ලංකාතිලක පිලිමගෙට හෙණයක් ගහයි..

September 21, 2021 at 10:40 am | lanka C news
ලංකාතිලක පිලිමගෙට හෙණයක් ගහයි..

පොළොන්නරුවේ පිහිටි ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වැදීම හේතුවෙන් හානි සිදු වී තිබේ.

පසුගිය 18 වැනිදා රාත්‍රි කාලයේ පුපුරා ගියා අකුණු සැරයක් පුරාවිද්‍යා ප්‍රදේශයේ පිහිටි ලංකාතිලක පිළිම ගෙයටද වැදී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පිලිමගෙය පරීක්ෂා කිරීමේදී අකුණු වැදීමෙන් හානි සිදු වී ඇති ආකාරයක් දැක ගත් බවයි.

බිත්ති හා ගොඩනැගිල්ලේ ස්තම්භ පුපුරා ඇද්දැයි තවදුරටත් පරීක්ෂණ කරන බවද ඔවුන් කියා සිටී.

62,112 views

22 Comments to “ලංකාතිලක පිලිමගෙට හෙණයක් ගහයි..”

  1. NuwanJ says:

    හම්බන්තොට වරාය වසර 99 ඒවා දෙකකට දෙනකො හෙන ගැහුවෙ නැත්තේ පාලනය යහපාලනය හිද වෙන්න ඇති

  2. Love nature says:

    ලංකාතිලක පිළිමගෙය

    පොළොන්නරු යුගයේ දී දක්නට ලැබෙන ගෙඩිගේ සම්ප්‍රදාය අනුව නිමවා ඇති පිළිමගෙවල් අතුරින් එකක් වන ලංකාතිලක පිළිම ගෙය ඉතාමත් අලංකාර නිර්මාණයක්. නමුත්, පොළොන්නරු යුගයේදී ම ඉදිවුණු තිවංක පිළිමගෙය සහ ථූපාරාම පිළිමගෙයට වඩා වැඩියෙන් මෙය නටබුන් වී ඇති ආකාරය පෙනෙන්නට තිබෙනවා. දිගින් අඩි 170ක් සහ පළලින් අඩි 66ක් පමණ වන මෙම ගොඩනැගිල්ල ඉදිරිපස අඩි 55ක් පමණ උස දැවැන්ත කුළුණු දෙකක් පිහිටා තිබෙනවා. දැනට මෙම ගොඩනැගිල්ලේ ඇති ඉහළම ස්ථානය අඩි 60ක පමණ උසකින් යුක්ත වුවත් අතීතයේ දී මෙහි උස අඩි 100ක් පමණ වන්නට ඇතැ යි අනුමාන කරනවා.
    ලංකාතිලක පිළිමගෙය නටබුන් වී තිබුණු අවදියේ
    මෙම පිළිමගෙය මධ්‍යයේ සමභංග ඉරියව්වෙන් වැඩ සිටින හිටි පිළිමයක් දක්නට ලැබෙනවා. අඩි 41ක් පමණ උසකින් යුක්ත මෙම පිළිමයේ ශීර්ෂය වර්තමානය වන විට දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ක්‍රි.ව. 1840 දී පමණ ඇන්ඩෘ නිකොල් අඳින ලද ලංකාතිලක පිළිමගෙය නම් සිතුවමේ හිස කොටස දක්නට ලැබෙනවා. ඉන් නිගමනය කළ හැක්කේ මෙහි හිස කොටස පසු යුගයේ බිඳවැටී ඇති බව යි. මෙහි ඇති පිළිමය වටා ප්‍රදක්ෂිණා කළ හැකි පරිදි පිළිමය සහ පිටුපස බිත්තිය අතර යම් ඉඩක් තබා තිබෙනවා. එසේම, ලංකාතිලක පිළිමගෙය මත දැවයෙන් කළ ඉහළ මාලයක් තිබුණු බවට සාක්ෂ්‍ය අදටත් මෙහි තිබෙනවා.

  3. පළකයන් මහයකාටම බාරයි,.! says:

    පාළකයන්ට සිදුකරනලද අනතුරැ ඇගවීම් නොසලකා කටයුතු සිදු කරන්න්නම් පළකයන් මහයකාටම බාරයි,.!

  4. විද්‍යාත්මකවremu says:

    එතකොට ටොයියෝ මේවා විද්‍යාත්මකව පැහැදිලි කරනේ නැතිද?

Main News