රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

October 3, 2021 at 10:00 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඔහු වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇතැයි එම වාර්තාවන්හි සඳහන් ය.

රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇතැම් අවස්ථාවල මැදිහත් වෙමින් සිටින්නේ එම බලාපොරොත්තුවෙන් බවත් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී රෝහල් අඩුපාඩු විමසා ඒවා ලබා දීමත් එහි මුල් පියවරක් යයි ද සඳහන් ය.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හිටපු මහ ඇමැති සහ වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද තමන් මහ ඇමැති ධුරයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඒ පිළිබඳ ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් පසුව බවද වාර්තා වෙයි.

49,693 views

44 Comments to “රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?”

  1. Sira says:

    කුරුණෑගල ඉන්න ගොන් හරක් මදිවාටද තව එකකෙක්

  2. Saman Adikari says:

    Only ONE person is missing in SLPP leadership of that family.It is better give him a chance because his FATHER was champion of war against Tigers of Tamil Eelam. We seek Rohitha Rajapaksa be a Chief Minister of Wayamba Provincial Council nothing wrong.

  3. kamal says:

    ආචාර්ය රෝහිත රාජපක්ෂ

  4. Gajaman says:

    this is one aspect of the vision of prosperity of the present government.

  5. ගමේ බණඩා says:

    මේ අර රොකට් යවපු හාදයා නේද 😁

  6. Jagath says:

    මම නම් හිතන්නේ මේකට හොඳම කෙනා ශිරන්ති රාජපක්ෂ මැතිනිය කියලයි. රෝහිතව අපිට වන්නි ප්‍රදේශයට වගේ දාන්න පුළුවන්. මොකා දැම්මත් කොම්පුටර් ජිල්මාර්ට් තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ උඩින්ම දිනනවා

Main News