රෝහල් පිරී යයි.. ආසාදිතයන් ගෙදරම රදවන්න සැලසුම්.. උපදෙස් මාලාව සකස් කෙරේ..

May 8, 2021 at 12:02 am | lanka C news
රෝහල් පිරී යයි.. ආසාදිතයන් ගෙදරම රදවන්න සැලසුම්.. උපදෙස් මාලාව සකස් කෙරේ..

කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමග ඇතැම් ආසාදිතයන්ට ඉදිරියේදී නිවාස වලම රදවමින් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍යනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව එසේ නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දිනවල සකස් කරමින් සිටින බවද ඇය කියා සිටියාය.

දිනපතා ඉහල යමින් ඇති ආසාදිතයන් සදහා රෝහල් පහසුකම් උපරිම තත්වයට පැමිණ තිබීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවත් ඇය පැවසුවාය.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් වුවහොත් රට වසා දැමීමට වුවද සිදුවිය හැකි බව ද ඇය පැවසුවාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරිය මේ අදහස් පළ කරන ලදී.

22,641 views

9 Comments to “රෝහල් පිරී යයි.. ආසාදිතයන් ගෙදරම රදවන්න සැලසුම්.. උපදෙස් මාලාව සකස් කෙරේ..”

  1. Ravana parapura says:

    දේශීය වෙදුන්ට මෙය බාර දුන්නානම් මිට කලින් කොරෝනාව අපේ රටින් තුරන්වෙලා දැන් ඉතින් විදපල්ලා.

  2. Lakshman Kumara says:

    වෙන රට වල නම් මේ වෙලාවේ දේශපාලන පක්ෂ භේද අමතක කරලා කොරෝනා පොදු හතුරා විදියට සලකලා කවුරුත් කොරෝනා මර්ධනයට සහාය දෙනවා. ඒත් අපේ රටේ මේ විලාවෙත් විපක්ෂෙ බලන්නේ කොරෝනා පිහිටෙන් ආණ්ඩුවට ගහන්න. අර චීන එන්නත දෙනවා කියලා ජෙප්පො සහ සමඟි බලවේගෙ ආණ්ඩුවට බැන්නා. ඒ වැඩේ කඩා කප්පල් කලා. නමුත් චීන එන්නත තමයි හොඳම එන්නත කියලා අද ලෝක සෞඛ්ය සංවිධානයත් පිළි අරගෙන තිබෙනවා

  3. කන්ටේනර් ජීම් කන්නා හු says:

    අදත් 19 මැරිලා කියලා රෑ 12 ට විතර කියනවා. ඒ කියන්නේ ඕක 1.5 X ගත්තාම තමා හරි ගාන එන්නේ. ගෙවල් වල මැරෙන අය එකතු වෙලා නැහැනේ. ඉස්සරහට ඔක්කොම ගෙවල් වල හිටියොත් රජයට හරි ලෙසයි. එතකොට 100 මැරුණත් මරණ වාර්තා වී නැහැ කියන්න පුළුවන්. ලෙඩ්ඩු හම්බු වෙන්නෙත් ඉස්පිරිතාල ඇඳන් ගානට විතරයි. කොහොමද ඒක..ආ..

  4. Nihal says:

    Policies, practices, and procedures should have been formulated much earlier. Lack of strategy. Sad but we have accept what we have got.

  5. Srimal says:

    කොරෝනා මඩින්න හොඳම එන්නත චීන එන්නත  බව ලෝක සෞඛ්ය සංවිධානය ( WHO ) පිළි අයගෙන තිබෙනවා. ඒක දැන ගත්තම සජිත් පුතාණෝට, අනුරකුමාරට, පාඨලීට, ජෙප්පන්ට, ටොයියන්ට සිහියත් නැති වෙයි.  චීන එන්නත දීල අපේ මිනිස්සු මරන්න හදනවා කියලා උන්  ඒ වැඩේ කඩාකප්පල් කරන්න හදපු හැටි දැක්කනේ ලගඳිත්. එහෙම නොවුනා නම් චීන එන්නත දීල මේ වෙද්දිත් අපේ රටේ කොරෝනා පාලනය කර ගන්න තිබ්බා

  6. නිලන්ත says:

    දැන්ද කියන්නේ. අවුරුදු නිවාඩු කාලෙ සංචරණ සීමා හෝ ලොක් ඩවුන් කලා නම් අද අපි ‌බේරිලා. අවුරැද්දට තහංචි දැම්මට ආර්ථිකය වැටෙන්නේ නෑ. නොකළ නිසයි දැං ආර්ථිකය වැටෙන්නේ. රජය කළ වැරැද්දට මිනිසුන්ට දොස් පවරන්න එපා. හැම රටකම නීති දාලා සීමා පනවලා තවයි කොරෝනා පාලනය කළේ.

    • නාලිකා says:

      කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා කර ගන්නේ ඔහේල වගේ අය තමයි. Lockdown කලාම කෑ ගහනවා ජනතාව බඩගින්නේ තියලා බොරුවට lockdown කරනවා කියලා. චීන එන්නත දෙන්න ඉඩ දුන්නේ නැත්තේත් අද ඔහේ කඩේ යන ජෙප්පො සහ සමඟි ජන බලවේගෙ උන් තමයි. නැත්නම් මේ වෙද්දිත් කොරෝනා පාලනය වෙලා.

      • රොහාන් පල්ලෙවත්ත says:

        @නාලිකා ඔව් ඔබ නිවැරදියි. ආණ්ඩුව මොන හොඳ වැඩේ කලත් ඒක කඩා කප්පල් කිරීම විපක්ෂෙ විදිය. ආණ්ඩුවේ චීන එන්නත දීමේ වැඩපිලිවෙල කඩාකප්පල් කලෙත් පුතාණෝ සහ ජෙපි කුහකයෝ තමයි. චීන එන්නත දෙන්න ඉඩ දුන්න නම් මේ වෙද්දි බොහෝ දුරට කොරෝනා පාලනය වෙලා. කේරලය දෙස බලාගෙන පැලැකනිල් බීපන් නිලන්ත

  7. sunimal says:

    ජනතාව පිස්සු බල්ලෝ වගේ හැසුරුන නිසයි මේ තත්වයට පැමිණියේ දැන්වත් නුවනින් වැඩ කරපල්ලා.

Main News