෙක් ඩෝන් ගාලා ගියොත් තමයි උන්ට තරු පේන්නේ 😐😐

  2. හෙලයා says:

    පලාත් සන්සර්න සීමා හරියට හිසරදෙට කොට්ට මාරුකරනවා වගේ වැඩක්.. හැම පලාතකම එක හා සමාන ලෙස කොරොනා රෝගීන් ඉන්නවා.. පලාත් වැහුව කියල වැඩක් නැහ හැම පලාතකම එක හා සමානව පැතිරෙනවා.. මේව කරල මිනිස්සු රැවටුනාට කොරොන නම් රවට්ටන්න බැහ.. මිනිස්සු දැන ග්න්න ඕනෙ අවදානම සහ එයින් වැලකීමට.. ඔය විකාර නවතල මාස්ක් එක හරියට දාන්නෙ නැති අය හොයල දැඩි දඩුවම් ඩෙන්න.. ආයතන වල.සොඋක්‍ය ක්‍රම මොනවද් බලන්න. බස් දුම්‍රිය වල කට කපල යන එක නවතන්න, අත් සෝදන ස්තාන ඇති කරන්න සහ ඒව භාවිත කරන්න පොලබවන්න.. උද්ගෝසන පෙලපාලි තහනම් කරන්න…නිරෝදාඅයන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න

  3. යකඩයා says:

    මේ ව්‍යසනයෙන් ගොඩ ඒමටනම්, රටට සති 2-3ක් ඇදිරි නීතිය පනවන්න. ආදායමක් නැති, කර කියාගන්න දෙයක් නැති අයට සහන සැපයීමට අරමුදලක් පිහිටවන්න. එයට දායක වීමට සුදුසුකම් ලබන්නේ අයුතු ලෙස දනය ඉපදූ අයවලුන්‍ට පමනි.​ ඔවුන් සියලු දෙනාට යන තැන හදාගන්න මෙය කදිම අවස්තාවකි.

  4. Saman says:

    Hamuduruwo ekka padi madi kiyala strike karaddi mewa matak une nadda. Lajjai. Lankawama warjana.rallakata aran giye oyalage wade nisa tamai. Oyalage level eke hitapu guruwarunta padi wadi karanna kiyla Dan paare.
    Tamta aiti nati boru widayaka kamak iallla ratatama kelawala Dan bana kiyanawa

    • මකබාවා says:

      ඔව් සම්පූර්ණ ඇත්ත. උපදෙස්නම් හොඳයි. නමුත් නුසුදුසු වෙලාවක පඩි වැඩි කරගන්ඩ කරපු වැඩේ හොඳද? හාමුදුරු මෑන් කලේ දේශපාලනය. ඔබ බඩගෝස්තරේ හදාගත්ත. තව තව ඔයවගේ එවුනට හයියක් දුන්න.

  5. Jagath Silva says:

    what is the anedoctal value of deaths

  6. මරණ බයෙන් ඉන්න ජනතාව says:

    බුරු පුතානෝටයි මිනීමරු ජෙප්පන්ටයි දැන් හරි සතුටු ඇති. ගුරු හරකුන් ටික පාරට දක්කලා ලන්කාව පුරාම ඉතා ඉක්මනින් කොරෝනා පතුරුවා හැරීම වෙනුවෙන්.

  7. Norata Eka says:

    අති ශීඝ්‍රගාමී සමූහ එන්නත්කරනයේ ප්‍රතිඵල …
    වසංගතයක් අතරතුර සමූහ එන්නත්කරනය සියදිවි නසා ගැනීමක් …

  8. KG says:

    Me malawikare hema reddama social media walata dada adana ekamai wede..puduma wedanawak

  9. ජෙප්පා says:

    පිරිමි නර්ස් හරි ස්වාමීන් වහන්සේ හරි ඉස්සර කරගෙන ආපහු වර්ජනය කරමු, තව වැඩි කරගන්න පුළුවන් නේද මිස්. මිනිස්සු මැරෙන එක ගැන ඔයාලට කිසිම ගානක් නැති එකේ ඇයි මේ?

  10. Kali puka says:

    oda sinhalaya samadama kale moda wadaya jathiyata kuhaka wemin anyantada wina katina moda jathiyaki. Nidahasa labi auruda 72 ki rata samada palanaya kale sinhalunya kumakada athwi athi diyunuwa. Moda jathiya meya therum gatha yuthuya