ලංකාවට තවත් ප‍්‍රහාරයක් සූදානම්.. අලුත් ත‍්‍රස්ත නායකයා කටාර් සිට ලංකාවට..- විදෙස් මාධ්‍ය කියයි..

April 23, 2019 at 10:19 pm | lanka C news
ලංකාවට තවත් ප‍්‍රහාරයක් සූදානම්.. අලුත් ත‍්‍රස්ත නායකයා කටාර් සිට ලංකාවට..- විදෙස් මාධ්‍ය කියයි..

ජාතික තව්හීද් ජමාත් සංවිධානය නැවතත් ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම සංවිධානයේ ‘ජලාල් අල් කුයිටාල්’ විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සූදානමක් ඇති බව ‘හින්දුස්තාන් ටයිම්ස්’ වාර්තාවේ දැක්වෙයි.

ජාතික තව්හීද් ජමාත්හි නායකයා වූ සහාරාන් හෂීම්ගෙන් පසු නවුෆර් මවුලවි නම් ඔහුගේ ඥාති සොහොයරකු එහි නායකත්වයට පත් කර ඇතැයිද සදහන්ය.

මෙම නව නායකයා සංවිධානය මෙහෙයවීම සදහා කටාර්හි සිට ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ දන්වා තිබේ.

212 views
Main News