රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…

May 13, 2021 at 12:02 am | lanka C news
රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…

දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට පිලියමක් ලෙසින් දඹුල්ල මහ නගර සභාවෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට තාවකාලික මෘත ශරිරාගාරයක් ඉදිකිරිමට කටයුතු සුදානම් කර ඇත.

දඹුල්ල නගරාධිපතිවරයා සිය බලධාරින් සමග සාකච්චාවක්ද පවත්වා ඇත. ඒඅනුව කොරෙනා වැලදි මිය යන රොගි මල සිරුරු හා ෙසසු මල සිරුරු වෙන් වෙන්ව තැබිමට මෙසේ හදිසියේ මෘතශරිරාගාරයක් ඉදිකරන බව පවසයි.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසුගිය අප්‍රේල් 30 වෙනිදා සිට මේ දක්වාම හුදකලා ප්‍රදේශ බවට පත්කර අතර දඹුල්ල ආර්ථිකය පසුගිය 26 වෙනිදා සිට වසා දැමු අතර පසුව දැඩි කොන්දේසි මත මේ මස 5වෙනිදා නැවැත විවෘත කරන ලදි.

දඹුල්ල නගර සීමාවෙන් දෛනිකව විශාල රෝගින් පිරිසක් හමු වන අතර ඔවුන්ව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෙහලේ ඇතිකල වකුගඩු ඒකකය භික්ෂු වාට්ටුව හා දැඩ්සත්කාර ඒකකවල ඇතිකර ඇති කොරොනා ප්‍රථිකාර ඒකකවල ප්‍රථිකාර ලබති.

දින දින හමුවන රොගින් ප්‍රමාණය ඉහල යන අතර මේවන විට දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පදිංචි කරුවන් 404ක් හා දඹුල්ල ප්‍රදේශිය බල ප්‍රදේශයෙන් රෝගින් 200ක් සොයාගෙන ඇතග

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලින් අනුරාධපුර දිසාවේ කැකිරාව ගල්කිරියාගම මඩාටුගම පොලොන්නරුව දිසාවේ බකමුණ, හබරණ ප්‍රදේස්වල ජනතාවත් මාතලේ දිසාවේ ගලේවෙල පල්ලේපොල, නාවුල, ලග්ගල, ප්‍රදේශවල ජනතාව ප්‍රථිකර සදහා පැමිනෙති. එය මාතලේ දිසාවේ මධ්‍යම පලාත් සභාව සතු ප්‍රධාන පෙලේ රොහලකි.

රොහල් ධාරිතාව වැඩි කරන්න පසුගිය වසර කිපය පුරාම විවිධ උත්සහයන් ගත්තද එය ඉටු නොවු අතර පසුගිය රජය සමයේ ජර්මන් ආධාර යටතේ අංග සම්පුර්ණ රොහලක් සැදිමට දඹුල්ල රාජමහා විහාරයෙන් ඉඩමක් ලබා දන්නද මෙතෙක් එය ඉටු වි නැත.

– මහින්ද උදයසිරි දඹුල්ල

35,460 views

8 Comments to “රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…”

  1. Aurora says:

    රටේ මිනිස්සු ඔක්කොම මැරෙනකම් බලාගෙන ඉන්නෙ.නැතුව හෙලවෙදකමට රෝගින් සුවකරන්න බලය දෙන්න බැරි තරම් ජනාධිපති දුර්වලයෙක්ද? ඔබට චන්දෙ දුන්න අපි මොනතරම් පව්කාරයොද? අපරාදකාරයොද?

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    දැන් හැමතැනම ව්‍යාප්ත වෙලා බෙල්ලත් උඩින් ගිලුනම මෝචරි හදනව ඇදන් ගහනව ඒ අස්සෙ නිලනොලත් ලොක්ක රටින් පනිනව .ඉන්දියාව ගිනි ගන්න පටන් ගද්දි අපි කලේ ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නන්න කතා කරපු එක.යූ කේ වයිරසය ලෝකෙම ව්‍යාප්ත වෙද්දි අපි කලේ හොදටම කලේ අපි කියාල පාරම් බාපු එක.එන්නත්කරණය එකම විසදුම කියල ලෝකෙ හැම රටක්ම කියද්දි අපි කලේ එන්නත ගැන විශ්වාසය බිදෙන නිව්ස් පතුරෝල පැණි හොර වෙද්දු ප්‍රමෝට් කරපු එක.දැන් කට ලගටම ඇවිත් නැති වෙන්න දෙයක් නැති තරමට.මේ කාලකණ්නි දේසපාලුවෝ රටම කෑව සහ කනව.

  3. Dr. Shafi says:

    මිනි පෙට්ටි 100,000ක් ඕඩර් කරපල්ලා

  4. වයි දිස් කොලවෙරි says:

    රජයේ රෝහල් වල තියෙන සායනික පරීක්ශණ සමත් බෙහෙත් බිවුව ගමන් කොරෝනා හොද වෙනවා.

  5. බයියට රෙද්දක් ජාතික පෙරමුණ says:

    වෙන්න බැ . ඔය කිව්වට මැරෙන්නේ උපරිම 30 දවසට. ඒක තමයි බයියන්ගේ සමිකරනේ.

  6. Wije says:

    මෙවැනි මරණ වලක්වාගන්න තමයි කලින්ම සම්පූර්ණයෙන්ම රට වහන්න කියලා කිව්වේ. මේ උද්දච්ච පාලකයොයි, උන්ට උඩගෙඩි දෙන ව්‍යාපාරිකයොයි, බයි ගැත්තනුයි රට වහනවට විරැද්ධ වුනානේ. අනික මුන් ඔක්කොම දේශපාලනේ තමයි කරේ. අපිනම් රටෙන් යනවා. බයියනි පුලුවන්නම් මරනයෙන් බේරියල්ලා.

  7. 3% ට බය විරුවා says:

    දැන් ෂැපද ……………

Main News