ලංකාවට ඇමරිකාවෙන් එන්නත් තොගයක්.. ඇස්ටසෙනිකා ගැටළුව විසදෙන ලකුණු..

June 4, 2021 at 8:02 am | lanka C news
ලංකාවට ඇමරිකාවෙන් එන්නත් තොගයක්.. ඇස්ටසෙනිකා ගැටළුව විසදෙන ලකුණු..

තමන් සතු අතිරික්ත එන්නත් ලොව පුරා බෙදා හැරීමේ වැඩසටහන යටතේ මුලින්ම එන්නත් ලබා දෙන රටවල් අතරට ඇ.එ. ජනපදය ශ්‍රී ලංකාව ද ඇතුල් කර ඇති බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය නිකුත් කල නිවේදනයට අනුව මෙම ජුනි මාසය තුල එන්නත් මාත්‍රා මිලියන 25ක් ලොව පුරා බෙදා හැරීමට ඇ.එ. ජනපදය තීරණය කර ඇත.

ඒ යටතේ හදිසි මානුෂික අවශ්‍යතා සහ යුද ගැටුම් පවතින කලාපවලට මිලියන 7ක්, ලතින් ඇමෙරිකාවට මිලියන 6ක්, දකුණු සහ අගනිදිග ආසියාතික රටවලට මිලියන 7ක්, අප්‍රිකානු රටවලට මිලියන 5ක් එන්නත් හිමි වේ.

ශ්‍රී ලංකාවට කුමන එන්නත් ප්‍රමාණයක් කුමන ප්‍රමාණවලින් ලැබෙන්නේදැයි මේ වන තෙක් නිවේදනය කර නැති නමුත් දැනට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් අවම මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇත.

repoter

49,167 views

17 Comments to “ලංකාවට ඇමරිකාවෙන් එන්නත් තොගයක්.. ඇස්ටසෙනිකා ගැටළුව විසදෙන ලකුණු..”

  1. බූරු පුතාණෝ සජියා says:

    ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 6 තමයි ඉක්මනටම ගෙනෙන්න ඕනැ.

  2. Sam Fernando says:

    Beware:
    The USA has stopped this Astrazeneka jab 2 months ago due to fatal blood clotting cases and severe side effects. Now they are trying to donate them to third world countries. Our health officials should limit this controversial vaccine to be given only for the people who have already received first shot of Astrazeneca and should keep a closer observation for any side effects. Most of the EU countries have suspended this vaccine.
    Our health officials should expedite administering Cinopharm and Sputnik V as soon as they arrive in the country. These two vaccines are reportedly the best so far and they have the highest efficacy and no side effects.

    • Banda says:

      This is what happens when a medicine is approved for “Emergency Use” which means testing / evaluation of the medicine is still in progress. Hopefully the health authorities are more careful now in administering the vaccinations to the correct age groups. Yes. We should focus on completing the two shot vaccinations first based on confirmed supplies without expanding too fast.

    • පරීක්ෂණ මීයා says:

      ඇස්ට්‍රා සෙනෙකා හදන්නේ අළුත් ක්‍රමයට, ඒ අනුව එන්නතේ ඇති වෛරස් ජාන කොටස් වලට සෛල වල න්‍යෂ්ටියට යන්න ඉඩ ලැබෙනවා. සතියකට විතර කලින් නිකුත් වූ පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි හොයා ගත්තේ ඒක නිසා තමයි ලේ කැටි ගැසීම් ආදී නරක ප්‍රතිඵල ඒ වැක්සීන් එකෙන් ලැබෙන්නේ කියලා. දින කිහිපයට කලින් ඊශ්‍රායල් පරීක්ෂණයකිනුත් සොයා ගත්තා ෆයිසර් වැක්සීන් එකෙනුත් හදවත විශාල කිරීමේ අතුරු ආබාධයක් ඇති බව.

      සයිනෝෆාම් හදන්නේ සාර්ථකව පෝලියෝ එන්නත් ආදිය හදපු පැරණි ක්‍රමයට. ඒ නිසයි වඩා ආරක්ෂාකාරී.

      තව යුරෝපා රටකිනුත් (නම අමතකයි) මාස කිහිපයකට කලින් තීරණය කළා ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර් වගේ එන්නත් තම ජනතාවට නොදී, ඒ තොග තුන් වෙනි ලෝකේ රට වලට යවන්න. නුවණ ඇත්තෝ තේරුම් ගනිත්වා!

  3. MCC says:

    MCC දෙයියා…එන්නත් හොදයි.ඇමෙරිකාව හොදයි…MCC ඕනෑ. ඩිජිටල් ඇමතිට MCC වාසනාවක් ඇත

  4. කොරෝනා පරීක්ෂක says:

    කොරෝනා හැදී සුව වුණා කියා ගෙදර යන අයට ආයෙත් කොරෝනා හැදුනා කියන්නේ මුලින් කොරෝනා හැදී තිබුණේ නැද්ද? කොරෝනා හැදුනේ රෝහලෙන්ද?

  5. Sinhala Baudha Deshapremi says:

    Apita Oni Chinese witharai. …

  6. Niru says:

    America woken up by the Chinese giant.

  7. Gamini Senanayake says:

    Don’t get assistance.these are imperialist conspiracy of Amarica. They are trying to donate vaccines and try to get our national resources as China.

  8. සිත නිවන කතා.. says:

    එක්ස්පයාර් වෙච්ච ඉන්ජෙක්ෂන් මුදට දාන්න ද ?

  9. ච්ං චුං බයියා says:

    ඇට නම ලක්ෂයේ දේශප්‍රේමී කට්ටිය ට ඒවා දෙන්න එපා.දේශද්‍රෝහි
    කට්ටියට ගහන්න .

  10. ලංකාවේ මිලියනයකට ඇස්ට්‍රසේනිකා ලබාදී මි.භාගයකට දෙවන මත්‍රවද දී අවසන්. මොන අතුරුඅභාදයක්වත් දකින්නට නැත.
    එදත් අදත් ඔක්ස්ෆර්ඩ් ඖෂධ වල අනගි බව අවිවාදිතයි.
    මොලයේ ලේ කැටි ගැසීම එම රටවල පැවතුනු රෝගයකි. එම අවදානම ඇති අයටයි එන්නතෙන් එය උත්සන්න වුනේ.

Main News