ලංකාවට නිදහස් ලැබී වසර තිහයි(30) .. 70 නිදහස් දින සමරුව අමතමින් ජනාධිපති කියයි..

February 4, 2018 at 10:40 am | lanka C news
ලංකාවට නිදහස් ලැබී වසර තිහයි(30) .. 70 නිදහස් දින සමරුව අමතමින් ජනාධිපති කියයි..

70 වන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවති නිදහස් දින උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය අමතනු ලැබීය.

එහිදී පැමිණ සිටි සියළු පරිසගෙන් අවසර ගත් ඔහු සිය කතාවේ මුල් අවස්ථාවේදීම කියා සිටියේ ශ‍්‍රී ලංකාවට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර තිහක් අදට ගතවය බවයි.

කෙසේ වෙතත් පසු අවස්ථාවකදී ඔහු කියා සිටියේ නිදහස ලැබී වසර 70ක් බවයි.

‘අප අද ඉතාමත් ගෞරවයෙන් ඒ වගේම අභිමානයෙන් අප සිහිපත් කරන්නේ අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර 30ක් (තිහක්) ගතවන ඒ ඓතිහාසික නිදහස් සමරුවයි’ ලෙස ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කලේය.

රට සංවර්ධනය කිරීමට නම් නොකිලිටි දේශපාලනයක් උවමනා බවද කී ජනාධිපතිවරයා වසර සියයක් පැරණි මුල්‍ය හා පරිපාලන රෙගුලාසි රටේ සංවර්ධණයයට හා රාජ්‍ය සේවායේ කාර්යක්‍ෂමතාවයට බාධාවක් වී ඇති නිසා ඒවා වෙනස් කල යුතුව ඇති බව කියා සිටියේය.

දේශපේ‍්‍රමය යනු සියළු දෙනා මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද ඔහු එහිදී සදහන් කලේය.

එම වීඩියෝව මෙතනින්

122 views

24 Comments to “ලංකාවට නිදහස් ලැබී වසර තිහයි(30) .. 70 නිදහස් දින සමරුව අමතමින් ජනාධිපති කියයි..”

  1. Ranjan oyaa hariyatama hari. Oya hema yahapalane para ballekma Saha unta chande dunmoda kelloi kolloi ethulu paragethi hema kenekmai me thaththvayata vagakiyanna one.

  2. Upali says:

    ඇත්තටම අපිට බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්න නිදහස ලැබුනේ 1972 ජනරජ වෙවස්තාවෙන්. ඒ වෙවස්තාව හදන්න සිරිමා මැතිනියගේ රජයේ ආචාර්‍ය කොල්වින් ට සහය වුනා එජාපේ ඩඩ්ලි සේනානායක මහතා ඇතුලු සියලු පක්ශ නායකයින්. ඒ නිසා අපිට පූර්න නිදහස ලැබී අවුරුදු 46 යි . ( 70 නොවේ )

  3. බටලන්දෙ රනිල් says:

    ලංකාවෙ නිදහස් දිනය දන්නෙ නෑති, ග්‍රාමසේවක වෑඩේ හරියට කරගන්ඩ බෑරිඋන බූරුවෙක් ජනාදිපති කරපු උන්ට, උගේ මඩුවල්ගෙම ගහන්න ඔනෙ.

    බටලන්දෙ රනිල්

  4. duminda says:

    atheethaya amathaka weema maanasika rogayaki……..

  5. Somapaaala says:

    Wahal kamen galawila aurudu 30k newei aurudu 3y hitan …
    Mmm ..Tawama naaa wage hutan ?

Main News