ලංකාවට අවශ්‍ය දේවල් ලයිස්තුවක් දෙන්න..- චීනය ලංකාවට දන්වයි..

September 23, 2022 at 6:10 am | lanka C news
ලංකාවට අවශ්‍ය දේවල් ලයිස්තුවක් දෙන්න..- චීනය ලංකාවට දන්වයි..

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi shenhong මහතා අරලිගහ ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අගමැතිවරයා මෙහිදී කීවේය.විශේෂයෙන් වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට ලබා දෙන සහායට ස්තූතිය පළ කෙරුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ සදහනක් කළේය.

දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික  මිතුදමක් පවතී. පවතින තත්වය හමුවේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේ දී අවධාරණය කෙරුණි. ආර්ථික ප්‍රශ්න වලට දීර්ඝකාලීන විසඳුම් ලබාදීම සඳහා සෘජු  පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව චීන තානාපති  Qi shenhong   මහතා මෙහිදී කීවේය. චීනය ද එම අරමුදලේ  සාමාජිකයකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට තානාපති වරයා සහතික විය.

චීනය දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් $400,000 වටිනා ආහාර හා අනෙකුත් මානුෂීය ආධාර ලබාදී තිබේ. තවත් අවශ්‍ය දේ ඇත්නම් ඊට අදාල  ලයිස්තුවක් ලබාදෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත චීන ජාතික දින සැමරුම් උත්සවයට අගමැතිවරයා සිය උපහාර පිරිනැමීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද එක්ව සිටියේය.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

54,067 views

10 Comments to “ලංකාවට අවශ්‍ය දේවල් ලයිස්තුවක් දෙන්න..- චීනය ලංකාවට දන්වයි..”

  1. Sir says:

    මෙි හොරැ සෙටි එක චිනෙට අරන් ගිහින් .හර කරගන්න

  2. King Bull says:

    1. හොරකම් කරන්නේ නැති නායකයෙක් . ( මේඩ් ඉන් චයිනා නම් එපා . පගා දෙන්න පප්පල )

  3. Citizen says:

    Just re schedule all our loans… Convert all outstanding balances to a long term loan at a lower interest rate..

  4. Sri Lankan says:

    A shipment of Fertiliser…..???? Oh..No..!!!!!

  5. Pronto says:

    එයා ehema කිව්වලු; meya mehema කිව්වලු.අපි නම් danne නැහැ ඕවා ඇත්තමද කියල.

  6. saman says:

    මටත් පාන් ගෙඩි 2ක් ඕනේ

  7. දේශපාලුවෝ says:

    ඉන්න දේශපාලුවෝ වෙනුවට අවoක නායකයෝ කිහිප දෙනෙක් දුන්නනම් හොදටම ඇති.

  8. බඩු කාරයා says:

    චයිනීස් කෑල්ලක් සෙට් කරලා දෙනවා නම් වෙන මුකුත් එපා. (බැක්සයිඩ් ඕ. කේ. නම් තවත් හොඳයි.)

  9. කුඹුක්කණ් says:

    අපිට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් දෙන්න

    1. ඩොලර්
    2. ඩොලර්
    3. ඩොලර්
    .
    .
    .
    .
    .
    ඩොලර්

    ඕක දීපං ඉතුරු ටික අපි බලාගන්නං

  10. David Milli-banda says:

    Thank you China. Prevent falling into the Western trap. DO NOT RE-SCHDULE THE LOANS.

    Do not Re-schedule loans, China.
    Our loans are up to 85% taken from the West.

    China must takeover the projects and run them and share profits 1/3 to SL & 2/3rds to China.
    This will prevent West stamping their Jack Boots in Sri Lanka.

    Thereby can maintain an East West balance on SL Soil.

Leave a Comment

Main News