රෝහලේදී දුන් එන්නතකින් පසු පුද්ගලයෙක් මිය යයි.. ඥාතීන් නොසන්සුන්…

September 9, 2020 at 4:40 pm | lanka C news
රෝහලේදී දුන් එන්නතකින් පසු පුද්ගලයෙක් මිය යයි.. ඥාතීන් නොසන්සුන්…

වව්නියාව මහරම්භකුලම් ප්‍රදේශයේදී සුනකයෙකු සපා කෑමෙන් රෝහලගත කල අයෙකුට ලබා දුන් එන්නතකින් පසුව එම පුද්ගලයා ඊයේ (08) දින මිය ගොස් ඇති බවට මිය ගිය අයගේ ඥාතීන් පවසා සිටිති.

මහරම්භකුලම් පුලියඩි ප්‍රදේශයේදී සුනකයෙකු සපා කා ඇති අතර වසරක් පාසා ජලභීතිකා එන්නත සිදුකරගත් අදාල පුද්ගලයා ඊයේ දිනට අදාල එන්නත ලබාගෙන නිවසට යාමෙන් පසුව බරපතල අසනීප තත්වයක් ඇති වී වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී හු මිය ගොස් ඇති බවට වාර්ථා විය.

කෙසේ වෙතත් මිය ගිය අයගේ ඥාතීන් පවසා සිටියේ රෝහලෙන් ලබා දුන් වැරදි එන්නතක් හේතුවෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවට පසමින් රෝහල ඉදිරිපිට ඥාතී නොසන්සුන්කාරීව හැසිර ඇත.

එහෙදී මිය ගොස් ඇත්තේ මහරම්භකුලම් පුලියඩි ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සිවපාලන් නැමති අයෙකි.
කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ පස්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමේදී අවසන් මරණ පරික්ෂණ වාර්ථාවන්ට අනුව අදාල පුද්ගලයා එන්නත ලබා ගැනීමෙන් පසුව නිවසට ගොස් සිටියදී හදීසියේ ඇති වූ හෘදයාභාදයකින් බවට තහවුරු වී ඇති බවට මරණය සමබන්ධයෙන් පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,281 views

2 Comments to “රෝහලේදී දුන් එන්නතකින් පසු පුද්ගලයෙක් මිය යයි.. ඥාතීන් නොසන්සුන්…”

  1. Love nature says:

    මරණය ආදා මරුවා හට නෑ කිසිවිට බාධා”

    • Sam says:

      ගොටාබය ජනපති කලේ බඩ ගැන හිතල නොවේ රටගැන හිතල. විශේශයෙන්ම සැමට සාධාරණ නීතියක් බලපොරොත්තු උනා. කනමොදය වගේ බීල අන්ත අසරණයෙක් යටකර පැනල ගිය එකාට එදාම ඇපදුන්නා .අද රාත්‍රී ප්‍රවුර්ති ප්‍රකාශය බැලීමේදී මගේ ඇගේ ළේ රත් උනා .වැටලී මට ගිය අපේ පොලිස් නිළදාරීන්ට කාළකන්ණි හම්බ හැත්ත අමානුසික ලෙස පහර දුන්නා. මේක සිංහල මිනිසුන් කලානම් මෙලහකට ඔහුන්ගේ ඊල ඇට කුඩු කරල .හෙට හම්බයින්ගේ බුරියාණි කාල හම්බයින්ට පුක දෙන දේශපාඋවන්ගේ නියෝග පිට හෙට මුන්ට ඇප ලැබේවී. දැනටමත් හම්බ දේශපාලුවෝ සහ රාජිත රන්ජන්වගේ කාලකන්ණි මුන් බේරා ගැනීමට පොලිසියේ. ආරක්ශක ලේඛම් පබයෙකුගේ බූමිකාව රගදක්වනවා. ඔහු අගමැතියට බයයි .මේ කොමෙන්ට් එක කරුණාකර පලකරන්න.

Main News