ලංකාවට 5G දෙන බව ඩයලොග් කියයි.. ෆේස්බුක් ගිණුමට පාරිභෝගිකයන්ගෙන් දැඩි විවේචන…

April 3, 2019 at 3:26 am | lanka C news
ලංකාවට 5G දෙන බව ඩයලොග් කියයි.. ෆේස්බුක් ගිණුමට පාරිභෝගිකයන්ගෙන් දැඩි විවේචන…

මෙරට විශාලතම ජංගම දුරකථන ජාලය සහ විශාලතම අන්තර්ජාල සේවා සපයන්නෙකු වන ඩයලොග් සමාගම විසින් මෙරට තුල මුල්වරට 5 තාක්ෂණය හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන්නේ එය දකුණු ආසියාවේ මුල්වරට මෙරටදී සිදුවන බවයි.

කෙසේ වෙතත් ඩයලොග් ෆේස්බුක් නිල පිටුවට ප්‍රතිචාර දක්වමින් මෙරට ඇතැම් සමාජ ජාල පරිශීලකයන් සමාගමේ සේවා සැපයීම සම්බන්ධයෙන් එල්ල කරමින් සිටින්නේ දැඩි විවේචනයන්ය.

කෙසේ වෙතත් මෙරට දැනට ඇති අන්තර්ජාල හා දුරකනත සේවා සපයන්නන් අතරින් ඩයලොග් සමාගම ඉතා ඉදිරියෙන් සිටින බව පොදු පිලිගැනීමයි.

138 views

2 Comments to “ලංකාවට 5G දෙන බව ඩයලොග් කියයි.. ෆේස්බුක් ගිණුමට පාරිභෝගිකයන්ගෙන් දැඩි විවේචන…”

  1. Mahees says:

    please check the radiation for all mobile companies they use the standard waves most of the birds missing due to high radiation also affecting the human as well

  2. nimesh says:

    ගුවන් විදුලි, රුපවාහිනි විකාශන සහ දුරකථන කුළුණු වලින් අධිකව නිකුත් වන අහිතකර විකිරණයන් සතුන් ගහකොළට පමණක් නොව මිනිසුන්ටද ඉතා හානි කරයි. ඉවක් බවක් නැතිව හැමතැනම ඉදිවන මෙවන් කුළුණු තුලින් පිටවන radiation මිනිසුන් රෝගීන් කරයි. අන්තර්ජාලයෙන් මේ පිළිබධව ඔබට කරුණු සොයා ගත හැක. ඇතැම් රටවල මෙවැනි කුළුණු ඉදි කිරීම් සීමා කර ඇති අතර සන්නිවේදන සහ විද්‍යුත් මාධ්‍ය සදහා වැඩි වශයෙන් කේබල් ජාලයන් (fiber / copper) භාවිතා කරයි.

    එසේම නිවෙස්, පාසැල් සහ රැකියා ස්ථාන තුල ඇති විකිරණ නිකුත් වන උපකරණද (wifi සහිත උපකරණ, ජංගම දුරකථන ආදිය) හැකිතාක් සීමා කලයුතු අතර මිනිසුන් සමීපයෙන් ඈත් කර තබන්න. WiFi වෙනුවට කේබල් සම්බන්ධතා හැකි සෑම විටම භාවිතා කරන්න. කුඩා දරුවන් හට ජංගම දුරකථන හෝ දත්ත සම්බන්ධතා සහිත ටැබ් භාවිතයට නොදෙන්න.
    වර්තමාන තාක්ෂණික ලෝකය තුල මෙය ඉතා අසීරු කරුණක් වුවත්, මිනිසුන්ගේ නිරෝගී කම සියල්ලටම වඩා වැදගත් බව සිහියට ගන්න.
    එනිසා වර්තමානයේ අපි මේවා ඉතා පරිස්සමින් සහ හානි අවම වන ලෙස භාවිතයට ගනිමු.

Main News