රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..

February 5, 2019 at 10:40 am | lanka C news
රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..

රෝහිත රාජපක්‍ෂ හා ටට්යානා ජයරත්න අතර පල්ලියේදී සිදු කරන ලද විවාහ උත්සවයේදී කතෝලික සම්ප‍්‍රදායන් බිද දමා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ස්ථාවරය දැක්විය යුතු බවත් ‘දිවැසිවරු’ කතෝලික ගිහි සංවිධානය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

සාමාන්‍ය කතොලික ජනතාවට අදාල විවාහ නීතිය හා සම්ප‍්‍රදාය උල්ලංඝනය කර ප‍්‍රභූන්ට අවසර ලබාදීම සම්බන්ධව කතෝලික නායකත්වයේ නිල ස්ථාවරය දන්වන්න

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානි ලී මහත්මිය අතර බම්බලපිටිය දෙව්මැදුරේදී සිදු වූ කතෝලික විවාහ මංගල්‍යය සම්බන්ධව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී. විශේෂයෙන් සම්මත කතෝලික විවාහ සම්ප‍්‍රදාය හා කතෝලික සක‍්‍රමේන්තුවක් වන ආශිර්වාදකාර බන්ධනය සදහා මීසම්වල සාමාන්‍ය ජනතාවට බලපාන සාමාන්‍ය පොදු විවාහ නීති අභිබවා ප‍්‍රභූ කෙනෙකුට කතෝලික සම්ප‍්‍රදාය බිද දමන ආකාරයෙන් ලබා දුන් අවසරය සම්බන්ධයෙන් කතෝලික සමාජය නොසන්සුන් වී ඇති බව පෙනේ. විශේෂයෙන් පල්ලියෙන් විවාහ වීමට ගොස් දැඩි නීති රිති නිසා අසාධාරණයට ලක් වූ බොහෝ කතෝලික තරුණ තරුණියන් තමන්ට නොලැබුණු වරප‍්‍රසාද ප‍්‍රභූ පැලැන්තියට පමණක් ලැබෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්ණ කරමින් සිටී.

කතෝලික සභාවේ ප‍්‍රගතිශීලී පියවරුන් රැුසක්ම සාමාන්‍ය ජනතාවට නොදෙන මෙම ලිහිල්භාවය ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්ණ කිරීමට තරම් කොන්දක් ඇති තත්වයට පත්ව තිබේ. පසුගියදා බොරැුල්ල ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධ්‍යාපනය ලබන සිසුන් හා එහා පියවරුන් අතරද දැඩි මතවාදී වාචික ගැටුමක් මේ සම්බන්ධව ඇති වූ බව වාර්ථාවේ. සභාව සම්බන්ධයෙන් එසේ ප‍්‍රශ්ණ කරන පියවරුන්ට හා දේවධර්ම නිකේතනයේ සිසුනටද අපගේ ආචාරය පළමුව පිරිනමමි. එය සැබෑ ලෙසම දානියෙල් නොබියව කතා කර සිංහ ගුහාවට ගිය සේ, ස්නාවක ජුවාම්තුමා නොබියව කතා කර තැටියකට හිස ගිය සේ, ක‍්‍රිස්තුන් වහන්සේ නොබියව නායක පූජකයින්ව ප‍්‍රශ්ණ කර කුරුස ගසට ගියාසේ සැබෑම දිවසිවර ප‍්‍රශ්ණකිරීමකි.

අප කතෝලික සභා නායකයින්ගෙන්් අප ඉතා පැහැදිලිව ප‍්‍රශ්ණ කිහිපයක් අසන්නට කැමැත්තෙමු.

කතෝලික විවාහ නීතිය අනුව දෙව්මැදුරේ විවාහ වීමට පෙර පොරුවේ හෝ වෙනත් තැනක විවාහ වී ඊට පසුව පල්ලියේ විවාහ වෙන්න බැහැ නේද? එය කතෝලික විවාහය කියන ප‍්‍රසාද නිදානයට නැතිනම් සක‍්‍රමේන්තුවේ ඇති ශුද්ධවත්බවට කරන හානියක් නේද ?

1. රෝහිත ටට්යානා පල්ලියේ විවාහ වීමට දින කිහිපයකට පෙර පොරුවේ විවාහ වී හනිමුන් එකත් ගිහින් ඇවිත් පල්ලියෙන් බදින එකට කතෝලික සබාවේ අවසර තියෙනවද?

2. එහෙනම් කතෝලික මීසම් වල ඉන්න රට යනකොට රෙජිස්ටර් එකෙන් බැදලා රට ගිහින් යලි පල්ලියෙන් බදින්න යන තරුණ තරුණියන්ට අගරදගුරු මැදුරෙන් විශේෂ අවසරයක් සදහා ලියුමක් අරන් එන්න
කියන්නෙ ඇයි?

3. මිශ‍්‍ර විවාහ වලදි දෙදෙනෙක් විවාහ වෙනකොට පල්ලියෙ සම්පූර්ණ පූජාව දෙන්නෙ නැහැ නේද? එය නීතිය නිසා කතෝලික පල්ලිවල අවුරුද් ගණන් සේවය කරන තරුණ තරුණියන්ට පවා මිශ‍්‍ර විවාහයක් කරනකොට සම්පූර්ණ පූජාව නොදී අර්ධ පූජාවක් දෙන්නේ ඇයි ? ප‍්‍රභූ පිරිසට ලැබෙන වරප‍්‍රසාද මීසම් වල ඉන්න සාමාන්‍ය ජනතාවට නොදෙන්නේ ඇයි ? තද විවාහ නීති ඇත්තේ මීසම්වල සාමාන්‍ය කතෝලික ජනතාවට පමණද?

4. කතෝලික විවාහයකදි අනිවාර්්‍යයෙන්ම විවාහය ගැන කියලා දෙන පෝය පංති වලට විවාහක යුවල සහභාගී වීම අනිවාර්්‍යය නොවේද ? නැත්තම් පල්ලියේ බදින්න අවසර නැහැ නේද? රෝහිත හා ටට්යානා පල්ලියෙ විවාහ වීමට පෝය පංති වලට සහභාගී වීමේ ලිපි ලේඛණ තියෙනවද ?

5. කතෝලික පල්ලියේ විවාහයට අත්සන් කරන රෙජිස්ටර් පොත සාමාන්‍ය ජනතාවට බැහැරට ගෙනයාම තහනම් නේද? එහෙනම් කොහොමද ප‍්‍රභූ විවාහ වලදි එය අරලිය ගහ මැදුරටල, ජනාධිපති මැදුරට ගෙනයන්න පුළුවන් වෙන්නෙ?

6. කතෝලික ආගමේ හැටියට එකවරකට වඩා දික්කසාද වූ කෙනෙකුට නැවත පල්ලියෙන් කසාද බදින්න දෙන්නෙ නැහැ නේද? නමුත් කොහොමද සමහර ප‍්‍රභූ පිරිස්, ක‍්‍රීඩකයින්, කලාකරුවන් විශේෂ අවසරය ඇතිව එහෙම තුන් හතර වරක් පල්ලියෙන් විවාහ වෙන්නේ ?

7. කතෝලික සබාවෙන් නිවේදනය කලාට මෙම විවාහය නිකං ආශිර්වාදයක් විතරයි කිව්වට (අප ළග පැහැදිලි සාක්ෂි ඇත* එය එහෙම නෙවෙයි නේද? ඇත්තටම කතෝලික සභාවේ නිල නිවේදනයෙන් කතෝලික ජනතාව නොමග යවනවා, රවටනවා නේද?

8. කතෝලික සභාව මිශ‍්‍ර විවාහ වලදී සත්ප‍්‍රසාද ආශිර්වාදය නොදී පූජාවෙන් බාගයක් දෙන්නේ වෙනත් ආගමක කෙනෙක් විවාහ කර ගැනීමට වක‍්‍රාකාරයෙන් දඩුවම් දීමක් ලෙස නොවේද?

9. කාදිනල් හිමිපාණන් සිංහල බෞද්ධකම ගැන ඔයතරම් ආදරයෙන් කතා කරද්දි මීසම්වල සිටින ඇතැම් පියවරු
මිශ‍්‍ර විවාහ වලදී පොරුවේ විවාහයට විරුද්ධ වන්නේ, පිරිත් නූල් වලට විරුද්ධ වන්නේ, මිශ‍්‍ර විවාහක පවුල්වල කතෝලික ප‍්‍රතිමා සමග බෞද්ධ ප‍්‍රතිමා තැබීමට විරෝධය දක්වන්නේ ඇයි?

අප කණ්ඩායමේ අදහස වන්නේ රෝහිත හා ටට්යානාට එසේ විවාහ වීමට ලබා දීම නිවැරදි බවත් එසේම එවැනි විවාහ නීති ප‍්‍රභූ පැලැන්තියට පමණක් ලබා නොදී සාමාන්‍ය අප මීසම් ජනතාවටද ලබාදිය යුතු බවත්ය. එසේම බෞද්ධයින් වැඩිවශයෙන් සිටින ධර්ම¥තික පදවිතුළ කතෝලික තරුණ තරුණියන් වැඩි වශයෙන් විවාහ වන්නේ බෞද්ධ සහකරුවන් සහකාරියන් සමගය, එනිසාම සහජීවනය ගැන කතා කරන ආගමික නායකයින් පොරුවේ විවාහයට අවසරය සේම මිශ‍්‍ර විවාහ වලදී සම්පූර්ණ පූජාව ලබා දෙමින් අන්‍යාගමිකයින්ට ගෞරව කළ යුතුය. එවිට ආගම් දෙකක් සංස්කෘතින් දෙකක් වඩා හොදින් එක්වෙමින් නිදහසේ තම තමන්ට එකිනෙකාගේ ආගම් වලට ගරු කිරීමට හැකි පරිසරයක් නිර්මාණ වනවා නියතය.

එසේම මෙම විවාහය පදනම් කරගෙන මීසම්වල මිශ‍්‍ර විවාහ කරන තරුණ තරුණියන්ටත්, විදෙස් ගතවීමට විවාහ වී රෙජිස්ටර්කර රට යන කතෝලිකයින්ටත් ඉදිරියේදී වරප‍්‍රසාද නොදී සිටිමට කතෝලික පියවරුන්ට නොහැකි වනු ඇත.

වෙනදා කොළඹ අගරදගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටින ප‍්‍රකාශ නිකුත් කරන ‘කිතු හ`ඩ’ කතෝලික දහම රැුකගැනීමේ ව්‍යාපාරය නම් කතෝලික සංවිධානය මෙම කරුණ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ අගරදගුරුතුමන් කළ දේ අනුමත කරන නිසාද? නැතහොත් සභා නායකයින්ට බයෙන්ද?

සභාව මෙම දෙබිඩි පිළිවෙතින් මිදී මේ සම්බන්ධව ඇත්ත පිළිගෙන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් නිකුත් කළ යුතුය. ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමා මගින් බම්බලපිටිය දෙව් මැදුරේදී ලබා දුන්නේ ආශිර්වාද කිරීමක් පමණක්ය යන තක්කඩි නිල ප‍්‍රකාශ මගින් කතෝලික ජනතාවට මුසා පවසමින් කතෝලික ජනතාව හෑල්ලූවට ලක් නොකොට ඇත්ත ඇති සැටියට ප‍්‍රකාශ කර කතෝලික ජනයාගෙන් සභා නායකත්වය සමාව අයැදිය යුතුය. එමෙන්ම සාමාන්‍ය ජනතාවටද කතෝලික විවාහ නීති ලිහිල් කළ යුතුය.

ස්තුතියි
ජේසු පිහිටයි !

‘දිවැසිවරු’
කතෝලික ගිහි සංවිධානය

 

47,004 Viewers

42 Comments to “රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..”

  1. john the baptice says:

    The ancient manuscript that claims Jesus married Mary Magdalene and had children.

    • TJ says:

      Please share that manuscript unless you are pimp to just post comments like this.

        • TJ says:

          You are an idiot trying to topple the history/belief accepted by billion of people in the world by referring to an article which has 175 views and commented by only one person, that also a negative comment about it.

          For people like you the Europeans are the worst and we are the best, but for these kind of bullish you have so much respect to what the so called British professor says. All the best, keep going.

          • Love nature says:

            ‘The word God is nothing but human weakness to me’: Albert Einstein’s ..

          • Siri says:

            If you want, you can leave out that particular youtube video. But there are many other videos and other documentaries on it which are read by millions of people.

            To me, you seem to be a much bigger ignorant idiot who talks only out of topic and also accusing the other person of things he has not said (e.g. about respect for Europeans)

    • Ex Catholic says:

      That “ancient” manuscript was later found to be bogus

      • බන්ඩා says:

        Have you watched Dan Brown’s film named “The Da Vinci code” or seen Leonodar Da Vinci’s famous painting “The last supper”? I have a replica of it.

        • CAT says:

          As told by The Independant, an ancient writing with a hidden meaning has recently been discovered – written evidence that Jesus was married to Mary the Magdalene and had children with her.
          An ancient manuscript unearthed at the British Library and dating back nearly 1,500 years says that Jesus married Mary Magdalene and had two children, with their names and descendants reportedly given in detail in the text. The recently unearthed 1,500 year old manuscript is being held at the British Library. According to Professor Barrie Wilson and writer Simcha Jacobovic, who spent months translating the text from Aramaic, the “Lost Gospel” reveals that Jesus married and had children with Mary Magdalene before he started his ministry, at 30 years old. Nikos Kazantzakis’s The Last Temptation of Christ and Dan Brown’s The Da Vinci Code made the same allegation.

  2. Edward Theophilus says:

    There is nothing wrong in it. These people attempt to use religion for politics. As a Catholic person I can firmly state that there was nothing wrong in it. Catholic Church has many issues than to talk about a wedding. Please stop this rubbish talks.

    • Ex Catholic says:

      Dear Edward Theophilus
      The issue here is NOT whether the ceremonial mass was right or wrong. But high and mighty and the privileged given concessions not given to common Catholic masses who has to follow a rigid procedure to get married in the Church –

      • JUDE says:

        දිවැසි වරු අපේ රට ජාතිය බේරාගත් , සිරගතකර සිටින විරෝධාර රණවිරුවන්ගේ නිදහස වෙනුවෙන් එක ප්‍රකාශයක්වත් නිකුත් නොකළේ මන්ද ? මේ මගුලක් ගැන කතා කරන වෙලාවේ අද රටේ ඇතිවී ඇති විනාශය පිරිහීම ගැන කතා කරන්න ..මේ රට පත්වී ඇති ව්‍යසනයෙන් රට ජාතිය රැකගන්න කටයුතු කරන්න
        රෝහිත හා ටට්යානා අතර පල්ලියේදී සිදු කරන ලද විවාහ උත්සවයේදී කතෝලික සම්ප‍්‍රදායන් බිද දමා ඇති බව කියමින් මේ සිදුකරන්නේ UNP කලුසුද්දන්ට කඩේ යාමක් නොවේද ? දේශපාලන පලිගැනීම් නොවේද ? ටට්යානා ජයරත්න කතෝලිකයෙක් ඇයට කරන අවමානයක්

        • ගැට්ටා says:

          අපරාධවලට සැකකරුවන් වී සිරගත ව සිටින “රණවිරුවන්” ගැන ඇයි දිවැසිවරු ප්‍රකාශ නිකුත් කරන්නෙ

          • ගිරවා says:

            කෝ මේ සර්වබලධාරී දෙවියන් වහන්සේ ? කොහෙද දැන් ඉන්නේ ?
            පල්ලිය පෝසත් දේශපාලකයන්ට දේවමෙහෙය සිදුකරන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි ..දුප්පත් අසරණ කතෝලිකයාට දේවමෙහෙය සිදුකල යුත්තේ පල්ලියේ පුජකයන්ගේ අවශ්‍ය තාවය මත …..මේ සේරම මිනිස්සු මුලා කරන ආගම් බිස්නස් …..සෑම දෙයකින්ම පැගෙන්නේ දුප්පතා .

        • kasun says:

          ඔන්න රටෙ දැවෙන ප්‍රෂ්ණ

    • siw helayaa says:

      jesus’s movement it self is a political movement against roman empire and barbies. his target was to recur ppl from those rabbies and rulers. So with the trend Jesus build judha rabbies had no option other than garbing the movements into their hand and they used a “sole ie paul” who is a extremist rabbi and too control over mission Jesus was doing and changed it to their benifi and made a religion mixing out Judaism and adding bullshit by paul saying jesus’s teaching. wonder weather single word of Jesus is included in the so called bible?

  3. Edward Theophilus says:

    My question is how did people become Cannon Law experts. Jesus was the word who established the Catholic church and these bogus “divasvaruns” were not authorized by GOD. They are people like Jesus blamed when he was living in this world. They have no right to interpret the Christianity. Please read the book of St John and the last book of Holy Bible

  4. RAW Agent says:

    That’s great.
    It seems that their wedding indirectly serve to make relief for common Catholics.

  5. බන්ඩා says:

    විවාහය ගැන බෞද්ධයන්ට ඇත්තේ සිංහල < සිංහෙල < සිංහ-හෙල සිරිත් විරිත් මිස බෞද්ධ නීති රීති නොවේ. පෝරැව, ජයමංගල ගාථා, අෂ්ඨක, සිංහල සම්ප්‍රදායන්ය. ආබ්‍රහම් ගේ මැවුම්කාර දෙවියන් (යොහෝව) ආදම් සහ ඊව මැවූ නමුත් ඔවුන් ගෙන් පැවතෙන ලෝ වැසි සියල්ලන්ට කෙසේ වෙතත් යො⁣හෝවා/ලෝඩ්/අල්ලා අදහන්නන්ටවත් සමගිව විසීමට එක නීති පද්දතියක් හඳුන්වාදීමට බැරිවිය. වතිකානු නීති හුදෙක්ම තමන් සුරක්ෂිතව ව්‍යාප්ත වී අන්‍යයන් යටපත් කිරීමට යොදා ගත් සම්ප්‍රදායන්ය.

    • maraya says:

      Nuns being brides of christ?
      The Catholic Church teaches that all nuns are mystically betrothed to Jesus Christ. In this actual marriage ceremony a young woman dressed in white, makes a public vow to the Church. After this public profession, the young woman is told that she has become the bride of Christ and must consecrate herself to God “until death”. In this subtle the Catholic Church is offering to the young woman a substitute for marriage to a real man. Although the concept of the “Bride of Christ” is found in Scripture, I challenge you to see whom the Lord is calling the Bride of Christ.

  6. mp says:

    only half ceremony…So… if one person is not a catholic he/she is not blessed?

    • Spirit says:

      When non-Catholics get married in a Catholic church they promised to raise the kids Catholic ,
      Is it true or not ? If so WHY?

    • Jinnah says:

      What does that mean…one is blessed and the other person is accursed? Man or woman?
      Hmmmm
      Poor couple….
      Will they have offspring…..good or bad? Normal or abnormal?

  7. dilani says:

    See the difference of two religions….Buddhists never bring such arguments and oppose like Catholics..

  8. මාතර කොලුව says:

    අහො..කතොලික පල්ලිය සහ විවාහ මොනතරම් අන්තවාදී ද..මොන තරම් ගොන්ද..කියල තෙරුනෙ මෙ ලිපියෙන්..

  9. johny says:

    මටනම් ප්‍රශ්නේ ඔය “මගුල” නෙවෙයි , ෆාදර්ලා කොටි ත්‍රස්තවාදීන්ගේ උත්සව වලට යනකොට මේ “දිවැසිවරු ” කියාගන්න කට්ටිය වචනයක් වත කියන්නේ නැත්තේ ඇයි කියලා ?

    • A citizen says:

      The question 1 and 4 ,the above organisation have raised,compel the young boys and girls in the other religions to think thrice,if he or she would be going to get friendly or going to marry a
      Catholic partner.

    • sinha le says:

      කොටි ත්‍රස්තවාදී පාදිලි රායප්පු කතෝලික බිෂොප් කෙනෙක් නිසා වෙන්න ඇති …

    • maraya says:

      Do Roman catholic nuns get married to Jesus They said they actually are literally married to Jesus…So are they really married to Him?
      How can they marry dead person ?What a joke ?

    • Donot seek such a freedom ,liberalism and flexibility that exist in Buddhism, from other religions regarding these matters. Young people have to think deeply and patiently ,before making a decision to marry a partner from other religions.

    • kanishka Tissa says:

      Well said bro!

  10. kamal says:

    මුලු ලෝකයම ඉන්නෙ දෙකට බෙදිලා කට්ටියක් කියනවා මරණෙන් පසු උත්පත්තියක් නැ කියා තව කට්ටියක් කියනවා ස්වර්ගස්ථ වි ස්ථිර වෙනවා කියා. මේ දෙකම අන්තවාදයන් පුතා දන්නවද පුතාගෙ මනුස්‍යත්වය කියන්නෙ මොකද කියා ඒ තමයි.සත්‍යය ඒ කියන්නෙ හේතු නැති කරොත් උත්පත්තියක් නැ. හේතු ඇති වුනොත් හෝ ඇති විට උත්පත්තිය හට ගන්නවා. නමුත් ක්‍රිස්තියානි අය කියන ස්වර්ගස්ථ විම ඇතිවන්නෙ කපටිකම හින්දා නෙවෙයි අහිංසක විම නිසා ඒ කියන්නෙ කුඩා කුඩා අංශු ඇත්තෙ මිනිසුන්ට විතරයි දෙවියන්ට නැ කියා. ඒ වගේ කෘර නැති මනුස්‍යත්වයක් පුතාලාට නැ පුතාලා හිතන්නෙ සියලු දේ නැසෙනවා කියා නමුත් කොහොමද ආත්මය විනාශ වෙන්නෙ කියා පුතාලා දන්නෙ නැ. ඒ කියන්නෙ රුපය අනිත්‍යය විම දන්නෙ නැ. නමුත් පුතා හිතන්නෙ ජේසු හැමදාම ඉන්නවා කියා ඒ තමයි මනුස්‍යත්වය නමුත් ජේසු මැරෙනවා.නමුත් ජේසු හින්දා හැදුන කපටි දෙයක් තියෙනවා ඒ තමා පව් සමාව පුතා හිතනවද පව් සමා කරන්න පුලුවන්ද කියා නමුත් පුතා දන්නවා පව් සමා කරන්න ආයත සංවරය ඔනැ කියලා.නමුත් පුතලා හිතන්නෙ ජේසු තමයි ගැලවුම කියා.ඒ ඇයි පුතේ. පුතා දන්නෙ නැද්ද ජේසු දැන් ඉන්නේ ස්වර්ගස්ථ වෙලා නෙවෙයි කොකාලික භික්ෂුවට වුන දේ වෙලා තියෙන්නෙ මොකද ජේසු හරි හපන් බොරු හිතන්න. ජේසු බොරුවට හිතුවා කපටිකම් කරන්නෙ නැ කියා නමුත් කෘර වුනා ජුදාස්ට වඩා ඒ කල්ලා කිව්වා ජුදාස්ට පවා දෙන්වා කියා නමුත් ඇත්තටම ජුදාස් තමයි ජේසුව රකින්න හැදුවේ. නමුත් ජේසු දන්නෙ නැ තමා කවුද කියා මොකද සංඝයාට තියෙන බලයක් ආරෝපණය කරන්න ගියා. ඒ ක අහලා තිබුනා නමුත් සංඝයා තරම් බලයක් තිබුනේ නැ ජේසු ඒ ක හින්දා මැරුණා බේරාගන්න ගිය ජුදාසුත් කපටිකමට මැරුවා එක්කල්ලා දෙන්නාම දේවත්වයට පත් කරා. නමුත් ඇත්තටම වුනේ ජේසු නැති වුනා ඇණ ගහලා නමුත් කපටි වුන ජුදාස්ව මැරුවේ නැ නමුත් දුකට මැරුණා. මේ සත්‍ය කථාව පවසන්නෙ මම නෙවෙයි සක්‍ර දෙවියො මිට සියලු දේ දක්නා ලද කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි හා අනගාරික සෝවාන් කමල්

  11. pereera says:

    rajapaksawrunta pakkalikam karanwa hera LANKC site ekata wena news nedda
    lakas 15 pamanai votes lebenne ottuyi balamu

    issara maitreeta benna DEN WANANAWA. MOKAKDA PRATIPATTIYAN APATA HINA

  12. Kamal says:

    පාපී බරබ්බස් කුරුසියෙන් මුදවා ප්‍රේමනීය කිතු සමිදුන් කුරුසිබත් කළ අධම ලෝකයට මොකක්ද කරන්න බැරි…

  13. Piyal says:

    All I know that, jesus doesn’t have father and Maria doesn’t have husbund

  14. Kaluthara Putha says:

    මුන්ට ප්‍රශ්න නැතුවට ප්‍රශ්න…….

  15. Kadiya says:

    Catholics must think about there future generations. Because there gean pool narowing due to marriages in same community in hundred years. Give up the artificial limits and get married wise and butiful partners and go ahead.

  16. Minal Negombo says:

    The official announcement is as follows:
    “දැන ගැනීම පිණිසයි !
    සෝෂල් මීඩියාවල ප්‍රයෝගකාරී ලෙස ප්‍රචාරය කර තිබෙන පරිදි,කාදිනල්තුමා රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ ආශිර්වාදයකට සහභාගි වූයේ නැත.මෙහිදී සිදුව තිබෙන්නේ කතෝලික පාර්ශවයේ ඉල්ලීම පරිදි අපෝස්තලික තානාපතිතුමන් අතින් හුදු “ආශිර්වාද කිරීමක්” පමණි.එය හුදු ආශිර්වාදයක් පමණි.දිව්‍ය පූජාවක් හෝ මිශ්‍ර විවාහ පිළිවෙතක් හෝ අවම වශයෙන් මුදු මාරු කර ගැනීමක් හෝ එහිදී සිදු නොවීය.නමුත් නොදන්නාකම නිසා ඒ යුවල මගුල් ඇදුමින් සැරසී පැමිණ තිබුනි.
    කරුණාකර මෙම සත්‍ය තොරතුරු සියලු දෙනාට ප්‍රකාශ කරන්න.ජේසු පිහිටයි !
    ගරු.ඩෙනින්ටන් සුබසිංහ පියතුමා (අගරදගුරු ලේකම්).”

    But, what I think is now catholic church is doing favor to politicians and other powerful people betraying what Jesus had thought. They ignore all the traditions when it come to powerful people and always use traditions to harm and disregard when it comes to ordinary people.

    • By stander says:

      It seems as all this fuss have arisen in an attempt of Rohitha to show his ygoodwill and fairness to the religion of his partner. It is timely to be reminded that prior to 1505 (before the arrival of Portuguese ),all the Sinhala people have been Buddhists and the existence of Sinhala Carholics came into being as a result of life – threatening , forcible conversions by the Portuguese after 1505.Prior to 1505 , their ancestors also all have been Buddhists.under such circumstances , it is not suitable to exploit this instance of Rohitha’s expression of good will to his partners’ religion to politically motivated , muckraking purposes. It can be considered to be somewhat fair , if they point out such discriminations , if such things occur , during the marriages between Catholic – Catholic partners of wealthy and poor people .

  17. නිළමේ says:

    ඕව ගැන බහින්බස් වෙන්න එපා යකුනේ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් සිංහලුන්ට බලෙන් පොවපු දෑවැද්දක් ඕක.

Main News