ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

May 11, 2021 at 10:00 am | lanka C news
ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සමග සාකච්ඡා කිරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.

එම සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව ද එම එන්නත් ප‍්‍රමාණය මාස් පතා ලබා ගැනීමට හැකියාව ඇති බව දැනට පෙනී යන බවද ඔහු පැවසීය.

එමෙන්ම රුසියාව විසින් ලබා දෙන ‘ස්පුට්නිට්’ එන්නතද ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ‍්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව ජුලි මාසය වන විට වසංගතය අපේ‍්‍රල් මස මුල පැවති ආකාරයටම සාර්ථකව පාලනය කිරීමේ හැකියාව තිබෙන බව විශ්වාසයෙන් කිව හැකි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

එතෙක් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉතා ඔ්නෑකමින් සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ඖෂධ සැපයුම් හා නියමන රජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරුන් කොළඹ සිටින චීන තානාපතිවරයා සමග ඊයේ දිනයේදී මේ ගැන සාකච්චාවක් පවත්වා තිබින.

140,319 views

42 Comments to “ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..”

  1. Sam Fernando says:

    I am sure China will assist us to get rid of the pandemic before it goes worst. This country helped us tremendously to irradicate Tamil tiger terrorism. So the same way it will help us at this crucial juncture. Friends in need are the friends indeed.

    • Rabok says:

      I would like to apply for Chinese citizenship while holding Sri lankan citizenship

    • Boris says:

      Can’t you still guess what are the underlying threats from China? Don’t conclude, they produced this bio weapon in 2015!! How can the cursed for be a friend? And India & China offered help to kill our own people & now firm footed in SL. Be sensible my friend!!

      • Janaka says:

        Above is a comment by western ngo backed coolie writer

      • Sajith Biden says:

        USA is the best friend of Sri Lanka.. They always support sri lanka & other countries..
        USA will donate us their vaccine therefore we don’t need china’s support..
        USA is the best..

  2. 3% ට බය බයියා. says:

    18 වෙනිදා අපේ වැඩෙත් හරි ඕං..2/3 බලයෙන් පෝට් සිටිය සින්නක්කර ලියලා දෙනවා .

    • රටේ එකා says:

      නෑ බන් සේවා සදහා නිදහස් වෙලද කලාපයක් හදනවා. ජෙප්පො කටුනායක නිදහස් වෙලකලාපය හදන්ද්දී කිව්වෙත් ඇමරිකාවට වහල සේවය සපයන්න රටේ නීතියට අයිති නොවන තැනක් හදනවා කියලා. දැන් කටුනායක වෙනම රටක්ද? ඔය ජෙප්පො කියන ඒවා ඇහුවොත් අපිට තව අවුරුදු 20කින් වැඩට යන්න වෙන්නේ බන්ගලිදේශෙට.

  3. Chanaka Perera says:

    28 million population in Sri Lanka . 2 million per month not will be enough to sort out this in July .

  4. පස්වෙනි සරත්, ගම්බට්ටන්ගේ නායක says:

    ඇමති චන්නම ඕකට ගිය එක හොඳයි. නැත්තන් පස්සෙන්පහු කියයි චීනා වඳ ඉන්ජෙක්ෂන් දුන්න කියල

  5. ඇට පුන්චා says:

    චීනය අපිට උදව් කරේ අවුරුදු දහස් ගානකට කලින් ඉදන්. සිරිමාවෝ ඉන්න කාලෙත් බොහෝ උදව් කරා. දෙමළ ඩයස් පෝරාව සහ ජෙප්පන් චීනයට විරුද්ධව කතා කරන්නේ උන්ගේ අරමුණු ලගාකර ගන්න බැරි නිසයි. සජියාට ඇමරිකාව කල් ඉකුත් උන බෙහෙත් ටිකක් හරි දේවි. නමුත් මේ වගේ උදව් නම් ලැබෙන්නේ නැහැ.

  6. රටේ එකා says:

    තේරෙනවද විස එන්නත් කිය කියා චීන එන්නත් පරක්කු කලේ ඇයි කියලා. මිනිස්සු ටිකක් මරාගෙන සර් ෆේල් කියන්න.

  7. Citizen says:

    Talk is enough.Pl do the job as early as possible.

Main News