ලංකාවට ඒමට නොහැකිවීමෙන් විදෙස්ගත ලාංකිකයෝ කුපිත වෙති.. රටවල් කිහිපයක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලවලට පොලිස් ආරක්‍ෂාව…

June 1, 2020 at 3:00 pm | lanka C news
ලංකාවට ඒමට නොහැකිවීමෙන් විදෙස්ගත ලාංකිකයෝ කුපිත වෙති.. රටවල් කිහිපයක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලවලට පොලිස් ආරක්‍ෂාව…

මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් කුවේට් මාලදිවයින සහ සීෂෙල්ස් යන රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට නොහැකි වීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටියි.

ඒ හේතුවෙන් ඔවුන්ගෙන් හානි වේ යයි සිතා එම රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යමණ්ඩල වලට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එම රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුට ආහාර පාන මෙන්ම නවාතැන්ද සොයා ගැනීමට දුෂ්කර වී තිබේ.

එමෙන්ම කුවේටයේ දී මෙම තත්වය වඩාත් දරුණු වී ඇත්තේ ඔවුන් වලංගු වීසා කාලය ද ඉක්මවා ඇති අතර සමහරුන්ට වෛරස ආසාදන වී ප්‍රතිකාර පවා ලබා ගැනීමට දුෂ්කර වී ඇති හෙයිනි.

කුවේටයේ පමණක් 17000 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී.

354 views
Main News