ලංකාවට ඇමරිකාවෙන් එන්නත් තොගයක්.. ඇස්ටසෙනිකා ගැටළුව විසදෙන ලකුණු..

June 4, 2021 at 8:02 am | lanka C news
ලංකාවට ඇමරිකාවෙන් එන්නත් තොගයක්.. ඇස්ටසෙනිකා ගැටළුව විසදෙන ලකුණු..

තමන් සතු අතිරික්ත එන්නත් ලොව පුරා බෙදා හැරීමේ වැඩසටහන යටතේ මුලින්ම එන්නත් ලබා දෙන රටවල් අතරට ඇ.එ. ජනපදය ශ්‍රී ලංකාව ද ඇතුල් කර ඇති බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය නිකුත් කල නිවේදනයට අනුව මෙම ජුනි මාසය තුල එන්නත් මාත්‍රා මිලියන 25ක් ලොව පුරා බෙදා හැරීමට ඇ.එ. ජනපදය තීරණය කර ඇත.

ඒ යටතේ හදිසි මානුෂික අවශ්‍යතා සහ යුද ගැටුම් පවතින කලාපවලට මිලියන 7ක්, ලතින් ඇමෙරිකාවට මිලියන 6ක්, දකුණු සහ අගනිදිග ආසියාතික රටවලට මිලියන 7ක්, අප්‍රිකානු රටවලට මිලියන 5ක් එන්නත් හිමි වේ.

ශ්‍රී ලංකාවට කුමන එන්නත් ප්‍රමාණයක් කුමන ප්‍රමාණවලින් ලැබෙන්නේදැයි මේ වන තෙක් නිවේදනය කර නැති නමුත් දැනට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් අවම මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇත.

repoter

49,108 views

17 Comments to “ලංකාවට ඇමරිකාවෙන් එන්නත් තොගයක්.. ඇස්ටසෙනිකා ගැටළුව විසදෙන ලකුණු..”

  1. ගොන් බයියා says:

    ඔය ඇමරිකන් එන්නත කලින් සීමා වෙලා තිබ්බෙ රාජපක්ෂ හාමුලට විතරයි.

    • පල හු says:

      අනේ පල ගොබ්බයා යන්න මේ රටේ ලක්ෂ 6කට වා පිරිසකට එන්නත් කරලා තියෙන්නේ ඔය එන්නත කියන එක තෝ නොදන්නවට මිනිස්සු දන්නව. තෝ පුප දෙන වෙලාවක හාමුගෙන් අහගනින්කො.

  2. lotus says:

    HELA Yakkunta American ewa epa

    • යකා says:

      යක්කුන්ට නෙවෙයි මිනිස්සුන්ට බං එන්නත් ගේන්නෙ