රෝහිත රාජපක්ෂගේ විවාහය ජනවාරියේ සිදුවෙනවා..- මහින්දගේ ප්‍රකාශක කියයි.. ආරාධිතයන්ගෙන් නවාතැන් ගාස්තුවක් ගනී..
December 31, 2018 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා ජනවාරි 24 වැනිදා විවාහ දිවියට පිවිසෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
රෝහිත රාජපක්ෂ මහතා විවාහ දිවියට එළැඹෙන්නේ ටට්යානා ජයරත්න මෙනවිය සමගින් යයිද වාර්තාවේ සඳහන්ය.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා ගෙන් තහවුරු කර කර ගන්නා ලද තොරතුරු මත ලංකාදීප පුවත්පත මෙම තොරතුරු වාර්තා කර ඇත.
විවාහ උත්සවය වීරකැටියේ ප්‍රදේශයේ පැවැත්වෙන බවත් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් රන්න ප්‍රදේශයේ හෝටලයක විශේෂ ගාස්තුවක් යටතේ නවාතැන් පහසුකම් සූදානම් කර ඇති බවත් අදාළ ආරාධනා පත්‍රයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වූ ආරාධනා පත්‍රය සමාජ ජාලා වෙත පිටවීමෙන් පසු රෝහිත රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කළේ එය අසත්‍යක් බවයි.
පව් නොදී පැත්තකට වී සිටින්න. තාත්තට අගෞරව නොකොරන්න!
Royal wedding of the year, congrats to lovely couple
රාජපක්සලාගේ හිත යන්නෙම කතෝලික කෙල්ලන්ටනේ, මට ඇයි බෞද්ධම ඕන කියලා හිතෙන්නේ?