රෝහල් වැසිකිලියේ සිට බදියුදීන් හොර වැඩක.. පොලිසියට මාට්ටුයි..

July 24, 2021 at 10:01 pm | lanka C news
රෝහල් වැසිකිලියේ සිට බදියුදීන් හොර වැඩක.. පොලිසියට මාට්ටුයි..

දින කිහිපයක් රෝහල්ගතව සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රෝහලේ සිටිය දී සිදුකරන ලද රහසිගත ක්‍රියාවක්ලි පොලිසිය විසින් හෙලිකරගෙන තිබේ.

වෛද්‍යවරුන් විසින් ඔහුට නිර්දේශ කරන ලද ඖෂධ වර්ග පානය නොකර කොලයක ඔතාගෙන වැසිකිළියට ගොස් විසිකර දමනු පොලිස් නිලධාරීන් විසින් හෙළිදරව් කරගෙන ඇත.

මන්ත‍්‍රීවරයා වැසිකිළියේ කවුළුවකින් එසේ කොළයක ඔතන ලද ඖෂධ විසිකර දමා ඇති අතර ඒවා පොලිස් නිලධාරීන් විසින් වෛද්‍වරුනට පෙන්වීමෙන් තහවුරු කර ගෙන ඇත්තේ ඒවා මන්ත්‍රීවරයා වෙත නිර්දේශ කර ඇති ඖෂධ බවයි.

මන්ත‍්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී රෝගී තත්ත්වයක් ඇති බව පැවසීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය.

ඔහු රෝහල්ගත කරන ලද්දේ ඔහුගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරියක් ගිනිගැනීමකින් රෝහල්ගතව මිය ගිය දින දිනයේදීම ය.

රෝහල්ගත වූ මන්ත්‍රීවරයා තමනට පෞද්ගලික රෝහලක හෝ ගෙවන වාට්ටුවක නැවතීමේ පහසුකම් ඉල්ලා සිට ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

අද පස්වරුවේ මන්ත්‍රීවරයා නැවතත් රෝහලේ සිට රහස් පොලිසියට ගෙන යෑමට වෛද්‍යවරුන් විසින් අවසර ලබාදී තිබිණි.

134,988 views

22 Comments to “රෝහල් වැසිකිලියේ සිට බදියුදීන් හොර වැඩක.. පොලිසියට මාට්ටුයි..”

  1. විගඩමා says:

    එතකොට මූ දූෂණය කරපු කතාවක් මෙතන නැද්ද? ගෙදර අනික් හැමෝම එකතු වෙලා බාල වයසේ දරුවන් දූෂණය කරද්දී මේ යකා සිල් අරගත්තද? මොකක්ද මේ හංගන්න යන්නේ. මුස්ලිම් චන්ද ටික වෙනුවෙන් හැම එකාම වහෙංඔරෝ බාසාව කතා කරන්නේ. නොදකින් මෙහෙමත් කාලකණ්ණි දේශපාලනයක්.

    • pradeepa wijesena says:

      ee SELLAM karanna baha,,, mokada mee daruwan okkoma DAMILA daruwan….

  2. කපටියා says:

    මූ කරන්නේ අමු බොරුව බව මේකෙන්ම ඔප්පු වෙනවා. ලමුන් දූෂණය කරලා මිනීමරපු උන් හිරේ යවන්නේ නැත්නම් රටේ නීතියෙන් වැඩක් නැහැ.

  3. කුකුලා says:

    බය වෙන්න දෙයක් නැහැ. සර්ව බලධාරියා විසින් මේ නඩුව විසි කරලා දාන්නේ ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියමින්. පාස්කු ප්‍රහාරයටත් ගේම දුන්නා නම් මේක මොන කජ්ජක්ද?

  4. Mangala says:

    උට වහ ටිකක් දීපල්ලා කාලකන්නි හැත්ත

  5. Silly Point says:

    Why couldn’t he flush it down the toilet? Is he so stupid?

  6. සමනා says:

    ඇයි අප්පා වීෂිකලේ, කොමඩ් ඒකට දාන්න තිබුණා නේ අයියෝ!

  7. TNA says:

    Authorities are expecting their vote and solely depend on them. Unless the system is changed nothing will happen. They will be discharge from all charges.

Main News