රෝහලේ සිව්වන මහලෙන් ඇදවැටී කාන්තාවක් මිය යයි..

August 31, 2020 at 12:40 pm | lanka C news
රෝහලේ සිව්වන මහලෙන් ඇදවැටී කාන්තාවක් මිය යයි..

යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිව්වන මහලේ සිට බිමට වැටීමෙන් කාන්තාවක් ඊයේ (30) දින මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල කාන්තාව යාපනය ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ සේවිකාවක් වන අතර ශික්ෂණ රෝහලේ 17 වාට්ටුවේ මිය ගිය කාන්තාව පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී ඇත.

මිය ගිය කාන්තාව කිසිවෙකු විසින් තල්ලු කොට වැටුනේද එසේ නැතිනම් තමන් විසින්ම පැන සියදිවි හානි කරගත්තේද නැතිනම් පිරිසිදු කිරීම්හි නරත වන අවස්ථාවේදී අත්වැරදීමකින් වැටුනේද යන්න පිළිබඳව සේවීමට පරික්ෂණයක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

මෙසේ සිව්වන මහලෙන් වැටී මිය ගොස් ඇත්තේ යපනය පලෙයි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,890 views

One Comment to “රෝහලේ සිව්වන මහලෙන් ඇදවැටී කාන්තාවක් මිය යයි..”

  1. samitha says:

    මේකත් අර රාගම රෝහලේ ගයිනා අම්මා කෙනෙක්ව කාමරේට අරගෙන පරික්ෂා කරලා මොනාද කරන්න යනකොට ජනේලෙන් පැනලා මැරුණා වගේ කේස් එකක්ද ?

Main News