ලංකාවට ගෙන්වන ඖෂධවලින් 80%ක් ලෝකයේ වෙන කිසිම රටක් භාවිත කරන්නේ නෑ..- ජනාධිපති කොමිසමට පැමිණිලි කෙරේ…

April 3, 2019 at 3:00 pm | lanka C news
ලංකාවට ගෙන්වන ඖෂධවලින් 80%ක් ලෝකයේ වෙන කිසිම රටක් භාවිත කරන්නේ නෑ..- ජනාධිපති කොමිසමට පැමිණිලි කෙරේ…

මෙරටට විදේශයන්ගෙන් ගෙන්වනු ලබන ඖෂධවලින් 80%ක්ම ලෝකයේ වෙනත් කිසිදු රටක් භාවිත කරන්නේ නැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ 2015-2018 දක්වා වූ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්කි දෙමිනි.

ශ්‍රී ලංකාවට මිල අධික ඖෂධ ගෙන්වන නමුත් ඒවා ගුණාත්මකභාවයෙන් ඉතා අඩු බවද ඔහු පෙන්වා දුන්නේය.

පියයුරු පිලිකා රෝගීන්ට රුසියාවෙන් වෙන්න ඖෂධය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එම ඖෂධය නිකුත් කර ඇත්තේ රුසියාවේ ඖෂධ නියාමන අධිකාරිය නොවන බවත් එරට කර්මාන්ත හා වෙළෙඳ සම්මේලනයෙන් බවත්ය.

14,584 Viewers

4 Comments to “ලංකාවට ගෙන්වන ඖෂධවලින් 80%ක් ලෝකයේ වෙන කිසිම රටක් භාවිත කරන්නේ නෑ..- ජනාධිපති කොමිසමට පැමිණිලි කෙරේ…”

  1. රත්නසේන says:

    මේ රට නම් මේ කපේදි මේ පාදඩ දේශපාලකයෝ රැලෙන් බේර ගන්න නම් බැ!

  2. Tikiri says:

    රාජිත මහත්තොයො මෙවට උත්තර බලාපොරොත්තු වෙමු.මිළ අඩු කරා කියලා බෙරිහන් දෙන්නෙ ලෝකයෙ කවුරුත් පාවිච් නොකරන ඖෂධ ගෙන්වලා නෙද.?

  3. Dushantha says:

    එහෙම කියන්ඩ එපා. කක්කුස්සි කටයි මෝඩ පුතයි දෙන්නා ඒවා චෙක් කරලා ගේන්නෙ. ඕන් නන් අහලා බලන්ඩ.

  4. sunimal says:

    රාජිතගේ සුවපති කිරුළ බිම වැටෙයි ද?

Main News