කොරෝනා රෝගීන් 86යි.. IDH රෝහල උපරිමයට පිරේ.. අලුත් රෝගීන් මුල්ලේරියා රෝහලට…

March 23, 2020 at 9:20 am | lanka C news
කොරෝනා රෝගීන් 86යි.. IDH රෝහල උපරිමයට පිරේ.. අලුත් රෝගීන් මුල්ලේරියා රෝහලට…

අද අලුයම වන විට මෙරට කොරෝනා ආසාධිතයන් ප‍්‍රමාණය 86 දක්වා ඉහල ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියාය.

කොළඹ ජාතික උණ රෝහල මේ වන විට ධාරිතාව උපරිම මට්ටමේ පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාධිතයන් හා සැක සහිත පුද්ගලයන්ගෙන් පුද්ගලයා නේවාසිකව රඳවා ගැනීම හේතුවෙන් මෙසේ එම රෝහල උපරිම ධාරිතාවට පත්වී ඇතැයි ඔහු පැවසීය.

මේ හේතුවෙන් ඉදිරියේදී කොරෝනා ආසාධිතයන් මුල්ලේරියාව රෝහලට යොමු කරන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විටත් එම රෝහල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

63,249 Viewers

21 Comments to “කොරෝනා රෝගීන් 86යි.. IDH රෝහල උපරිමයට පිරේ.. අලුත් රෝගීන් මුල්ලේරියා රෝහලට…”

  1. Atta says:

    Ko ara trending line eka visleshanya karala anduwe guna wayapu expert la??, meken deshapalanaya nokara goda yana widiyak hitapalla nikan lajja wenne natiwa. Danata aran tiyana ewaya hoda saha naraka decisions dekma tiyanwa.

  2. නට්ලූස් says:

    එදා වේලට නට්ලූස් ප්‍රකාශ නිකුත් කර රට මුලා නොකරන මෙන් ඉල්ලා සිටිමු.
    අද කියනවා ඊයේ(22) රෝගින් 09ක් වාර්තා වුනාලු.
    එතකොට ඊයේ කිව්වා මෙහෙම “නව කොරෝනා වෛරසය ආසාදනය වේ යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේදී රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.”

  3. අප්පුහාමි says:

    මහදැන-මුත්තයි ගෝලයෝ රොත්තයි ඇහුවද?
    අනතුර කල්තියා දුටු විශාරදයන් කිව්වා බලපෙරේතකම පැත්තකට දමා රට LockDown කරන්න කියලා.නාම යෝජනා දෙන්න පෙරේතකමේ මහදැන-මුත්තයි ගෝලයෝ රොත්තයි ඒවා ඇහුවද ?
    ලංකාව දැන් සිංගප්පූරැවක් කරනවා කෙසේ වෙතත් ඉතාලියක් නොවී බේරැනොත් ඇති.

    • firdouse says:

      appuhamy. u correct👏 ape karume thamai pasu giya dawaswala nama yojana thibba eka. rajayata namayojana walata thibunu unansuwa coronowalata thibbe nehe. kawruth aanduwata kade yanna epa … ape jeewitha apima beragamu. mun coronawalin desapalanaya karanawa.

    • damian says:

      Moda appuhami, you can’t and should not block a virus like that.
      Only way is the controlled spreading.
      This is what they are trying to do right now.

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      සමහර රතු කොල වහල්ලු ටිකක් පාර්ලිමෙන්තුව විසුරුවල නාම යෝජනා කැඬවපු එකට බයේ රට කලින්ම ලොක් ඩවුන් කලේ නෑ කියල නහයෙන් අඬද්දි, උන්ම අනිත් පැත්තෙන් අඬනව ඇඳිරිනීතිය නිසා කරදරයිලු. ආර්ථිකය වැටිලලු.

    • රත්නපාල says:

      රට කලින්ම LockDown කරන්න කියලා කියපු ඔය විශාරදයො කව්ද? මහාචාර්ය බූරු පුතානෝද?
      අහවල් දවස වෙනකොට ඒක කරන්න කියල අහවල් දවසෙද කිවෙ?
      මොන විද්‍යාත්මක විශ්ලේෂණයක්, පදනමක් ඉදිරීපත් කරලද ඒක සාදාරණයි කියල ඔප්පු කළේ?

      දැන ගන්නයි අහන්නෙ. මොකද මීට දවස් 2, 3කට කලින් මහාචාර්ය බූරු පුතානෝයි, ( අනුරුද්ධ පාදෙනිය දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග ප්‍රමානවත් කියල කියද්දි ) GMOA එකේ දොස්තර නලින්ද හෙරතුයි හැරෙන්න වෙන කවුරුවත් එහෙම එකක් ප්‍රසිද්ධ මාධ්‍යක එහෙම කියනව මම දැකල තිබුනෙ නැති නිසා. ඒ කිසිම වෙලාවකවත් කිසිම විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කලේත් නැති නිසා.

  4. එක ජීවිතයක් වත් හානි නොවී …ලෝක ව්‍යසනයකින් අපිව බේර ගන්න අපි වෙනුවෙන් ලංකාවේ අපට ඉන්න එකම යාළුවා නෑදෑයො… රජයයි , අපේ හමුදාව යි …! අපි අපිට පුළුවන් උපරිමෙන් ම යුතුක වගකීමෙන් සහාය වෙමු … ඒ අපි ,අපේ මිනිස්සු වෙනුවෙන් …!! තම්බ දීලා 96 වතාවක් බේරලා බෝම්බ ගස්සලා ලක්ෂ දෙකක් දෙන්නම් ,නීති නෑ , බෝම්බ නිසා අපිට මිලියන ගානක් ආධාර ලැබෙනවා … කියපු ත්‍රස්තවාදීන්ට ට වඩා පුලුවන් හැම ජීවිතයක්ම බේරන්න උත්සාහ කරන නායකත්වය ට නම් සහාය වෙමු …! මේ දේශපාලන බලවේගය ට මේ නායකත්වය ට පුළුවන් උපරිමය දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණ එක ගැන ලොකු සතුටක්…මෙය ගොඩනඟපු බල වේගය …සුලුතරයක් නිසා ජනතාවගෙන් ඈත් වෙන්න නොදී පවත්වා ගන්න ..වැරදි අඩු පාඩු තියෙනවා නම් ඒ දේවල් කරන අය අයින් කරල … අඩු පාඩු තියෙනවා නම් ඒවා හදාගෙන … මේ බලවේගය ආරක්ෂා කර ගැනීමයි අපේ බලාපොරොත්තුව …!

  5. Boo says:

    සම-හරක් විශාරදයින්ට අනුව කොරෝනා වැඩිවෙන්නේ නාමයෝජනා දෙනකොටලු. මේක ආපහු වැඩිවෙලා තියෙන්නේ එතකොට ආයේ සැරයක් නාම යෝජනා දුන්නද දන්නේ නෑ .

    ඒ විතරක් නෙමෙයි, ඉතාලියෙයි, චීනෙයි මිනිස්සුත් නාමයෝජනා නොදී හිටියනං කොරෝනා වැඩි වෙන්නේ නෑ , මේ සම-හරක් ගේ උපදේශ වලට අනුව. දෙයියනේ ඔන්න ඇමරිකාවෙත් නාම යෝජනා දීලද කොහෙද එහෙත් කොරෝනා වැඩි වෙලා ලු.

    • Atta says:

      Onna thawat wahelek….. ha ha ha

    • Noriko says:

      බූරුවො..නාම යොජනා දෙනකොට කොරොනා වැඩිවෙලා කියලා නෙමෙයි කියන්නෙ. නාමයොජනා දෙනකන් රට lockdown නොකර හිටිය එකේ ප්‍රතිවිපාකෙ. බත් කන හරක්

    • ADO says:

      උබනම් නොම්බර එකේ Boo-රුවෙක් 🙂
      පුත්තලේමද ගෙවල් වහලෝ ??

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      සමහර රතු කොල වහල්ලු ටිකක් පාර්ලිමෙන්තුව විසුරුවල නාම යෝජනා කැඬවපු එකට බයේ රට කලින්ම ලොක් ඩවුන් කලේ නෑ කියල නහයෙන් අඬද්දි, උන්ම අනිත් පැත්තෙන් අඬනව ඇඳිරිනීතිය නිසා කරදරයිලු. ආර්ථිකය වැටිලලු.

  6. උපාසක says:

    රටට විපතක් ආව වෙලාවේ ඒකෙන් දේශපාලන වාසි හොයන්නෙ නැතුව පුරවැසියෙක් විදිහට තමන්ට කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ඒක කරන එක නේද ආයිබෝවං යුතුකම

    • Me says:

      හැම දෙයක් දිහාම විවේචනාත්මකව බලන්න පුරුදු වුනාම රට ගැන ජනතාව ගැන මනුෂ්‍යයන් ගැන සතා සීපාව ගැන ගහ කොල ගැන හිතන්නෙම නෑ. අාදරය, කරුණාව, මෙෙත්‍රිය, ඉවසීම දන්නෙවත් නෑ.

    • තිසාහාමි says:

      අර මේක්අප් දාගෙන රඟන කාලීන බණ සෙට් එක පැනලා හැංගිලා,උපාසකලා බණ කියනවා.

  7. ඇතිවී තිබෙන අති ධාවනකාරී සේදීම් හමුවේ ලොවම ජල හිඟයකට මුහුණ දිය හැකිය.

    මහා සයුරු ජලය කිසිදා විසබීජයනට වයිරසයන්ට යහතින් රදන්නට ඉඩ නොදේ.
    හිරු මෙන්ම සාගර ජලයද ලෝක ගෝලය අනේකවිද විෂබීජ , වයිරසයන්ගෙන් ආරක්ෂා කරයි.
    නායක තුමලාණෙනි! බලධරයිනි! සියලු මහා පරිමාණ විෂබීජහරණ සදහා මුහුදු ජලයද මිශ්‍රකර ගැනීමෙන්
    මිරිදිය ජලය සුරැකෙන අතර .විෂබීජ නාශක ඉතිරියක්ද සිදුවේ.

    ඒ අතර අනවශ්‍ය ආවරණ ඉවත් කර දහවල හිරු එළියෙන්ද හොදින් ප්‍රයෝජන ගනිමු!
    මගේ රටට දළදා හිමි සරණයි!

  8. ම ඉහත මුහුදු ජලය යොදන්නයි අදහස්කලේ ලෝහමය උපකරණ හෝ ලෝහමය ගොඩනැගිලි ආදිය නොමැති ස්ථාන වලටය.
    එසේ නොවුවහොත් වටිනා දේ අදික ලෙස මල කෑමකට ලක්වේ.
    තවද,ආවරණ ඉවත් කරන්නැයි අදහස් කළේ මුහුණු ආවරණ නොවේ. අනවශ්‍ය වහළවල් ආදිය හා ඉවත්කළ යුතු වන ආවරණ
    [එදවස විහාරමහාදේවී උයනේ කලක් මෙන්] ආදිය පිලිබදවය.
    සියලු කොවිඩ් රෝගීන්ට තිසරණ! හා සියලු දෙවි පිහිට!

  9. Love nature says:

    සියලු දෙනාට දළදා හිමි පිහිටයි.