ලංකාවටම එකයි.. කුණු නැත්තටම නැති කරන ක‍්‍රමයක් ඇඹිලිපිටිය නගර සභාව අරඹයි..

September 2, 2018 at 5:30 pm | lanka C news
ලංකාවටම එකයි.. කුණු නැත්තටම නැති කරන ක‍්‍රමයක් ඇඹිලිපිටිය නගර සභාව අරඹයි..

කුණු සදහා ඉතා සාර්ථක විසදුමක් ලබාදීම සදහා නවීණ තාක්ෂණය භාවිතා කරමින් නවීන පන්නයේ විසදුමක් ලබාදීමට ඇඹිලිපිටිය නගර සභාව සමත්ව ඇත.

ඇඹිලිපිටිය නගරසභාව මගින් ගූගල් ඇප් එකක් හදුන්වා දීම පසුගියදා සිදුවිය.ඒ අනුව මින් ඉදිරියට නගරයේ වැසියන්ට එම ඇප් එක ඩවුන්ලොඩ්කරගැනීම තුලින් දිරණ නොදිරණ අපද්‍රව්‍ය එකතු කරන කුණු ට්‍රැක්ටර් ගමන් ගන්නා මාර්ගය එම ට්‍රැක්ටර් තමන් සිටිනා ස්ථානයට පැමිනෙන වේලාව,දැනගැනීමට හැකියාව ලැබේ.

එපමණක් නොව කිසියම් ස්ථානයක කැලි කසල ඇත්නම් ඕනෑම අයෙකුට එය මැප් එකේ සලකුණු කල හැකි අතර එය ඡායාරූප මාර්ගයෙන්ද දැනුම් දිය හැකිය.නැතිනම් මැප් එකේ කසල තිබෙන ස්තානය සලකුණු කිරීමේ හැකියාව ඇත.කිසියම් පුද්ගලයෙකු මාර්ගයට හෝ වැරදි ස්ථානයකට කුණු දමන්නේ නම් මෙම ඇප් එක හරහා නම්ගම් හෙලි නොකර එය පැමිණිලි කිරීමේ හැකියාවක් ඇත.නැතිනම් කසල තිබෙන ස්ථානය සිතියමේ සලකුනු වනවාත් සමගම නගරසබාවේ අධාල නිළධාරීන් එම ස්ථානයට ආසන්නව තිබෙන ට්‍රැක්ටරය එම ස්ථානයට යවා එම කසල ඉවත්කිරීම සිදුකරනු ලබයි.නගරයේ නගරසභාවේ ලියාපදිංචි ත්‍රී රෝද රථයක් ඉක්මනින් ගෙන්වා ගැනීමට ලගම ඇති ත්‍රී රෝද රථය දුරකථන අංක සහිතව මෙම ඇප් එකෙන් පෙන්වා දෙයි.

පසුගිය දින කිහිපය පුරාවවටම මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීම් සිදුකෙරිණ.මේ වන විට කසල ඉවත්කිරීමේ කටයුතු ඉතා සාර්ථකව මේ හේතුවෙන් සිදුවන බව නගරවාසීන් මෙන්ම නගරසභාවේ නිළධාරීන්ද පවසයි.

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ මහතා කියා සිටියේ මේ තුලින් නගර සබාවට ආධායමක් ලැබෙන බවත් නගරයේ කුණු වර්ග කර ජනතාව ලබා දීමට කටයුතු කරන බවද කීය.

ඇඹිලිපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක හර්ෂ මහතා කියා සිටියේ මේ තුලින් සියයට සියයක් කැලි කසල ගැටලුවට පිළියමක් යෙදිය හැකි බවයි.මෙම ඇප් එක ගූගල් ප්ලේ ස්ටෝ හරහා ඩවුන්ලොඩ් කරගත හැකි බවද එය රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇඹිලිපිටියේම පදිංචි සුරේෂ් මධුසංක නැමැති රැකියා විරහිත උපාධිධාරී තරුණයකු විසින් සකස්කල බවයි.

මෙම තාක්ෂණ ක්‍රමයේ විශේෂත්වය වන්නේ මේ දක්වා ලංකාවේ කිසිදු පලාත්පාලන ආයතනයක හෝ රජයේ වෙනත් ආයතනයක කුණු ඉවත්කිරීම සදහා මෙවැනි ක්‍රමවේදයක් අනුගමනයක කර නොමැතිවීමයි.ඒ අනුව මෙම තාක්ෂනික ක්‍රමවේදය නිර්මාණය කල සුරේෂ් මධුසංක කියා සිටියේ මෙය ඇඹිලිපිටිය නගරසභාව සදහා නොමිලයේ ලබාදුන් බවයි.එපමණක් නොව මෙම ක්‍රමය ලංකාවේ වෙනත් පලාත්පාලන ආයතන ඉල්ලා සිටීනම් ලබාදීමට කටයුතු කරන බවද නිර්මාණකරුකීය.

මෙම ක්‍රමය හේතුවේන් නගර සභාව සදහා නව ආධායම් මාර්ගයක්ද බිහිවී ඇතැයි සභාපති ලලිත් ගමගේ මහතා කීය.මෙම ඇප් එක හරහා වෙළද දැන්වීම්ද විශාල ලෙස වයදම් අඩුවෙන් පලකිරීම මෙන්ම,කසල තොරා ලබාදී‍මේදී කාඩ්බෝඩ් බෝතල් වැනිදෑ නැවත අලවිකර විශාල මුදලක් මේ වන විටත් ලැබෙමින් පවතින බවද සදහන් කරන ලදී.

– ප්‍රගීත් ජනක

33,661 Viewers

14 Comments to “ලංකාවටම එකයි.. කුණු නැත්තටම නැති කරන ක‍්‍රමයක් ඇඹිලිපිටිය නගර සභාව අරඹයි..”

  1. Nim says:

    SURES MADUSANKA PUTHA
    OBATA 1000 Km GANANA KATA EPITA
    RATAKA SITA OBA TA MAGE SUBA PATHUM.
    OBA JATHIKA SAMPATHAK.
    ME SATAHANA THABANNE OBAWA DERIGAN WEEMATI.
    OBATA THERUWAN SARANA HA
    DEVI PIHITA.

  2. Pachaya says:

    Great sons of Sri Lanka. Congratulations
    But I don’t think it would be appreciated by current government. They only take advice from western countries with commission.

  3. ජනක says:

    මෙන්න මිනිස්සු .ඔය ටෙලිෆෝන් වල එල්ලිලා මෝඩකම පැතිරවීම වෙනුවට රටට ලෝකයට වැඩක් වෙන විදියේ නිර්මාණයක් කිරීම මොනතරම් පැසසිය යුතු කරුනක්ද ?දැන් මේ කොළඹ ඉන්න බොරු සෝබන කොල්ලෝ කෙල්ලෝ තමුන්ට තියෙන මහා සම්පත් එක්කවත් මේ රටට වැදගත් වෙන කිසිම නිර්මාණයක් කරලා තිබෙනවද ?හැබැයි ඉතින් මේ කොම්න්ටුව දැක්කම කියන්නනම් ඒවි ඕක මහලොකු වැඩක් නෙවෙයි කෝඩ් කරන්නයි තියෙන්නේ වගේ මොනවා හරි මනස්ගාත හැබැයි තොපි එකෙක්වත් රට වෙනුවෙන් මොන කෙහෙල්මලක්වත් කරේ නෑ නේද මේ ගමේ කොල්ලා ඇරෙන්න .
    සුරේෂ් මදුශංක සහෝදරයාට අපේ ප්‍රණාමය .
    ඔබවැනි දේශ හිතයිෂි දු පුතුන් තව තවත් බිහිවේවා .ක්‍රිකට් පිට්ටනිවල කාලය කන ෆේස් බූක් වල කාලයන කන වුන් දුරුවේවා

  4. Love nature says:

    Sweden now imports about 700,000 tons of garbage per year to help produce electricity and heating for cities such as Helsingborg, a historic coastal hub of about 100,000 people in southwestern Sweden.

  5. රජින්ද says:

    නගර සභාව මේ ඇප් එකේ ඇඩ් දාල යම්කිසි මුදලක් උපයනවානම් ඉන් අවම 50%ක කොටසක්වත් මේ දක්‍ෂ නිර්මාණශීලී ‘රැකියා විරහිත’ තරුණ උපාධිධාරී මහත්මාට ලබා දීම යුතුකමක් බව කිව යුතුය.

  6. sunimal says:

    Sweden is one of the world’s leading nations when it comes to innovating, implementing and exporting cleantech solutions.

    http://swedishcleantech.com/

  7. Amila Gunasekara says:

    Great man

  8. Niru says:

    Very good. Way to go!!

  9. Amarakoon says:

    ආඩම්බරය් පුතා ඔබගේ ප්‍රභාව අප දුටුවා රජරට අහසට එසවූ ඔබට අපේ ප්‍රණාමය

  10. nalaka says:

    great…….work…!!! repect u bro…!!

Main News