ලංකාවට ගෙනෙන්න හදපු අරාබි වසන්තය නවතපු හැටි මෙන්න..
December 13, 2018 at 11:20 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය අහිමි වූ පසුවත් අරලියගහ මන්දිරයේ රැඳී සිටීමෙන් සහ පාච රණවක අර්ජුන රණතුංග වැනි හිටපු අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුර අහිමි වූ පසුවත් අනවසරයෙන් අමාත්‍යාංශ වෙත ඇතුල් වීමෙන් ඔවුන් රට තුළ ගැටුම් කාරී තත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගිය සදුදා දින (11.10) හිරු ටීවී සලකුණ වැඩසටහණ හා එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කළේ ආණ්ඩුවට හිතවත් ජනතාව සහ විපක්ෂයේ කල්ලි අතර ගැටුමක් නිර්මාණය කර ඉන් සිදු වන විනාශය හමුවේ විදෙස් මැදිහත් වීමක් සිදුකර ගැනීමට විපක්ෂය උත්සාහ දැරූ බවයි. එජාපය ඇතුළු විපක්ෂයට අරාබි වසන්තය රටතුල ගොඩනැගීම අවශ්‍ය වුවද රජය ඉතා ඉවසිලිවන්තව ක්‍රියා කරමින් එම තත්වයට කිසිදු ඉඩක් ලබා නොදුන් බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාච රණවක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට අමාත්‍යංශ වැයශිර්ෂ වලින් මුදල් ලබා ගැනීම තහනම් කරමින් යෝජනා සම්මත කර ගැනීම හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීම කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොර බව ව්‍යවස්ථාව උපුටා දක්වමින් පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා ඒ කෙසේ වෙතත් එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරන්නැතුව සන්දීප් වගේ හප්පලා ආබාධිත කරන්නේ නැතුව සුකී තිලකසිරි වගේ පැහැරගෙන ගොස් කරන්ට් අල්ලන්නේ නැතුව මාරසිංහට වගේ මැර ප්රහාරයන්ට ලක් කරන්නේ නැතුව රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන ඇවිත් ප්‍රශ්න කිරීම වඩා හොඳ තත්වයක් යැයි ද ප්‍රකාශ කලේය.
මීට අමතරව රටේ වත්මන් තත්වය පිළිබඳව ක්ෂේත්රයන් ගණනාවක් ඔස්සේ කරුණු පැහැදිලි කිරීම් මෙම වැඩසටහනේදී සිදුවිය.
Gommanpila Mona neetignayekda? Kiyaapu neethi tarka kisiwak ada wena turu Hari giihin netha.kaiwaruwa witaramay okage.
තොගෙත් ඉතින් කොන කපපු එක විතරනේ වෙලා තියෙන්නේ.පොනියගේ බෝල මිරිකන්න නම් ඒ ඇති.
මේ කතාව හොදින් අහන්න. බටහිර උදව් ඇතිව රට අල්ලන රනිල්ගේ හීන් නූලේ මෙහෙයුම අකුරක් නැතිව මෙතනදී කියවෙනවා.
කිසිම වැඩකට නැති කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කරලා නාගන්න මෙතුමා හොඳට දන්නවා. ඔබතුමා ඔච්චර පොරක් නම් පිවිතුරු හෙළ උරුමයෙන් තනියම චන්දෙ ඉල්ලන්නකෝ. ඔයා කට ඇරියොත් සවුත්තු වෙන්නේ මහින්ද මහත්තයා. දැන්වත් ගොන්කතා නොකියා පැත්තකට වෙන්නකෝ.
Thank you Gammanpila for the explanation. You and Weerawansa are saviours of our nation. Mahinda need more of you and not a Welgama.