රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. [Photo]

October 14, 2021 at 12:00 pm | lanka C news
රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. [Photo]

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

මාධ්‍ය වාර්තා කරන්නේ ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී කටයුතු කිරීමේ සූදානමක් ඇති බවයි.

නමුත් රෝහිත රාජපක්ෂ මහතා එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරග වලට ක්‍රීඩා කිරීමේ කිසිදු අදහසක් නැති බවයි.

දැනටමත් තමන් ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩා කරන බවද ඔහු පවසයි.

මේ අතර කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සඳහන් කරන්නේ රෝහිත රාජපක්ෂ මහතා තම කණ්ඩායම සමඟ පුහුණුවීම් කටයුතු කලද තවමත් කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වී නැති බවයි.

170,501 views

19 Comments to “රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. [Photo]”

  1. චන්ඩි කොල්ලා says:

    මේක මාර කෙලියක්නේ! මහින්ද රාජපක්‍ෂගේ පුත්‍රයකු වු පමණින් තරුණයකු චු ඔහුට කිසිම ක්‍රීඩාවක යෙදීමට අයිතියක් නැද්ද? ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් කලානම් විවේචනය කරන්න අපිත් එකතුවෙනවා. නමුත් අසාධාරණ සහ අහේතුකව කිසිවකු විවේචනය කිරීම සුදුසු නැහැ!

  2. සොයුරන් says:

    නිකමට හිතපන් නාමල් ,යෝෂිත සහ රොකට් ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලං කරනවා. නාමල් බොලින් වලින් අනිත් පැත්තේ එකා පිට එකා අවුට් කරනවා. යෝෂිත නෙලනවා ඩබල් සෙන්චරි, රොකට් බෞන්ඩ්රි ලයින් එකේ ඉඳන් උඩපන්දු රැකගන්නවා. වල්ර්ඩ් කප් එක 2023 අපි දිනනවා. ඒ අස්සේ ගෝඨභය අබිත්තියා එක්ක එකතුවෙලා තෙල් හාරලා අරං රට පෝසත් කරලා රුපියලක් ගන්න ඩොලර් 200ක් ඕනේ වෙන විදියට ආර්ථිකේ දියුණු කරනවා. බැසිලුයි කබ්රාලුයි එකතුවෙලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බිලියන ගනනක් ප්‍රදානයක් දෙනවා ඇමරිකාවේ ආර්ථික අර්බුදය විසඳන්න. පැණි චන්නයා ආයුර්වේද බෙහෙතක් හොයාගන පිළිකාව නිට්ටාවටම සුව කරන. ලංකාවේ අයිසීටිය සී කොයින් කියලා ක්‍රිප්ටෝ කරන්සියක් දාලා බිට් කොයින් එක නන්නත්තාරම වෙන්න. ලන්සා යුඑන් එකේ ඇන්ටි ඩ්රග් කවුන්සිල් එකේ ප්‍රසිඩන්ට් කරලා. ඩලස් උස ගිහිල්ලා. වෛද්‍ය සීතා අරම්බෙපොළ මහත්මිය කොරෝනා නසන රහස් බෙහෙත එලියට දාලා. හ=කොහොමද ආතල් එක. දැන් බනිනා එපා රොකට් සෙල්ලං කරනවට. හරිද ….

  3. Thadipiya says:

    පරපෝෂිත පවුල. මුන් රිංගන්නෙ නැති අස්සක් නෑ. ක්‍රිකට් වල නැති වෙන්න දෙයක් නෑ. ඉතිරි ටිකත් කාල දාපිය. ගොබ්බයා.

  4. මෝ says:

    මුගෙ තාත්ත මහප්ප,බාප්පල අයිය ඇතුලු කුටුම්බෙ රට කෑවා.මූ ඇවිත් ක්‍රිකට් වල ඉතිරි ටිකත් කාලා,දායි.මූ මතකද රගර් මැචෙක පැරදිලා රෙෆ්‍රිට ගැහැව්වා.ඉතිං මූ බැට්කරනකොට,ගහන්න,පුලුවන් විදියට,බෝල් කරන්න,වෙනවා.එක ගමං ක්‍රොකට් ගහන්න බෑ බං.මුන් වගේ පෙරේතපව්ලක් මුන් කුනු පනුවො වෙලා තමයි උපදින්නෙ ආයෙ.

  5. Sagara says:

    ක්‍රීඩා ඇමති වීමට සුදුසුකම් පේනවා

  6. Dilanka says:

    අපිට ක්‍රිකට් එපා කරවන්නද හදන්නෙ?

  7. Sdm says:

    Another cricketer will die in a car blast

Leave a Comment

Main News