ලංකාවට කොකා පෙන්වා වොක්ස්වගන් ඉන්දියා ටටා සමග කර්මාන්ත ශාලාවක් අරඹයි..
March 10, 2017 at 10:11 pm | lanka C news
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව ජනවාරි 3 වෙනිදා කුලියාපිටියේ දි ආරම්භ කිරිමට මුල් ගල තිබු මෝටර් රථ කර්මාන්තශාලාව වොක්ස්වගන් කර්මාන්තශාලාව නොවන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගිය දා ප්‍රකාශ කලේය.
එයට ප්‍රධාන හේතුව එම සමාගමේ සභාපතිවරයා ලංකාවේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට එකග වී තිබුනත් එම සමාගමට නඩු තියෙන නිසා එම සමාගම කැදෙව්වේ නැති බවයි. එසේ වුනා නම් වාහන නිෂ්පාදන කරන්න නොහැකිවන නිසා අප්‍රිකාවේ ඝානාවල වෙස්ට්ර්න් ඔටෝමොබයිල් සමාගම කැදෙව්ව බව අගමැතිවරයා ප්‍රකාශ කරන ලදි.
එහෙත් ලෝකයේ ඔටෝමොබයිල් ( මෝටර් රථ) නිෂ්පාදකයන් අතර 2 වෙනි විශාලතම සමාගම වන වොක්ස්වගන් සමාගම හිමිකම් කියයි. එම සමාගම අද ඉන්දියාවේ ලොකුම මෝටර් රථ නිෂ්පාදකයා වන ටටා TATA සමාගම සමග හවුල් ව්‍යායාපාරයක් සඳහා අත්සන් කල බව ලෝක රොයිටර් සේවාව වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාවේ වෙළෙඳපොළ සඳහා වොක්ස්වගන්, ස්කෝඩා සහ ටටා යන ජනප්‍රිය වෙළෙඳ නාමය යටතේ මෝටර් රථ නිෂ්පාදනය කොට ඉන්දීය වෙළෙඳපොළට මෙන්ම ශ්‍රීලංකාව වැනි දකුණු ආසියානු රටවලටත් අපනයනය කරනු ඇත.
කෝ මේ පෙරේරා
වොක්ස්වැගන් සමාගම සම්බන්ධයෙන් තමන් එදා කීවේ බොරු නොවන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
කොළඹ සිටින නොයෙල් සෙල්වනායගම් නැමැත්තාට මෝටර් රථ කොටස් ආනයනය කොට එවා එකලැස් කොට අලෙවි කිරීමට අවශ්‍ය වාහන අංගනයක් සඳහා රටේ පුන්‍ය සම්පත් භාරව කටයුතු කරන මහා භාරකාරත්වයට අයිති කුලියාපිටිය ලබුයායේ මහා නුගලන්ද නැමති අගනා ඉඩම ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මගින් වොක්ස්වගන් මෝටර් රථ කර්මාන්තශාලාවක් ඉදිකිරිමට යයි දැනුම් දී මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කොට වෙස්ට්ර්න් ඔටෝමොබයිල් සමාගමට පෑවරීම සිදු කොට ඇත.
දැන් ඔය අලුත් ෆොක්ස්වැගන් වලත් එන් ජිම තියෙන්නෙ පස්ස පැත්තෙද ? රට පාලනේ කරන සමනල බමුණෝ සෙට් එක ෆොක්ස්වගන් වලට මැරෙන්න හැදුවෙ ඕක තමයි.
ලංකාවට දැන් කොකා පෙන්වන්නෙ නැති රටක් නැහැනොවැ.. අන්තිමට ඇමරිකාවත් නැහැ, යුරෝපයත් නැහැ, කවුරුවත් එන්නෙ නැහැ.
දැන්නම් සිරිසේනටත් අචාරී පට්ටමක් දෙන්න හොඳ කාලෙ.
ko me cham pakka ?
නිශ්පාදන කර්මාන්තයක් හැටියට දැනට ලංකාවෙ සාර්ථකව කොරන්න පුලුවන් එකම දේ අැඟලුම් කර්මාන්තය විතරය්. සාර්ථක කාර් නිශ්පාදනයක් කොරන්න අවශ්‍ය ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆ්ස්රට්රක්චර් එකක් අපට නැහැ. මයික්‍රෝ අායතනය වගෙ වාහන කෑලි ගෙනත් සුලු වශයෙන් එකට අමුනල මේ රට තුල පමනක් විකුනන්න නම් පුලුවන්. එ් වැඩෙත් දේසපාලුවන්ට ජරාව දෙන්නෙ නැතුව නම් කොරන්න ලෙහෙසි නැහැ. පොහොසත් රටක් වන මැලේසියාවටත් සාර්ථකව වාහන නිශ්පාදනයක් කොරන්න බැරි බව මෝඩ යහපාලුවන්ට පෙනෙන්නෙ නැති හැටි. දැනුම, පලපුරැද්ද සහ සංචාරකයන් කේන්ද්‍ර කරගෙන මහින්ද අත්තිවාරම දමපු හම්බන්තොට හාබර් එක, නැව්වලට අාරක්ෂාව සපයන එක වැනි දේ තමය් ලංකාවෙ සාර්ථකව කොරන්න පුලුවන් දේ.
වොක්ස්වැගන් සමාගම ලංකාවට කොකා පෙන්නුවේ නැහැ….. ඒ මොකද, ඒ සමාගම කිසිම දවසක ලංකාවේ ආයෝජනයක් කරනවා කියලා ප්‍රකාශ කරලාවත් තිබුණේ නැහැ.
ඔය වොක්ස්වැගන් බොරුවේ සුලමුල මෙහෙමයි: එක්තරා රූපවාහිනී නාලිකාවක පැවැත්වුණු සජීවී දේශපාලන සංවාදයකදී අසීරු තැනකට වැටුණු හර්ෂ ද සිල්වා ඇමතිවරයා එතැනින් ගොඩ එන්න කියපු වොක්ස්වැගන් බොරුව පසුව මහා හා හූවක් වුණා. ඕක තමයි ඇත්ත ම සිද්ධිය.
ජූඒම්පියට රෙදි නැතුව කඩේ යන නාලක උඹ හිතන්නෙ අපි මැරල ඉපදිලා කියලද? චන්දෙ දවස් වල ඔය බේගලේ රනිල් උන්නැහෙ රස කර කර කිව්වා විතරක් නෙවෙය් ජර්මන් තානාපති ලව්වත් කියවල මිනිස්සු අැන්දුව කියල අපිට නම් හොඳට මතකය්. විකි පීඩියා එකෙන් හොයල පෙන්වන්නද?
අනේ පලයං සෙවල බණ්ඩෝ යන්න…. ඔය පචේ රනිල් රස කර කර කිව්වා තමයි. ඒ කිව්වේ හර්ෂයාගේ ලණුව කාලා. යකෝ ජර්මන් තානාපති වොක්ස්වැගන් සමාගමේ නිලධාරියෙක් නෙවෙයි. ඒ මිනිහට කොහෙන්ද බලයක් ලැබුණේ ඒ සමාගම වෙනුවෙන් කතා කරන්න? උඹ ඕකවත් තේරුම් ගන්න බැරි මැටි හරකෙක්.
දැන් විකිපීඩියාවේ තියනවා මහින්ද යුද අපරාධ කළා කියලා. උඹ ඒකත් පිළිගන්නවද? යකෝ විකිපීඩියාවේ තියෙන ඔක්කොම ඒවා විශ්වාස කරන්න ගියොත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. කාට හරි කියපන් උඹේ බෙල්ල වටේට කඹයක් දාලා කණුවක බඳින්න කියලා…. මැටි හරකා.